ෆෝන් එක කනේ ගහගෙන රථය පැදවූ පොලිස් නිලධාරියාට හොඳ පාඩමක් ඉගැන්වූ පට්ට පොරක්- වීඩියෝ.ෆෝන් එක කනේ ගහගෙන රථය පැදවූ පොලිස් නිලධාරියාට හොඳ පාඩමක් ඉගැන්වූ පට්ට පොරක්- වීඩියෝ.

මාර්ග නීති ගැන නිතරම කතාබහට ලක් වෙනවා. ඔයාල දන්නවනේ නියම මාර්ග නීති ක්‍රියාත්මක කලේ නැත්නම් මොන වගේ හානියක්ද සිද්ධ වෙන්නේ කියලා.

මාර්ග නීති ගැන පොලිසිය දැඩි සැලකිල්ලෙන් ඉන්නේ. මොකද ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියයි. නමුත් පොලිසියත් මාර්ග නීති කඩ කරන අවස්ථා එමටයි.

පොලිස් ජීප් රථයක් පදවාගෙන යන අයෙක් අමු අමුවේ එම නීතියක් කඩ කරන අයුරු සහ, එම නිලධාරියාට සිවිල් වැසියෙකු ලුණු ඇඹුල් එක්ක  බැන වදින ආකාරය ගැන වීඩියෝවක් නිකුත්වී තිබෙනවා.

පහතින් එම වීඩියෝව නරඹන්න.

ජා ඇල සුදු නෝනගේ බුරිය ගැන කොටුවේ හාමුදුරුවෝ කියපු පට්ටම බන ටික මෙන්න.- වීඩියෝ.

ශ්‍රී ලංකාවේ කාලීන ධර්ම කතිකයෙක් වූ කොටුවේ පොඩි හාමුදුරුවෝ විසින් දේශනා කරන ලද , ඉතා විශිෂ්ඨ ධර්මදේශනාවක් විදේශ රටකදී සිදු වුවා. මීට සහභාගීවුවන්ට දේශනා කරන ලද ධර්මදේශනාවේ කොටසක් පහතින් නරඹන්න.

බෙන්ස්, අවුඩි, හමර් වාහන හිමි කෝටිපති ලසන්ත කියන කතාව පොඩ්ඩක් අහන්නකො.

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී.

පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි. මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි.

ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ.

මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර
තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ. ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය.

‘මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ.
මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර

ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා.

අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි. මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව.

මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක. සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ. උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ.’

යකෝ මුන් දෙන්නා අනූ නවයෙන් මරණයෙන් . අම්මෝ….තව පොඩ්ඩෙන් කෑලි නැහැ.

මහර වෙලාවට අනතුරු සොද්ධ වෙන්නේ අපි නොසිතන වෙලාවට, නොසිතන ආකාරයටයි. පෙර පින් තියෙන අය මරණයෙන් අනු නවයෙන් බේරෙන හැටි දැකල තියෙනවද?

ගොඩනැගිලි ඉදිකරන කම්කරු තරුණයන් දෙදෙනෙකු මරණයෙන් අනූ නවයෙන් බේරෙන එවැනි වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබුනා. ඔබම තීරණය කරන්න ඔවුන් දෙදෙනා මොනතරම් වාසනාවන්තද කියලා.

අක්මාව දුන්නයි කියන කෙනාට අසාධාරණයක් කළා යයි කියන කතාවට නාමල් සහ රන්ජන් ගැටෙයි.

