මුන් තුන් දෙනා ඇත්තටම සුපිරිම වැඩකාරයෝ….කතා දෙකක් නැහැ. මාරම ටැලන්ට් එකක් මේකනම්

සජිත ඇන්තනි කියන්නේ ජැක්සන් ඇන්තනිගේ පුතා. ඔහු දක්ෂ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. නදීමාල් කියන්නේ අමල් පෙරේරාගේ පුතා. ඔහුගේ පියා මෙන්ම සීයාද දක්ෂ සන්ගීතඥයන්ය. සනුක වික්‍රමසිංහ කියන්නේ මේ වෙද්දී රටේ ඇති දක්ෂ තරුණ ගායකයෙකි. ඔහුගේ පියා සංගීත් වික්‍රමසිංහ සහ සීයාද ලංකාවේ දක්ෂ සංගීත ශිල්පීන්ය.

නදීමාල්, සජිත සහ සනුක එක්ව කල මේ අපුරු, වෙනස්ම ගායනය ඔවුන්ගේ දක්ෂතාව මනාව පෙන්වූවා. බලන්නකෝ තුන් දෙනාගේ හැකියාව කොහොමද කියලා.

අනන්ත බාධක මැද අඩු වයසින් බලෙන් විවාහ කර දුන් ඇය රටම හොල්ලයි. – වීඩියෝ.

කුඩා වයසේදී තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙකුට විවාහ කරදුන් දැරියක් අවසානයේ කිසිවෙකු නොසිතූ ලෙස ක්‍රීඩාවෙන් ජීවිතය වෙන්ස්කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිතූ නම් මෙම මල්ලවපොර ශූරියගේ මෙම කතාව වාර්තාවන්නේ ඉන්දියාවෙන්.

ඇයගේ වයස අවුරුදු 12 වනවිට වයසින් වැඩි පුරුෂයෙකු සමඟ විවාහ වීමට සිදුවනවා.

එම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළුණු අයෙකු බවයි ඇය විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මාස දෙකකට පසුව නැවතත් නීතූ වෙනත් පුද්ගලයෙකුට විවාහකරදී තිබෙනවා.

ඇයට වයස අවුරුදු 14 දී නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුණු අතර අනතුරුව තමන් මෙම ක්‍රීඩාවට යොමු වූ බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

සියලු බාධක ජයගත් ඇය අනතුරුව 2015 වසරේ ඉන්දියාවේ ජාතික මල්ලවපොර තරඟාවලියේ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමඟ සියල්ලන්ගේ අවධානය ඇය වෙතට යොමුව තිබෙනවා.

වංචා සහ චෝදනා රැසක්…ප්‍රවීන ගායන ශිල්පියා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

ප්‍රවීන ගායන ශිල්පියෙකු මුදල් වංචාවක් , විශ්වාසය කඩ කිරීම සහ මුදල් සාවද්‍ය පරිහරණය යටතේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ ගැන සම්පුර්ණ විස්තරය පහත වීඩියෝව මගින් නරඹන්න.

ගිනිගත් මහල් නිවසේ තුන්වෙනි මහලේ සිටි දරුවෙකු හදිසි ප්‍රතිකාර සඳහා පහලට වීසිකළ හැටි – වීඩියෝ.

ඇමරිකාවේ ජෝජියා ප්‍රාන්තයේ මහල් නිවාසයක මාහා ගින්නක් ඇති වුනා. එහිදී ගිනි නිවන භටයන් මරණයත් ජීවිතයත් අතර සටනකින් එම ගින්නට මැදිව සිටි 12 දෙනෙකු බේරා ගත්තා. එහිදී කුඩා දරුවෙකු මහල් තුනක් ඉහල සිට බේරාගෙන ,පහල සිටි භටයෙකු අතට වීසිකරන වීඩියෝවක් නිකුත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

“නිපුන සහල්” අධිපති, හා ප්‍රබල මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ සුරූපී දියණිය හදිසියේ අවසන් ගමන් යයි.. – වීඩියෝ.

ප්‍රභල මන්ත්‍රීවරයෙකුගේ සුරූපී දියණිය හදිසියේ ලොවින් සමුගයි.
රටම දන්නා “නිපුන සහල්” අධිපති තුමා වන, ප්‍රභල මන්ත්‍රීවරයෙක් වූ සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය හදිසියේ මිය ගොස් තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුවයි.
ඒ ගැන සවිස්තර වීඩියෝව මෙන්න.

