‘‘වයස 16ට අඩු දැරියක් ගර්භණී වුවහොත් විවාහ කර දිය යුතුයි!‘ – ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා අතීසාරයට අමුඩ ගසයි.

ළමා අපයෝජනය සාධාරණීකරණය කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා අලුත් සොයාගැනීමක් කරන්නට සැරසෙන්නේද?

ජාතික ළමා රක්ෂණ අධිකාරියකින් රටක් බලාපොරොත්තු වන්නේ එම රටේ දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීමට හා ළමා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයක් ඇති රටක, කාන්තා හා ළමා කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති රටක,, සියලුම පළාත් සභාවල ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ පැවතිය දී, ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිවරයා දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් නන් දොඩවමින් සිටී. පසුගිය 17 වැනි දින මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටින්නේ ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය දරුවන් සම්බන්ධයෙන් වන සියලුම හිංසන හා ප්‍රචණ්ඩත්වයන් මුලුනුපුටා දැමීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවයි. දැන් ළමා අපචාර, ළමා හිංසන සියල්ලම අවසන් විමට ඔන්න මෙන්න බවයි. එහෙත් ඔවුන් විසින්ම කරන ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ජීවිත අනතුරේ පත්වීමට හැකි බව ඔවුන් නොදන්නවා විය හැකිය. එසේ නැතහොත් දැන දැන නොදන්නවා සේ සිටිනවා විය හැකිය.

මාධ්‍යයට අදහස් එකතුකරමින් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති එච්. එම් අබේරත්න මහතා පවසා සිටින්නේ දරුවන්ට එරෙහිව සිදුවන හිංසන, ප්‍රචණ්ඩ ක්‍රියා, වෙනස් කොට සැලකීම් හා නොසලකා හැරීම් මුලිනුපුටා දැමීමමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ සමාජ කතිකාවක් ඇතිවෙමින් පවතින බවයි. ඒ අනුව, මෙම මස 19 වැනි දින (අද) ඒ සම්බන්ධ අවසාන තීන්දු තීරණ ගැනීමට නියමිතය.

එහෙත් අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සිදුවන ළමා ගර්භනී භාවය හෙවත් ළමා මව්වරුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට හා ළමා ගර්භනීභාවය අවම කිරීමට අවශ්‍ය කමිටුව පත් කළේ ද පසුගිය මාසයේදීය.

ළමා ගර්භනීභාවය මුලිනුපුටා දැමීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සකස් කිරීමට දරුවන් සම්බන්ධයෙන් වැඩ කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සියල්ල එකතු වී අවශ්‍ය යහපත් ක්‍රියාකාරකම් මොනවාදැයි සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදී ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිවරයා නන් දොඩවමින් කියා සිටින්නේ ළමා මව්වරුන්ගේ ප්‍රශ්නය මුලිනුපුටා දැමීමට නම් එලෙස ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 16 ට අඩු දියණිවරුන් විවාහ කර දීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදුකරමින් පවතින බවයි. එනම් මෙවැනි අවස්ථාවකදී ඔවුන් විවාහ කරදීමට හැකිවන පරිදි නීත්‍යනුකූලව විවාහ වීමේ වයස පහළට ගෙන එන බවයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සමාජය තුළින් ඉල්ලීමක් හා යම් සාකච්ඡාවක් ඇති වෙමින් පවතින බවයි.

ලෝක සම්මුතීන් හා දරුවන් සම්බන්ධ අන්තර් ජාතික ප්‍රඥප්ති සියල්ල විශ්වාස කරන ආකාරයට හා නීතිගත කර තිබෙන ආකාරයට කාන්තාවන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයන් සලකා බලමින් ළමා මව්භාවය (Teenage Pregnancy) හෙවත් ළමා ගර්භනීභාවය ලෙස සලකන්නේ වයස අවුරුදු 20ට අඩු ගැහැණු ළමයෙක් ගර්භනී භාවයට පත්වීමයි. මෙය ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූලව විවාහ විය හැකි වයස ඉක්මවා ගිය ද, පිළිගත් සෞඛ්‍ය දත්ත හා දරුවෙකුගේ අධ්‍යාපනය ලැබිය යුතු හා තම ජීවිතය නිවැරදිව සකසා ගැනීම යනාදිය සලකා බලමින් සිදුකර ඇති ප්‍රමිතියකි. ඒ අනුව වයස අවුරුදු 20ට අඩු ගැහැණු ළමයෙක් ගර්භනීභාවයට පත්වන්නේ නම් එය සලකන්නේ ළමා ගර්භනී භාවයක් ලෙසය.