නාමල් උඩුගම ගායන ශිල්පියා සහ ඔහු රෝගාතුරව සිටි සමයේ ඔහුට සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ක්‍රිෂාන් සම්පත් ගැන පසුගිය දවස් ටිකේම ලොකු කතාබහක් ඇතිකළා.
ක්‍රිෂාන්ත සම්පත් සේවය අත්හිටවූ ග්‍රාම නිළධාරීවරයෙක් වන අතර ඔහු දෙදරු පියෙක්.
ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටිනවා.
කෙසේ වෙතත් අදාල අක්මා කොටස පරිත්‍යාගයෙන් පසු ක්‍රිෂාන්ත අසනීප වූ බවත් , නාමල් උඩුගම පවුල විසින් ක්‍රිෂාන්තට නොසලකා හැරි බවත් සදහන් වනවා.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක මහතා සිය මන්ත්‍රී නිල නිවාසයට ක්‍රිෂාන්ත ගෙන්වා ඔහුට උදව් කිරීමට පසුගිය දවසක කටයුතු කර තිබුණා.
එම අවස්ථාව ඔහුගේ ෆේස්බුක් පිටුව මගින් සජීවිව විකාශය කිරීමට කටයුතු කර තිබු අතර ,අපූරු අමුත්තෙක් සිදුවීම පිළිබඳව අදහස් දක්වා තිබුණා.
ඒ තමයි නාමල් උඩුගම.

එම සටහන පහතින්…

විරාට් කෝලි ගේ මංගල උත්සවයට සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා ගයාන් හෙළි කල විශ්මිත කතාව.- වීඩියෝ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම අවධානයට ලක් වූ විවාහ මංගල්‍ය වුයේ විරාට් කොලිගේ මංගල උත්සවයයි.

මේ සඳහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ට වගේම බොලිවුඩ් තරු වලට ආරාධනා කර තිබුනා. මේ අතරින් ජාත්‍යන්තර මාද්යයේ අවධානය දිනාගත්තේ ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලැබූ එකම පුද්ගලයා වූ ගයාන් ගැනයි.

ගයාන් නැවත ලංකාවට පැමිණ ඊට පාදක වූ හේතුව සහ එහිදී කෝලි සියලු දෙනා විශ්මයට පත් කරමින් උත්සව අවස්තාවේදී ගයාන්ව පිළිගත් ආකාරය ගැන ඔහු හෙළි කළා. බලන්න කෝලි කියන්නේ මොනතරම් වටිනා මනුෂ්‍යයෙක්ද යන වග.

පාතාලයේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ තිත්ත අත්තක් රැගත් මියුසික් වීඩියෝවක්

පාතාලයේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ තිත්ත අත්තක් රැගත් මියුසික් වීඩියෝවක්
මේකනම් අමුතුම මියුසික් වීඩියෝවක්. බලන්නකෝ ඔයත් මේ කතාව දන්නවාද කියලා.
වීඩියෝව පහතින්.

සීදුව සකුරා සංගීත කණ්ඩායම මාළු ඩී ෆරීසර් එකක් ඇතුලට දාල අයෙක් කැත වැඩක් කරලා.

සීදුව සකුරා සංගීත කණ්ඩායම ආරම්භ කළේ 1991 අවුරුද්දේ. ඔන්න ඉතින් 1992 අවුරුද්දෙදී විතර අපිට කුරුණෑගල දඹුලු පාරේ එක්තරා නිවසක තිබුණු මංගල සාදයක් රසවත් කරන්න ආරාධනා ලැබුණා. සංගීතයට බොහෝ ළැදිකම් තියෙන සහෝදරයෙක්ගේ ගෙදරක තමයි මේක තිබුණේ. ඒ කාලේ අපිට තිබුණු ලොකුම පිස්සුව තමයි ෂෝ ගහන එක. අපි ඒ කාලේ “සවුන්ඩ් කාගේද යන්නේ මොකේද…? කීයක් ගෙවනවද… කියලා අහන්නේ නෑ… මල්ලී ඔන්න වෙඩින් එකක් තියෙනවා ගහන්න… කියපු ගමන් “හරි අයියේ අපි ගහමු කියලා අපි ඒකාලේ වැඩක් බාර අරගෙන ඉවරයි.

