අධිවේගී ප්‍රහාරක යානා සහ ජෙට් යානා එන්ජින් වලින් සමන්විත ගොඩබිම වේගවත්ම වාහනය එළිදකී.

මෙතෙක් ගොඩබිම වේගවත්ම වහනය ලෙස වාර්තාපොත් අතරට යන Bloodhound SSC නම් වාහනය ගැනයි මේ. මෙහි පැයට වේගය කිලෝමීටර් 1600ත වඩා වැඩි බවයි පැවසෙන්නේ. ප්‍රහාරක යානාවල එන්ජිමක්, රොකට් එන්ජිමක් සහ ජගුවාර් v8 වර්ගයේ එන්ජිමක් සහිත මෙම රථය පසුගිය දිනක එංගලන්තයේ ගුවන් තොටුපලකදී පළමු පරීක්ෂණය පැවැත්වුවා.
මේ පුදුම සහගත වාහනය ගැනයි මේ.

 

 

මන්දපෝෂණයෙන් පෙලී, පාන් කෑල්ලකට ක්‍රිකට් ගහන්න පටන්ගත් ක්‍රිස් ගේල්ගේ ඔබ නොදත් කතාව.

ලෝකයේ ආකර්ශනීය මෙන්ම දක්ෂ, විසේකාර ක්‍රිකට් ක්‍රීඩකයා ඔබට නම් කරන්න කියුවොත් ඔබගේ ලයිස්තුවේ ක්‍රිස් ගේල්ට හිමිවන්නේ ඉහලම ස්ථානයක් බවනම් ඒකාන්තයි. ක්‍රිස් ගේල් කියන්නේ ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ක්‍රීඩකයෙක්.

ඔහුගේ වේගවත් පිතිහරඹය ගැන ඔබ ඕනා තරම් අසා, දැක තිබුනත් ඔහුගේ ජීවිත කතාව සහ, ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ හැටිනම් අසා අනතිව ඇති. මෙන්න ඒ අසහාය ක්‍රීඩකයාගේ දුක්බර, ජීවිත කතාව.

දරු මුණුපුරන් 11ක් රට රකින්න දායාද කල වීර මාතාවක් කීව වීර කතාව.- වීඩියෝ.

ශ්‍රී ලංකාව යුද්ධයෙන් බේරා ගැනීමට තම දිවි කැප කල සහ අබාධිත වූ රණ විරුවන් අනන්තයි. එමෙන්ම රට ජාතිය රැකුමට යුද්ධයේ ඉදිරියෙන්ම සිටියේ ත්‍රිවිධ හමුදාවයි.

ඔවුන් වගේම ඔවුන්ට ජන්මය ලබා දුන් මාතාවන්ද අමතක කල නොහැක. තම දරුවන් 05 දෙනෙකු සහ මුණුපුරන් 6ක් සමග 11 දෙනෙකු රට රැකුමට දායාද කල මවක් ගැන වාර්තා වනවා. ඇය ඒ ගැන කීව කතාව සහ සම්පුර්ණ විස්තරය පහතින්.

 

තරඟාවලිය ජය ලැබූ අපේ ක්‍රිකට් කණ්ඩායමේ කොල්ලෝ අමුතුම විදිහට් එය සමරු හැටි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සහ අපි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. මොන තරම් තරඟ පරාද වුනත්, ඒ අමිහිරි අත්දැකීම් සමග අපිත්, ශ්‍රී ලාංකීක ක්‍රිකට් කණ්ඩායමත් කාලය ගෙවා දැම්මා. නමුත් අපිට ශ්‍රී ලාංකිකයන් ලෙස මහා ශක්තියක් ලබන්නට හැකිවුයේ පසුගිය තුන් කොන් තරඟාවලිය ජය ලැබීමත් අමගය.

එය අපේ සිංහ පැටවුන්ගේත් මානසික ශක්තිය ඉහල දැමීමට හේතු වුනා. එදා තරඟය ජයලබා, පසුව අපේ කොල්ලෝ එක සමරව්වේ අමුතුම විදිහකට. බලන්නකෝ පහතින් වීඩියෝව.

ජනතාව විමතියට පත්කරමින් කොට්ඨාශ ක්‍රමයේ පළමු ඡන්ද ප්‍රතිපලය නිකුත් වේ.

මෙවර චන්දය පවත්වන්නේ කොට්ඨාශ ක්‍රමයටය. මේ නිසාම මේ චන්දය මදක් වෙනස්ය. පක්ෂ සලකුණ පමණක් භාවිත කරන අතර, අංක දක්නට නොලැබෙනවා. මේ වන විට තැපැල් චන්ද භාවිතය ද සිදුව අවසන්. කොහොම වුනත් මේ වන විට මේ නව චන්දයේ ප්‍රතිපල ගැන ඔබ නොදත් කතාවයි මේ.

ඇමරිකානු මාධ්‍ය යේ අවධානය දිනාගත් එරට ඇති, ශ්‍රී ලාංකික බොජුන්හල මෙන්න.

ඇමරිකානු මාධ්‍ය මගින් , එරට කාගේත් අවධානය දිනාගත්, ශ්‍රී ලාංකික බොජුන් හලක් ගැන වාර්තා කර තිබුනා. එහි ලාංකීය රසට, ලාංකීය අහාර ඇති අතර, ඇමරිකානුවන් පවා එම ආහාරවලට දැඩි කැමැත්තක් දක්වනු ලබනවා.