මේ සම්බන්ධ තර්ක කරන සමහරුන් පවසා සිටින්නේ අපේ මිත්තණියන් වයස අවුරුදු 14, දී 15 දී පවා දරුවන් වැදූ බවත්, එම දරුවන් යෝධයින් මෙන් ජීවත් වූ බවත්ය. එහෙත් ඔවුන් එම වකවානුවේදී සිදුවූ මාතෘ මරණ සංඛ්‍යාව පිළිබඳ සංඛ්‍යා දත්ත හෝ උපතේදී ළමා මරණ සම්බන්ධයෙන් සංඛ්‍යා දත්ත පිළිබඳව සැලකිල්ලට ලක් කරන්නේ නැත. එමෙන්ම ඉතිහාසයේ එසේ වූවා යැයි උදම් අනන අයවළුන් විසින් එම කාලයේදී ගැහැණු ළමයෙකුට පැවති අධ්‍යාපනය ලැබීමේ අයිතිය, අධ්‍යාපනයට පැවති ප්‍රවේශය ආදිය සලකා බලන්නේ නැත. මූලික අධ්‍යාපනය ලැබූවද , නොලැබූව ද වයස අවුරුදු 15-16 වන විට කාන්තාවන් විවාහ කරදුන්නේ එම වකවානුවේදී ගැහැණු ළමයින්ට අධ්‍යාපනය ලැබීමේ අවකාශයක් හෝ නූතන තරගකාරී වෙළෙඳපොළ සමග සටන් කිරීමට අවශ්‍ය නිපුනතාවය එම වකවානුවේදී අවශ්‍ය නොවූ බැවිණි. කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වූයේ කෘෂි කර්මාන්තය සිදුකිරීමට අවශ්‍ය දරුවන් සම්පාදනය කිරීම පමණි. විස්තෘත සමාජ ක්‍රමයක් තුළ එම දරුවන් රැක බලා ගැනීමේ යාන්ත්‍රණයක් ද පැවතුණි. එමෙන්ම එම කාලයේදී අඩු වයසින් දරුවන් ලැබුණේ ස්ත්‍රී දූෂණයක් නිසා හෝ නොදැනුවත් කමින් ගැබ්බර වූ හෝ නිසා හෝ නොවේ. දරුවන් රැක බලා ගැනීම, පවුලක් ලෙස පවත්වා ගෙන යාමට අදාළ සමාජ යාන්ත්‍රණය සකස් වී තිබුණි.

සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියාව,කාන්තාවගේ සඵලතාවය, කාන්තාවගේ යහපැවැත්ම යනාදිය සියල්ල සැලකිල්ලට ගනිමින් දියණියක් ගර්භනීභාවයට පත්වීම ළමා මව් භාවය ලෙස සලකන අතර, බොහෝ අවස්ථාවලදී වයස අවුරුදු 16 ට අඩු දියණියන් ගර්භනීභාවයට පත්වීම දැඩි ලෙස සිතා බැලිය යුතු හා ළමයෙකුගේ මානව හිමිකමක් කඩ වූ අවස්ථාවක් වශයෙන් සලකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ලෙස සැලකිය යුතු බවට නිර්දේශ නිකුත් කර ඇත. දෙවැනි කාරණය අබේරත්න මහතා පවසන පරිදි වයස අවුරුදු 16 ට අඩු දැරියක් ගැබබ්ර වුවහොත් ඇය විවාහ කරදෙනවා නම් එලෙස විවාහ කර දෙන්නේ කාහට ද යන්නයි. ඔහු නොදැන සිටින බරපතලම කාරණය නම් ලංකාවේ කාන්තාවන්ට අඩු වයසේදී සිදුවන ගැබ්බරවීමට ප්‍රධානතම හේතුව ව්‍යභිචාරයයි. එනම්, තමන්ගේ සමීප ඥාතියෙකු අතින් සිදුවන දූෂණයක් නිසා හෝ, නොදැනුවත්කම හෝ බිය නිසා වසර ගණනාවක් තිස්සේ සිදුවන ලිංගික අපචාර නිසා සිදුවන ගර්භනී භාවයන් බවයි. පියා, වැඩිමහල් සහෝදරයා, සීයා, සමීප ඥාතියෙකු අතින් සිදුවන මෙවැනි ක්‍රියා මුලිනුපුටා දැමීමට නම් එම දියණියන් විවාහ කරදීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව ඔහු පවසයි. එහෙත් සභාපතිතුමනි, දියණිය විවාහ කර දෙන්නේ ඇයගේ පියාට ද? ඇයගේ සහෝදරයාට ද? ඒ සම්බන්ධ උකුණු තල්ලක තරම් දැනුමක් ඔබට ඇත්දැයි අප දන්නේ නැත.