දැන් ඉතින් අපිව එක්ක යන්න වාහනයක් ගෙදරට එව්වා. අපි ගියා. බලද්දී අටවපු සවුන්ඩ් තමයි තියෙන්නේ… ඉතින් කොහොම හරි උත්සවය ඉවරවෙනකන් අපි සංගීතයක් දුන්නා… ඔන්න දැන් අපිට වැඩේ බාරදුන්න මනුස්සයා ළඟට ඇවිත්… “මල්ලී… නියමයි… මල්ලී… උඹට හොඳ අනාගතයක් තියෙනවා… කියලා කිව්වා… එච්චරම තමයි ඌ මිසිං. අපිට සල්ලි දෙන්න කෙනෙක් නෑ. කට්ටියම බුෆේ එක තියන තැනට ගියා… කෑම නෑ… දන්න අපිට ගෙදර කවුරුවත්ම කතා කරන්නේත් නෑ. මනමාල ජෝඩුවත් ගේ ඇතුළට ගියා. ගෙදර ටික ටික ලයිට් ඕෆ් වෙනවා… එකපාරටම මුළු පළාතම කළුවරයි. කට්ටියම නිදි. හැබැයි සීදුව සකුරා කණ්ඩායම කළුවරේ ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.

අපි ගිහින් සීනුව ගැහුවා. වයසක මනුස්සයෙක් ඇවිත් “මොකද ඕයි… නිදාගන්න දෙනවකෝ… කියලා කිව්වා…* අංකල් අපිට යන්න වාහනයක් කියලා අපි කියද්දී ඔන්න තව මනුස්සයෙක් ඇවිත් අපෙන් විස්තරය ඇහුවා. බලද්දී මේ ගෙදර මාළු වෙළෙඳාම් කරන ගෙදරක්. ටිකකින් රිවස් එකේ ආපු මාළු ඩිෆ්‍රිසරයක් අපි ළඟම නැවැත්තුවා… “හා නගින්න… මේක තමයි තියෙන්නේ… කීවා.

දැන් වාහනයට නැග්ගා. පිටිපස්සෙන් දොරවල් දෙක ලොක් කළා. මාළු ගදයි. ඉවසන්න බෑ. කුරුණෑගල ඉඳන් සීදුවට යනවා තියා හිතාගන්නවත් බෑ… සීදුවේ සකුරා කොල්ලෝ ටික ඩීෆ්‍රීසරය ඇතුළේ ටික දුරයි ගියේ ඉන්නම බෑ… කොහොම හරි වාහනේ නවත්තලා අපි කුරුණෑගලින් බැහැගත්තා.

ඔන්න දැන් සීදුව සකුරා සංගීත කණ්ඩායම ඉන්නේ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ. කට්ටියම සල්ලි දාලා පාන්දරම සව්කංජි මනුස්සයෙක්ගෙන් සව්කන්ජි අරගෙන බිව්වා. ඒක තමයි අපේ රාත්‍රි ආහාරය. ඔන්න බස් එක බස් හෝල්ට් එකට ගැහුවාම අපි කොන්දොස්තර ළඟට කිට්ටු කරලා අපිට වෙච්චි සිද්ධිය කියලා අපේ තිබුණු ඉතුරු මුදල දීලා තමයි එදා සීදුවට ආවේ.

ඒ සීදුව සකුරා සංගීත කණ්ඩායම ඩීෆ්‍රීසරයකින් ආපු හැටිනේ. බලමුද සීදුව සකුරා සංගීත කණ්ඩායම තවත් අපූරු වාහනයකිනුත් ආපු හැටි. වාහනය මොකක්ද කියලා අන්තිමට කියන්නම්.