ගාල්ලේ කතුන් 183කට ෆේස් බුක් , SMS නිසා රෝහල් ගත වෙන්න ප්‍රහාරයක් – වීඩියෝ.

ගාල්ල අවට ප්‍රදේශවලින් කාන්තාවන් 180 දෙනෙකු කරාපිටිය රෝහලට පැමිණ තිබෙනවා. මෙහි පුදුම සහගත කරුණ වන්නේ , මීට හේතු වී ඇත්තේ නවීන තාක්ෂණික මෙවලම් භාවිතයයි. SMS, ෆේස් බුක්, සහ අන්තර්ජාලය මෙන්ම, මගහැරුණු දුරකථන ඇමතුම් ය.

මේ ගැන සවිස්තර වීඩියෝව පහතින්.

 

කඳු දෙකක් යා කල මීටර් 500ට ආසන්න මහා පාලම හදිසියේ කඩා වැටේ. – වීඩියෝ.

කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයේ මීටර් 446ක් දිගින්යුතු, විශාල කඳු දෙකක් යා කරමින් තිබු මහා පාලමක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුත්තක් අතරතුරයි මේ අනතුර සිදුවී ඇත්තේ.

එහි වීඩියෝව පහලින්.

ගෙවල් හදන්න සිමෙන්ති ඕන නැහැ – මොරටුව සරසවියෙන් විශ්මිත සොයාගැනීමක්.

පෙර රජ දවස නම් ලංකාවේ හතර දිග් භාගයේම තිබුණේ අතු සෙවිලි කළ කටු මැටි පැල්පත්ය. ගඩොලින්, ගලින් බැඳි ගෘහයක හිමිකම තිබුණේ රාජ රාජ මහාමාත්‍යාදී ප්‍රභූවරුන්ට, සිටුවරුන්ට පමණි. එහෙත් මේ වන විට ලංකාවේ කටු මැටි ගෙවල් දකින්නට නොමැති තරම්ය. අගනුවර ආශ්‍රිතව නම් කටු මැටි බිත්ති, ‍පොල් අතු සෙවිලි ඇත්තේ හුදු වාණිජ ප්‍රදර්ශන උපක්‍රම ලෙසින්ම පමණි.

මීට හේතුව මහා මන්දිරයේ සිට කුඩා පැල්පත දක්වාම නිවාස තැනීමට සිමෙන්ති බ්ලොක් ගල් සහ සිමෙන්ති බදාම යොදා ගැනීමය. අපි මේ කියන්නට යන්නේ සිමෙන්ති අතහැර ගෙවල් හැදීමේ අලුත් ක්‍රමයක් ගැනය. අද කාලයේ සිමෙන්ති කොට්ටයක මිල දරාගෙන කාමර කෑලි දෙකක් බැඳගෙන එහි පදිංචි වීම පවා මිනිසෙකුට තරමක් අපහසු කාරියකි. මේ හේතුවෙන් අධික මිලෙන් යුතු සිමෙන්ති අතහැර, වෙනත් විකල්ප භාවිතයෙන් පවතින මිලට වඩා බොහෝ අඩු වියදමකින් නිවාස තැනීමට ක්‍රමවේදයක් මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණ මාලාවකින් සොයාගෙන තිබේ.Cement

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුරගේ මගපෙන්වීම අනුව සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත සහ ඔහුගේ පර්යේෂණ සහයකයන් වන ඉසුරි ශානිකා ආරියරත්න, දෙවින්ද්‍ර එරංග, රසංගි ලක්මිණි සහ ඉමල්ෂා කාවින්දි මෙම පර්යේෂණය සඳහා යොමු වන්නේය.

එම පර්යේෂණයට අනුව පර්යේෂක චමීර උඩවත්තගේ මූලික අභිප්‍රාය වන්නේ සිමෙන්ති වෙනුවට විකල්පයක් තිබේද යන්න සෙවීමය. මෙම අධ්‍යයනයට එළඹෙන ඔහු මානව ශිෂ්ටාචාරයේ චින්තනය වෙනස් මානයකට ගෙන යන්නට සමත් වන්නේය.

මෙහි ප්‍රථම පියවර වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් මගින් සිමෙන්ති බ්ලොක් ගලකට වඩා ලාභදායී ගඩොලක් නිර්මාණය කිරීමය. ඒ සඳහා මූලිකව උපයෝගී කර ගනුයේ සාමාන්‍ය පරිසරයෙන් ලබාගන්නා පස්ය. පස් හා සිමෙන්ති මිශ්‍ර කිරීමෙන් සාමාන්‍ය සිමෙන්ති ගඩොලකට වඩා සියයට පනහක පමණ අඩු වියදමකින් ගඩොල නිපදවා ගැනීමට මෙම පර්යේෂණ කණ්ඩායම සමත් වන්නේය.