මෙහි ආප්ප, සහ කොත්තු රොටී සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබනවා. මේ ගැන එරට මාධ්‍ය වාර්තා කලේ මෙලෙසයි.

උපකරණයක් තනිව සාදාගෙන, එමගින් අහාර සපයාගන්නා කපුටු විශේෂය ලොව කළඹයි – වීඩියෝ.

ආහාර සපයා ගැනීමට ස්‌කොට්‌ලන්තයේ ජීවත්වෙන ‘කැලිඩෝනියානු’ කපුටු වර්ගයා භාවිත කරන විශේෂ තාක්‌ෂණයක්‌ පර්යේෂකයන් කණ්‌ඩායමක්‌ විසින් සොයා තිබෙනවා.

අතු ඉති කැබලි භාවිතයෙන් එම කපුටු වර්ගයාට  කෘමීන් අල්ලා ගත හැකි බව දිගු කාලයක්‌ තිස්‌සේ දැන සිටියත් , ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ආහාර ලබා ගැනීම සඳහා උපකරණ නිර්මාණය කර ගන්නා බවට නවතම සොයා ගැනීම් වලින් සොයාගත් බව ඔවුන් පෙන්වා දෙනවා.

අදාළ අධීක්‌ෂණය අනුව අතු රිකිල්ලක්‌ කෙක්‌කක්‌ බවට පත් කර ගැනීමේ හැකියාව සහ අවබෝධය එම කපුටන් සතු බව පර්යේෂකයන් හඳුනා ගත් බවත් සදහන්.

එවැනි උපකරණ භාවිතය නිසා සැඟවී ඇති කෘමි ආහාර සොයාගනු ලැබීමේ කපුටු හැකියාව දස ගුණයකින් පමණ වැඩි වෙලා.

“කුඩා කෙඳි ඉවත් කර ගැනීමට ඔවුන් තමන්ගේ හොට උපකරණයක්‌ ලෙස නිවැරදිව භාවිත කරනවා. ඉතා තියුණු උලක්‌ ලෙස සකසා ගැනීම නිසා අවහිරයක්‌ නැතුව ගොදුර ලබාගන්න පුළුවන්” ශාන්ත ඇන්ඩෘස්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්‌ටියන් රූට්‌ස්‌ කියන්නේ එහෙමයි.

තවත් බොහෝ සත්ව කොට්‌ඨාශ, විශේෂයෙන් ම අගේ්‍රෂයන් සහ අලියා ඔවුන්ට ආවේනික ලෙස උපකරණ භාවිත කරන බවත් සදහන් කරනවා.

නමුත්, කෙක්‌කක්‌ තනා ගැනීමට දන්නේ මිනිසාත් මෙම කැලිඩෝනියානු කපුටාත් පමණක්‌ යයි විශ්වාස කරනවා.

වර්තමාන ජනපති පුත්, දහම් සහ හිටපු ජනපති පුත් රෝහිත මුල් වතාවට දේශපාලන වේදිකාවක – වීඩියෝ.

එස්පාලන වේදිකාව උණුසුම් වූ මේ දිනවල එහි උණුසුම තවත් ඉහල දමන සිද්ධියක් මාධ්‍ය මගින් ප්‍රචාරය කළා.

ඒ වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් , දහම් සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, රෝහිත රාජපක්ෂ මහතා වේදිකාව මත කතිකයක් වූ මොහොතයි.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම දේශපාලන වේදිකාවේ දක්නට නොලැබෙන දෙදෙනෙකු වීමයි.

එම වීඩියෝව පහතින්.

සොරුන් කණ්ඩායමක් විසින් ලොව සුපිරිම , මිලියන 15ට වඩා වටිනා පා පැදි සොරකම් කල හැටි

ඔකයේ විවිධ සොරකම් සිද්ධ වෙනවා. නෙදර්ලන්තයේ සුපිරි පා පැදි අලෙවිසලකට ඇතුළු වූ සොරුන් විසින්, ඉතා මිල අධික සුපිරි පා පැදි රැසක් සොරකම් කළා.

මේ මුළු පා පැදිවල වටිනාකම ලංකා මුදලින් මිලියන 15ක අධිකයි. මෙම සොරකම අලෙවිසලේ ආරක්‍ෂිත කැමරා පද්ධතුයේ සටහන්ව තිබුනේ මෙලෙසයි.

බුකියම කතාකරන්න පටන්ගත් වික්ටර් රත්නායක ගැන ඔබ නොදත් කතාවක් – වීඩියෝ.

ලංකාවේ සමාජ ජාලා හරහා මහත් කතා බහට ලක් වූ පුද්ගලයෙකු වනවානම් ඒ අන් කිසිවෙක් නොව, වික්ටර් රත්නායකයන්ය. ඔහුගේ අතිශය පෞද්ගලික දෙවන විවාහය සමග ඔහු සමාජ ජාලා හරහා කරලියට ආවත්, මේ කියන්න යන දේ ගැන බොහෝ දෙනා දන්නෙම නැත. වික්ටර් රත්නායක ගැන බොහෝ දෙනා නොදන්නා ඒ කතාවයි මේ.