මේ සිදුවීම සිදුවුණේත් සීදුව සකුරා කණ්ඩායම පටන්ගත්ත මුල් දවස්වල. කඩවත උප පොලිස්පති කෙනෙකුගේ මංගල සාදය, මියුසික් දෙන්න අපිට කතා කළා. දැන් උප පොලිස්පතිනේ… ආපු මුල් දවසනේ… ඉතින් ඒ උප පොලිස්පතිත් කිව්වේ “පොලිසියේ තියෙන ෂෝ ටික ඔයාලට අරගෙන දෙන්නම්. කියලා. දැන් අර විදිහටම අපි ගිහින් මියුසික් දුන්නා. හැබැයි ආයේ මට්ටු නොවී සිද්ධ වුණෙත් ඒ දේමයි. අර උපපොලිස්පති නෝනා එක්ක ගේ ඇතුළට ගියා. ටිකින් ටික හැමෝම ගියා. අපි ඉතුරු වුණා. එදා වගේම වාහන ප්‍රශ්නයක් ආවා. කොහොමහරි අපේ කණ්ඩායමේ එකෙක් ගේ ඇතුළට ගිහින් උපපොලිස්පති මුණගැහිලා කොහොම හරි වාහනයක් ඉල්ලාගත්තා. වාහනයේ ගහලා තිබුණු නම දැකලා අපේ ඇස් උඩ ගියා. “……….. මල් ශාලාව. බලද්දී මේ අපිට එවලා තිබුණේ හ(ර්)ස් එකක්. මොනවා කරන්නද ඒ හර්ස් එකේ නැගලා තමයි අපි එදා ගෙදර ආවේ.

ඊළඟ සිදුවීම වුණේ කොරියාවේ ටුවර් එකක් යද්දීයි. ඒ මුවර් එකට සීදුව සකුරා කණ්ඩායම එක්ක නාමල් උඩුගම, ඇන්ටන් ජෝන්ස්, ලතා වල්පොල යන අපේ ගායක ගායිකාවෝ ගියා. ඒ වෙනකොට ෂෝ දෙක තුනකට ෆ්ලයිට් එකේ ගිහින් තිබුණ නිසා පොඩි අත්දැකීම් එහෙමත් තියෙනවා.Image result for seeduwa sakura

දැන් ඔන්න අපි ෆ්ලයිට් එකේ යනවා. ටික වෙලාවකින් අපිට ඇතුළේ පොඩි කලබලයක් තියෙනවා කියලා තේරුණා. ෆ්ලයිට් එක ඇතුළේ තියෙන රෙඩ් ලයිට් පත්තු වෙනවා. සුද්දන් තම ආගම සිහිකරනවා. දැන් අපිට හිතාගන්න බෑ. බලද්දී ෆ්ලයිට් එකේ ගබඩා කාමරයේ ගින්නක් ඇතිවෙලා. පයිලට්ගේ තියෙන දක්ෂතාවයෙන් ෆ්ලයිට්එක වෙනත් රටකට අනවසරයෙන් බැස්සුවා.

ඔන්න දැන් බැස්සුවා කියමුකෝ… ටික වේලාවකින් ආයෙමත් ඒ ගුවන් යානයට අපිව නැංගුවා. සුද්දෝ ඔහේ නැංගා. හැබැයි අපේ එවුන් මුලින් යන්න අකමැති වුණා. ආයෙමත් ඒ ගුවන් යානයට නැගලා ආයෙත් අර දේම වේවි කියලා අපි බය වුණා. ඒත්… ඉතින් මොනවා කරන්නද අපිත් නැග්ගා. එදා ගුවන් යානයට අනතුරක් වුණානම් අද අපි කවුරුත් නෑ.

අම්මට 26. බබාට 25. ලොවම විමතියට පත් කල හිම දරු උපත ගැන සියලු විස්තර සහ චායාරුප.

වසර විසිපහකට ආසන්න කාලයක් අධි ශීතකර තිබූ මූලික අවස්ථාවේ කලලයක් මගින් එක්සත් ජනපදයේ ටෙනසිවල ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානයේදී පසුගියදා දරුවකු බිහිකරන්නා ලදී. ඒ මව කලලය බිහිකර වසර 25කට පසුවය. මේ කලලය පිළිසිඳගෙන ඇත්තේ 1992 ඔක්තෝබර් 14 දාය.

නල දරු උපත් ආරම්භ වීමෙන් පසු පිළිසිඳ ගැනීම සහ උපත ලබා මෙලොව දැකීම අතර වැඩිම කාල පරතරයක් සහිත දරු උපත මෙය විය හැකිය. ඉහත කී මධ්‍යස්ථානයේ වෛද්‍ය ජෙෆ්රි කිනවන් මේ පමාවී මෙලොවට උපත ලබාදුන් නල දරු ප්‍රසූතිය සිදුකර ඇත. මෙසේ බිහිවූ බිළිඳිය එමා ලෙස නම්කර ඇත. ඇය ප්‍රසූත කළ මව ටීනා උපත ලබා අවුරුදු එකහමාරකට පසුව එමා පිලිසිඳ ගෙන තිබේ.