මෙසේ නිපදවූ ගඩොල් භාවිතයෙන් මුලතිව්, කිලිනොච්චි ආදී යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස තනාදීමේ ව්‍යාපෘතියක් ඔවුහු ආරම්භ කරන්නෝය.

එහෙත් එම ව්‍යාපෘතියේදී මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ සිමෙන්ති සහ පස් මිශ්‍ර කිරීමෙන් අඩු වියදම් ගලක් සැදුවද ශ්‍රී ලංකාවේ වෙසෙන සමහර දුප්පත් මිනිසුන්ට සිමෙන්ති ලබාගැනීමටවත් ආර්ථික ශක්තියක් නොමැති වීමය.

මෙහිදී පර්යේෂණ කණ්ඩායමේ අවධානය යොමු වන්නේ සිමෙන්ති වෙනුවට භාවිත කළ හැකි සාර්ථක විකල්පයක් සෙවීම කෙරෙහිය. පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත ඒ පිළිබඳව සඳහන් කරන්නේ මෙසේය.

මෙම ගැටලුවේදී අපගේ අවධානය මුලින්ම යොමුවන්නේ ශාකසාර වෙතටයි. අප ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පීරමින් විවිධ වූ ශාකසාර පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කරනවා. විවිධ පුරාවිද්‍යාත්මක ස්ථානවල අපගේ මුතුන් මිත්තන් සිමෙන්ති නොමැතිව යොදා ගත් විකල්ප පිළිබඳව මහත් පරිශ්‍රමයකින් අප පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කරනවා.

දිවුල්, බෙලි, කජු ආදී ශාක බහුඅවයවික ලබාගෙන පස් සමග කලවම් කර අපේ අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා භාවිත කර තිබෙන බව එහිදී අපට පැහැදිලි වෙනවා. මෙහිදී අපි ශාක බහුඅවයවික මගින් සිමෙන්ති වැනි ස්ථායී බන්ධකයක් නිර්මාණය කිරීමට හැකිදැයි සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මක කරනවා. එහිදී පෙනී යනවා එය සාර්ථක වුවත් අමුද්‍රව්‍යයක් වශයෙන් ශාක බහුඅවයවික විශාල වශයෙන් සපයා ගැනීම ප්‍රායෝගික නොවන බව

ඉන් අනතුරුව ඔවුන්ගේ

පර්යේෂණ යොමු වන්නේ විවිධ අපද්‍රව්‍ය කෙරෙහිය. දර දහනයෙන් ඉතිරි වන අළු, දහයියා අළු ආදී වශයෙන් විවිධ දහන අතුරුඵල සමග රසායන ද්‍රව්‍ය එක්කර ඒවායේ රසායනික සංයුතිය වෙනස් කිරීමෙන් අනතුරුව සිමෙන්ති වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගැනීමට මෙම

පර්යේෂකයන් සමත් වන්නේය.

දහයියා අළු, නිවසේ ඉතිරිවන අළු පමණක් ‍නෙවෙයි, නොරොච්චෝ‍ලේ ගල් අඟුරු බලාගාරයේ ඉතිරිවන අළුද ඵලදායි ලෙස මෙම ක්‍රමයෙන් සිමෙන්ති නිපදවීමට යොදාගත හැකි බව අපි අනාවරණය කරගත්තා. නොරොච්චෝ‍ලේ ෙදෙනිකව බැහැරවන මෙට්‍රික් ටොන් 4ක පමණ අළු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පරිසරයට මුදා හරිනවා. මෙය පාරිසරික වශයෙන්ද ගැටලුවක්. ඉතින් ඒ මගින් සිමෙන්ති නිෂ්පාදනය කළ හැකි නම් එය ආර්ථිකමය වශයෙන් පමණක් නොවෙයි පාරිසරික වශයෙන්ද යහපත් ක්‍රියාවක්. අපි හඳුනාගන්නවා නොරොච්චෝ‍ලේ පිටවන අළු සිමෙන්තිවල ඉතාම ළඟ නෑයෙක් බවට. එහි රසායනික සංයුතිය වෙනස් කිරීම තමයි අපගේ

පර්යේෂණයට පාදක වන්නේ. එය සාර්ථක බව ඔප්පු කිරීම තමයි අපේ නිබන්ධනයේ අරමුණ වුණේ.