ගැහැණු දරුවන් සමීප ඥාතීන් අතින් හෝ, පෙම්වතුන් අතින් හෝ වෙනයම් තැනැත්තන් නිසා ගර්භනීභාවයට පත් වුවහොත් බොහෝ විට සිදුවන්නේ දෙමව්පියන් විසින් කුමන හෝ ආකාරයෙන් එම දරුවා ගබ්සාවට ලක් කිරීමයි. කිසියම් දියණියක් අපචාරයකට ලක්වී හෝ දූෂණයට ලක්වී හෝ ගැබ්බර වී ඇත්නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රය දැනගන්නේ ඇය මවක ලෙස ඉදිරිපත් වුවහොත් පමණි. එහෙත්, දෙමව්පියන් විසින් වින්දිත දැරිය ගබ්සාවකට ලක් කර හොර රහසේම එය වසන් කළහොත් සිදුවන්නේ කුමක්ද? මෙවැනි අනාරක්ෂිත ගබ්සාවන් නිසා දියණියන් කී දෙනෙක්ගේ නම් ජීවිත විනාශ වී තිබේද? ළමා මව්වරුන් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය නිවැරදි හා ඵලදායී පිළිතුර ඔවුන් විවාහ කර දීම යැයි තවදුරටත් සභාපතිවරයා විසින් අවධාරණය කරන්නේ නම්, වයස අවුරුදු 16 ට අඩු දියණියකට පවුලක් නඩත්තු කිරීමට හෝ පවුලක් තුළදී සිදුවිය යුතු කාර්යයන් සිදුකිරීමට අදාළ දැනුම, ශාරීරික හා මානසික සෞඛ්‍යය තිබේදැයි සලකා බැලිය යුතුය. එමෙන්ම එලෙස විවාහ කර දෙන්නේ නම්, ඇයගේ අධ්‍යාපනය අතරමඟ ඇන හිටීම, ගෘහස්ත හිංසනය, නැවත වතාවක් ගර්භනී භාවයට පත්විය හැකි වීම යනාදිය පිළිබඳ අවධානය යොමු කරන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතුය. ශ්‍රි ලංකාවේ සියලුම දරුවන්ට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ඔවුන්ට ලිංගික සම්බන්ධතා, ප්‍රජනන සෞඛ්‍යය, නිවැරදි ස්පර්ශය, අවාදනම් අවස්ථාවලින් පළා යන්නේ කෙසේද යන්න ඉගැන්වීම අනිවාර්ය අවශ්‍යතාවක් ව තිබියදී, දැරියන්ට එරෙහිව සිදුකරන අපචාර, දූෂණ සම්බන්ධ වැරදිකරුවන්ට ලබාදෙන දඞුවම් තවත් දැඩි කරන නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව තිබියදී, ළමා දූෂණය හා අපචාර සම්බන්ධ නඩු තීන්දු ඉක්මන් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුව තිබියදී ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය අතීසාරයට අමුඩ ගැසීමට උත්සාහ කරනවා වැනි තීරණ හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අප රටක් වශයෙන් කණගාටු විය යුතුය.
උපුටා ගැනීම :අන්තර්ජාලයෙන්.