බිළිඳියට අයත් මූලික අවස්ථාවේ කලලය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ අ‍ෙමරිකානු යුවළකි. ශීතකර තබාගත් එම කලලයෙන් මේ වසරේ නොවැම්බර් මාසයේදී එමා ව්රෙන් ගිබ්සන් මෙලොව දුටුවාය. ඇය නිරෝගී සුවයෙන් පසුවන්නීය. මූලික අවස්ථාවේ කලලය මව ටීනා ගිබ්සන්ගේ ගර්භාෂයේ තැන්පත් කරනු ලැබ ඇත්තේ මාර්තු මාසයේදීය.

“එතකොට මට අවුරුදු විසි පහයි. මේ කලලය සහ මම හොඳම යාළුවෝ වෙන්නත් ඉඩ තිබුණා.” යනුවෙන් මේ වනවිට විසි හය වෙනි වියේ පසුවන ගිබ්සන් සී.එන්.එන්. නාලිකාව වෙත පැවසුවාය.

“මට ඕන කළේ දරුවෙකු පමණයි. ඒක ලෝක වාර්තාවක් ද නැද්ද කියන දේ මට වැදගත් නැහැ.” යනුවෙන් ටෙනසි නගරයේ වෙසෙන ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මූලික අවස්ථාවේ කලල ගිබ්සන් යුවළ වෙත සපයනු ලැබ ඇත්තේ විශ්වාස මත පදනම් වූ ආයතනයක් වන ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය විසිනි. ඒ ආකාරයේ කලල දීර්ඝ කාලයක් අධි ශීතකරණයක තබන බැවින් එහි වෛද්‍යවරුන් විසින් එම කලල හඳුන්වනු ලබන්නේ “හිම බිළිඳුන්” ලෙසිනි.Image result for emma wren gibson

තමන්ට අවශ්‍ය නොමැති මූලික අවස්ථාවේ කලල ප්‍රදානය කිරීම සඳහා ජාතික කලල ප්‍රදාන මධ්‍යස්ථානය පවුල සම්පූර්ණ වූ තවත් දරුවන් බලාපොරොත්තු නොවන මව්පියන් දිරිගන්වයි. වෙනත් යුවළකට මව්පියන් වීම සඳහා අවස්ථාවක් ලබාදීම එහි අරමුණය.

මේ සම්බන්ධ තවත් අමුතු කරුණක් වන්නේ එමාගේ මව්පියන්ගෙන් කිසිවකුත් ඇයගේ ජීව විද්‍යාත්මක මව්පියන් නොවීමය.

හැමෝම කියන්නේ ගංජා නරකයි කියල නේද? කරුණාකර මේ ආචාර්යවරයා කියන දේ අසන්න – වීඩියෝ.

ත්‍රයිලෝක විජිනිපත්‍ර නොහොත් ගංජා නමින් හඳුන්වන ශාඛය ගැන සමාජයේ පවතින්නේ හොඳ ආකල්පයක් නොවෙයි. ඊටත් වඩා නිවැරදි අවබෝධයක් නොවේ. මේ ගැන ජාත්‍යන්තරව විශාල ලෙස පර්යේෂණ පවත්වනවා.

ලංකාවේ ආචාර්යවරයෙකු ගංජා ගැන වසර 20 තිස්සේ විදේශ රටවල විශ්ව විද්‍යාල වල සේවය කරමින් කල පර්යේෂණ අනුව කල ඉතා වටිනා සොයා ගැනීම් ගැන විස්තර කළා. ඒ ගැන එතුමන් මේ වනවිට ග්‍රන්ථයක් ද රචනා කර ඇත. ඔහු පැවසු දෙය පහත වීඩියෝවෙන්.