රසායන විද්‍යාව සම්බන්ධව ලොව දස දෙසින් ඉදිරිපත් වූ ආචාර්ය උපාධි නිබන්ධන 517කින් හොඳම 50 අතරට පර්යේෂක චමීර උඩවත්තගේ පර්යේෂණ වාර්තාවද නිර්දේශ වන්නේය. එම සම්මානය හිමි වනුයේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ව්‍යාපෘතියේ නිර්දේශවලට යටත්වය. මෙම ඇගයීම හිමි වනුයේ එහි ‍පොදු අරමුණු වෙත සාර්ථකව යොමුවන අධ්‍යයන පර්යේෂණ සඳහා පමණි. ඒ අනුව කාර්මික අපද්‍රව්‍ය තිරසාර භාවිතය, සිමෙන්ති නිපදවීමේදී වන පරිසර හානිය අවම කිරීම, ආර්ථික දුෂ්කරතා ඇති අයට විකල්පයක් ලබාදීම, පශ්චාත් යුද සමාජයක පාසල්, ප්‍රජා මධ්‍යස්ථාන ආදී ‍පොදු පහසුකම් ඇති කිරීම, එම ජනතාවට සෞඛ්‍ය සම්පන්න වාසස්ථාන ලබාදීම වැනි අරමුණු රාශියක් මෙහිදී සාධනය කළ හැකි බව තහවුරුව තිබේ.

කාර්මික අතුරුඵලයකට රසායනික ද්‍රව්‍ය එකතු කර එහි රසායනික සංයුතිය වෙනස් කිරීම තුළ රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් සපයා ගැනීම ගැටලුවක් වන්නේද? මේ ඊට පර්යේෂක චමීර උඩවත්ත දැක්වූ අදහසයි.

ඒක එතරම් බරපතළ කාරණයක් නමෛයි. උදාහරණයක් වශයෙන් නොරොච්චෝ‍ලේ අළුවලට අපි එක් කළේ කෝස්ටික් සෝඩා සහ ලුණු. එතුළින් සාමාන්‍ය කොන්ක්‍රීට්වලට වඩා ශක්තිමත් බන්ධකයක් නිර්මාණය කරගන්න අපට හැකි වුණා. ඒ වගේම මේ තුළින් අපි මූලික පර්යේෂණ කර එම සංකල්පය සඳහා පේටන්ට් අයිතිය ලබාගත්තා පමණයි. එය වාණිජමය වශයෙන් ව්‍යාප්ත කිරීමට තවත් කාලයක් ගතවෙයි.

සාමාන්‍ය සිමෙන්තිවලට වතුර දමා කලවම් කිරීමෙන් පසු වියළීමේදී බන්ධනය ශක්තිමත් වන අන්දමින්ම මෙම නව අත්හදාබැලීමේදීද ක්‍රියා කෙරෙයි. ඒ අනුව එම අත්හදා බැලීම් අතර විවිධ අළු වර්ග, ශාක රෙසින, ශාක කෙඳි ආදියට විවිධ රසායන ද්‍රව්‍ය එක් කරමින් එහි සංයුතිය වෙනස් කිරීම සිදුකර තිබේ. වඩාත් සාර්ථක වන්නේ කුමන ද්‍රව්‍ය අතර බන්ධනයද යන්න සෙවීමට ඔවුන් එහිදී කටයුතු කර ඇත.

දහයියා අළු සහ නොරොච්චෝ‍ලේ අළු භාවිත කර සිමෙන්ති ආදේශකය නිපදවීම වඩාත් සාර්ථක බව මෙහිදී හඳුනාගෙන ඇත්තේ ඒවා සපයා ගැනීමේ සුලබතාව නිසාය. කෙසේ නමුත් මේ තුළින් පරිසරයට නිකරුණේ එක්වන අතුරුඵල දෙකක් ඵලදායී ලෙස භාවිතයට ගැනීම මෙන්ම පරිසර හානියක් සිදුවන සාමාන්‍ය සිමෙන්ති නිපදවීමේ ක්‍රියාවලිය අඩු කිරීමට හැකියාව ලැබි තිබිම විශේෂත්වයකි.