– තුෂාර මනෝජ්

හිටිහැටියේ 39 දෙනෙකු නිවසක් තුල කැමැත්තෙන්ම අවසන් ගමන් ගිහින්.. හේතුව ඇසුවොත් ඔබ මවිතවේවි.

හේල්-බොප් වල්ගාතරුව “20වන සියවසේ ධූමකේතුව” වශයෙන් හැඳින්වූවාට වරදක් නැහැ. මාස 18ක් පියවි ඇසට නිරීක්ෂණය කළ හැකි ව තිබුණු මෙය, එවර හිරුට ආසන්න ම ස්ථානයට පැමිණියේ 1997 අප්‍රේල් 1 වන දා යි. වසර 2500කට මඳක් වැඩි සිය ගමනේ යෙදෙමින් සිටි මේ ධූමකේතුව සමග ම තමන්ගේ පෘථිවි දිවිය නිමා කරන්නට එක්තරා ආගමික කණ්ඩායමක් තීරණය කර තිබුණා. ඔවුන් ව පසුව හැඳින්වුණේ “Heaven’s Gate” නමින්.

1997 මාර්තු 26 වන දා එක්සත් ජනපදයේ සැන් ඩියේගෝවේ රෑන්චෝ සැන්ටා ෆේහි විසල් නිවෙසක් තුළ තිබී, එක ම ආකාරයේ ඇඳුම් සහ නයිකි පාවහන් පැළැඳි 39 දෙනෙකුගේ මළ සිරුරු එහි පොලීසිය විසින් සොයාගනු ලැබුවා. මොවුන් Heaven’s Gate සාමාජිකයින් බව අනාවරණය වී තිබුණා. සිදුව තිබුණේ කුමක් ද?

නෙට්ල්ස් සහ ඇපල්වයිට්
ප්‍රොතෙස්තන්ත්‍ර පූජකයෙකුගේ පුත්‍රයෙකු ද, හිටපු සොල්දාදුවෙකු ද වූ මාර්ශල් ඇපල්වයිට්ට, 1970 ගණන්වල දී හෙදියක වූ බොනී නෙට්ල්ස් ව හමුවුණේ ඔහු මානසික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී යි. දෙදෙනා තුළ ම වූ ආගම කෙරෙහි වූ උනන්දුව හා පිටසක්වළ ජීවීන් පිළිබඳ ඇති කුහුල මොවුන් ව හොඳ මිතුරන් බවට පත්කළා.

මේ දෙදෙනා බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ අය යි. එම අධ්‍යයනයන් මත මොවුන් තීරණය කරන්නේ තමන් නව තෙස්තමේන්තුවේ කියැවෙන අනාගත වක්තෘවරුන් දෙදෙනෙකු බව යි. තමන්ට අනෙකුන්ට වඩා ඉහළ මනසක් ඇති බව ඔවුන් විශ්වාස කළා. පිටසක්වළ ජීවීන්ව විශ්වාස කළ මේ දෙදෙනා ඔවුන්ගේ නියෝජිතයින් සේ පෙනී සිටිමින්, තමන්ගේ දේශනා විශ්වාස කරනා පිරිස් එකතු කරගනිමින් දශක දෙකකට අසන්න කාලයක් මුළු දකුණු කැලිෆෝනියාවේ ම සංචාරය කළා.

1985 දී නෙට්ල්ස් මියගිය නමුත් ඇපල්වයිට් සිය කටයුතු ඉදිරියට ම ගෙන ගියා. 1990 ගණන්වල දී අන්තර්ජාලය හඳුන්වාදුන් පසු සිය විශ්වාසය ජනයා අතරට ‍රැගෙන යන්නට ඇපල්වයිට්ගේ කණ්ඩායම භාවිතා කළ මාධ්‍යය වූයේ එය යි. සංවිධානය නඩත්තු කෙරුණේ සාමාජිකයින් විසින් වෙබ් පි‍ටු නිර්මාණය කිරීමෙන් උපයාගත් මුදලෙන්.

“Higher Source”
ඇපල්වයිට් තමා ව හඳුන්වාගත්තේ ජේසුතුමන්ගේ නැවත ආගමනය ලෙස යි. දෙවියන්වහන්සේ යනු පිටසක්වළ ජීවියෙකු බවත්, යහපත් පිටසක්වළ ජීවීන් සහ අයහපත් පිටසක්වළ ජීවීන් සිටින බවත්, ලෝකාවසානය නුදුරු බවත් ඔහු තම අනුගාමිකයින්ට ප්‍රකාශ කළා. තමන් ව කෙදිනක හෝ මරා දැමෙනු ඇති බවත්, තමන්ගේ ආත්මයන් ‍රැගෙන යෑමට පිටසක්වළ ජීවීන් පැමිණෙනු ඇති බවත් ඇපල්වයිට් සහ නෙට්ල්ස් පෙර සිට ම විශ්වාස කළ අතර, දැන් “Higher Source” යනුවෙන් තමන් ව හඳුන්වාගත් මේ ආගමික කල්ලිය ද ඇපල්වයිට්ගේ එම විශ්වාසයන් අනුමත කළා.

ඔවුන්ගේ විශ්වාසයන්
Higher Source කල්ලියට මූලික විශ්වාසයන් කීපයක් ම තිබුණා. පෘථිවිය ඉතාමත් ම ඉක්මනින් “පිරිසිදු කර” දැමෙන බවත්, එයින් ගැලවිය හැක්කේ පෘථිවිය හැරයෑමෙන් පමණක් බවත්, ශරීරය වාහනයක් පමණක් බවත්, ආත්මය ගමන් කරන බවත් යන විශ්වාසයන් සංවිධානයේ පදනම වුණා.

සාමාන්‍ය මිනිසුන්ට වඩා මානසික ව ඉහළ මට්ටමකට පත්වීමට පෘථිවියට ඇති සියලු බැඳීම් අත්හල යුතු බව ඔවුන් විශ්වාස කළා. ඒ සඳහා තම පවුල, ‍රැකියාව, මිතුරන්, මුදල් පමණක් නොව, තම ලිංගිකත්වය පවා අත්හල යුතු වුණා. තමන් උපයන සෑම මුදලක් ම සංවිධානයට බැර කළ යුතු වූ අතර, සියලු ගනුදෙනු ලේඛනගත කළ යුතු වුණා.

ලිංගික සිතුවිලි ඇතිවීම වැළැක්වීම සඳහා ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම සහ සිරුර විරේක වන ඖෂධ නිතර ලබාගැනීම කළ යුතු වුණා. ඇපල්වයිට් ද ඇතුළු ඇතැමෙක් සිය ලිංගික අවයවයන් පවා ඉවත් කළේ තමාට ලිංගික හැඟීම් ඇතිවීම වැළැක්වීමට යි.

මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියට පැමිණි පිටසක්වළ ජීවීන් විසින් මනුෂ්‍ය වර්ගයා නිපදවූ බවත්, ඔවුන් ඉදිරියේ දී නැවත පැමිණ උසස් මානසික තත්ත්වයකට එළැඹිය හැකි මිනිසුන් කීපදෙනෙකු පමණක් ඔවුන් හා ‍රැගෙන යන බවත් ඇපල්වයිට්ගේ කණ්ඩායම විශ්වාස කළා. එම ‍තෝරාගත්තවුන් තමන් බව යි ඔවුන් සැලකුවේ.

1997 මාර්තුවේ දී මොවුන් සියලුදෙනාගේ ම අනාගතය තීරණය කළ “හෙළිදරව්වක්” පිටසක්වළ ජීවීන් විසින් ඇපල්වයිට්ට දැනුම් දී තිබුණා. ඒ, ‍තෝරාගත්තවුන් කණ්ඩායම වූ ඔවුන්ට පෘථිවිය හැර දා යෑමට කාලය එළඹ ඇති බවත්, ඔවුන් ගෙනයෑමට එන යානය හේල්-බොප් ධූමකේතුව පසුපසින් එන බවත්.