සාමාන්‍ය සිමෙන්ති නිපදවීමට මූලික වශයෙන්ම යොදා ගනුයේ මුහුදු කොරල්ය. කොරල් ලබාගන්නා සිමෙන්ති නිෂ්පාදකයන් ඒවා දිගින් දිගටම වගා කරන බව පැවැසුණද කොරල් ජනාවාසයක් සාර්ථකව වැඩීමට දිගු කලක් ගතවන බැවින් වන පරිසර හානිය පිළිබඳ සමාජයේ අවධානය යොමුවීම වටී. එමෙන්ම සිමෙන්තිවල මිල සාමාන්‍ය අඩු ආදායම්ලාභීන්ට දරා ගැනීමද තරමක් අපහසුය. මීට සාධනීය විසඳුමක් ලෙස ඉවතලන දෙයකින් නිපදවනු ලබන මෙම සිමෙන්ති

ආදේශකය හඳුනාගත හැකි වන්නේ එබැවිනි. තවමත් මෙම නව සොයා ගැනීම තුළ පර්යේෂණ කර ඇත්තේ බිත්ති බැඳීම සඳහා පමණක් වුවද නුදුරේදීම කපරාරුවටද එය යොදාගත හැකි අන්දම පිළිබඳ අනාවරණය කරගත හැකි වනු ඇත.

සිමෙන්ති සොයා ගන්නේ රෝම ශිෂ්ටාචාරය තුළයි. එතැන් පටන් නව ශිෂ්ටාචාර බිහි වීම තුළ හැම අවස්ථාවකම වගේ භාවිත වී ඇත්තේ සිමෙන්ති පමණයි. ඉන් පසුව එම නැඹුරුව වෙනස් කිරීමට ගත් එක් උත්සාහයක් ලෙස, එමෙන්ම සිමෙන්ති පදනම් වූ ඉදිකිරීම් සංකල්පය වෙනස් කිරීමක් ලෙස අපගේ පර්යේෂණ වාර්තාව හඳුනාගන්න පුළුවන්. එකම දේ කාලාන්තරයක් භාවිත කිරීමේදී ‍පොදුවේ ගැටලු රාශියක් ඇතිවන බැවින් මෙය විශාල වෙනසක් ඇති කිරීමට තැබූ එක් කුඩා පියවරක් ලෙසත් හඳුනාගත හැකියි. පර්යේෂක චමීර උඩවත්ත සඳහන් කරන්නේය.

පුරාණ ස්තූප, විහාර ගෙවල් ආදී අපගේ දේශීය වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා කිසි විටෙකත් සිමෙන්ති භාවිත කොට නැත. ඒ සඳහා භාවිත කර ඇත්තේ හුණු බදාම මෙන්ම ශාක කිරි වර්ග, සත්ව කෙඳි ආදිය, මැටි සමග සංයෝග කිරීමෙන් නිපදවූ බදාම බව පෙනේ. හුණු භාවිතයද එතරම් ගැටලුවක් නොවන්නේ එය නිධි වශයෙන් ලංකාවේ ස්ථාන කීපයකින් හමුවන බැවිනි. කොරල් විනාශ කිරිම තුළ සිමෙන්තිවලින් විශාල පරිසර හානියක් වන බව පෙනේ. එබැවින් මෙය මානව

ශිෂ්ටාචාරයේ සාධනීය සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මෙම පර්යේෂණය සඳහා මූලිකත්වය ගත් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුරගේ උපදේශකත්වය හා මග පෙන්වීම යටතේ පර්යේෂක, වාස්තු විද්‍යාඥ චමීර උඩවත්ත මෙම ගවේෂණාත්මක ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරමින් රටවල් 195ක් අතරින් ඉදිරිපත් වූ ආචාර්ය උපාධි නිබන්ධන 517කින් 2017 වර්ෂයේ හොඳම පර්යේෂණ නිබන්ධන 50 අතරට තේරී පත්වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉමහත් ආඩම්බරයට කරුණකි. එමෙන්ම මෙය අඩු ආදායම්ලාභියාගේ පටන් මහා මන්දිරයේ වැජඹෙන්නා දක්වා එක සේ ප්‍රයෝජනවත් පර්යේෂණයක් බැවින් ලංකා නාමය ජාත්‍යන්තරය තුළ රන් අකුරින් ලියැවෙන දිනය වැඩි ඈතක නොවනු ඇතැයි අප අපේක්ෂා කරමු.

මිහිරාන් කරුණාරත්න

එක නිලදාරියෙක් කරපු වරදකට ඔක්කොම අල්ලන්න එපා හරින් ප්‍රනාන්දු වේදිකාවකදී ප්‍රසිද්දියේ සියල්ල හෙළි කරයි

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය.

එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී තිබේ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11කි.එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණකි.=හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද් භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි

කොළඹ විජයග්‍රාහී සටන රෝසි අරඹයි.

ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.
නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක‍ෂා කරයි.