1997 මාර්තු 27 වන දා ලැබුණු 119 ඇමතුමකට අනුව සැන් ඩියේගෝ පොලීසිය විසින් රෑන්චෝ සැන්ටා ෆේහි නිවෙසකින් මළ සිරුරු 39ක් සොයාගත්තා. වයස 26 සිට 72 දක්වා වූ ගැහැණුන් 21 හා පිරිමින් 18කගේ, ඒ වන විටත් නරක් වෙමින් පැවැති සිරුරු එහි තිබුණා. එතෙක් කලක් එක්සත් ජනපදයේ සිදු ව තිබුණු විශාලතම සියදිවි නසාගැනීම එය බව පෙනෙන්නට තිබුණා.

සියදිවි නසාගෙන තිබුණේ Higher Source නමින් තමන්ව හඳුන්වාගත්, ඇපල්වයිට්ගේ සංවිධානයේ සාමාජිකයින් 39 දෙනෙක්. ඔවුන් තමන්ගේ ආහාරයට ෆීනොබාබිටල් මිශ්‍ර කර ලබාගෙන, ඉන්පසු තම හිස්වලට පොලිතීන් බෑගයක් දමාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඔවුන් සියලුදෙනා ම තම තමන්ගේ බංකු ඇඳන්වල එක ම ආකාරයේ කළු පැහැ ටී ශර්ට්, කලිසම්, සහ සපත්තු පැළැඳ මියගොස් සිටියා. පොලීසිය එහි පැමිණෙද්දී සෑම මළ සිරුරක් ම දම් පැහැ රෙද්දකින් වසා තිබුණා. ඔවුන් සෑම දෙනෙකුගේ ම අත්වල ගසා තිබූ බැජ් එකක, “Heaven’s Gate Away Team” යනුවෙන් සඳහන් වුණා. (Star Trek චිත්‍රපටවල “Away Team” යනුවෙන් හැඳින්වුණේ තම අභ්‍යවකාශ යානාවෙන් පිටත මෙහෙයුම්වලට යන කණ්ඩායමුයි).

දිවි නසාගත් නිවස..

ඇතැම් මළ සිරුරු නරක් ව තිබීමත්, ඇතැම්වා හොඳ තත්ත්වයෙන් තිබීමත් නිසා මොවුන් පිරිස එක ම අවස්ථාවක නොව, දින තුනක දී කණ්ඩායම් තුනක් ලෙස සියදිවි නසාගෙන තිබෙන බව පොලීසිය විසින් නිගමනය කළා. ඇපල්වයිට් මියගොස් තිබුණේ තෙවනි දිනයේ දී යි.

“අවසාන භෝජන සංග්‍රහය” සහ ඉන්පසු
තමා පිටසක්වළ ජීවීන් විසින් ‍තෝරාගන්නා ලද කණ්ඩායම ය යන විශ්වාසයෙන්, හේල්-බොප් සමග එන යානයකට නඟින බලාපොරොත්තුවෙන් සියදිවි නසාගැනීමට පෙර, ඇපල්වයිට් හා කණ්ඩායම අවසන් භෝජන සංග්‍රහයක් සඳහා ආසන්නයේ පිහිටි අවන්හලකට ගොස් තිබුණා.

අවන්හලේ සේවිකාවක් පසු ව ප්‍රකාශ කර තිබුණේ මේ පිරිස එක ම ආහාර වර්ගය ඇනවුම් කළ අතර, ඔවුන් කිසිවෙකු දුකින් පසුවන වග පෙනෙන්නට නොතිබුණු බව යි.

සියදිවි නසාගන්නා අවස්ථාවේ සාමාජිකයින් 39 දෙනා ම පැළැඳ සිටියේ නයිකි සමාගම විසින් නිෂ්පාදිත සපත්තු යි. මේ සිදුවීමෙන් පසු නයිකි විසින් එම මොඩලයේ සපත්තු නිෂ්පාදනය නවතා දැමුවා.

ඇපල්වයිට් හා පිරිස 1997 දී “පිටසක්වළ යානයේ නැඟී ගියත්”, එම කණ්ඩායමේ දෙදෙනෙකු ඔවුන් හා නොගොස් පෘථිවියේ නැවතුණා. ඔවුන් දෙදෙනා විසින් පවත්වාගෙන යන Heaven’s Gateහි වෙබ් අඩවිය තවමත් දක්නට පුළුවන්.

ගාමන්ට් යන කොල්ලෝ කෙල්ලෝ ලක්ෂ ගණනකට කෙලවෙයි. මෙන්න ලංකාවට පාත් වූ අලුත්ම හෙනය.

මේ වන විට අපේ රටේ පවතින බදු ප්‍රතිපත්තීන් නිසා සාමාන්‍ය ජනතාවට දැඩි පීඩනයක් එල්ල වනවා සේම මහා පරිමාණ ව්‍යාපාර කඩා දිනෙන් දින කඩා වැටෙමින් තිබෙන තත්වයටම පත්ව තිබෙනවා. එවන් තත්වයක් තුල ආහාර,වාසස්ථාන,ඇඳුම් යන මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් තුන සපුරා ගැනීමට පවා දරාගත නොහැකි අන්දමේ බදු බරක් පැටවී තිබෙනවා.

විශේෂයෙන්ම මේ වනවිට අපේ රටේ රෙදිපිළි සහ නිමි ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාරය පිළිබඳව කතා කරද්දී එය අර්බුදයට ලක්වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.ඊට ප්‍රධානතම හේතු සාධකය ලෙස මෙරටට ආනයනය කරන අමු රෙදි සහ නූල් වෙනුවෙන් බදු කිහිපයක්ම ක්‍රියාත්මක කිරීම බලපා ඇති බවයි සඳහන් වන්නේ.

එවන් තත්වයක් තුල ආනයනික අමු රෙදි සහ නූල් කිලෝවකට රුපියල් 100 බැගින් සේස් බද්දක් සහ එම ද්‍රව්‍ය යොදා යම් නිෂ්පාදනයක් සිදු කළවිට එහි වටිනාකම තවත් සියයට 10ක නිෂ්පාදන බද්දක් පැනවීම යන මෙතෙක් අය කළ බදු ප්‍රමාණයේ එකතුවට තවත් 15% ක වැට් බද්දක් පනවා ඇති බව වාර්තා වනවා. ඒ අනුව මෙම සම්පූර්ණ බදුවල එකතුව සියයට 40ක් පමණ වනවා.

කරුමාන්තකරුවන්ට දරාගත නොහැකි මෙහ විශාල බදුබර නිසා ඉදිරියේදී නිමි ඇඳුම්වල මිලද විශාල වශයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකි බවද පෙනී යනවා. එසේම මෙම බදු බර දරාගත නොහැකි වීමෙන් කර්මාන්තය කඩා වැටීමේ අනතුරකට පාත්‍ර වුවහොත් මෙම ක්ෂේත්‍රයා හා සම්බන්ධ සෘජු සහ වක්‍ර රැකියාලාභී දශ ලක්ෂයක් පමණ අනතුරට ලක්වීමේ අවධානමක් ඇති බවද විචාරකයින් පෙන්වා දෙනවා.

මේ අතර මෙලෙස පැනවූ බදු නිසා පසුගිය දිනවල ආනයනය කරන ලද රෙදිපිළි කන්ටේනර් 200ක් පමණ රේගුවේ හිරවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර මෙලෙස වැඩිපුර සියයට 15ක වැට් බද්දක් ගෙවීමට සිදුවුවහොත් එය ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාන බව ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා. එසේම ඉවත් නොකර වරායේ තබාගෙන තිබෙන මෙම කන්ටේනර් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාද වුවහොත් අධිභාරයක් ගෙවීමට සිදුවීමේ අවදානමකට තමන් ලක්විය හැකි බවද ඔවුන් ප්‍රකාශ කරනවා.

කෙසෙ වෙතත් මෙම ව්‍යාපාරිකයන්ගෙන් පමණක් වැඩි බද්දක් අයකිරීමට කටයුතු නොකරන බවත්, රජය සේවා සහ නිෂ්පාදන සඳහා සියයට 15ක වැට් බද්දක් අයකිරීම පිළිබඳව පසුගිය අයවැයේදී ප්‍රකාශයට පත්කර ඇති අැති බවත් එය අගෝස්තු මාසයේ සිට අයකර ගැනීම ආරම්භ කර බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

රටේ ආයෝජකයන් සඳහා පහසුකම් සලසන බවට ප්‍රචාරය කරන ආණ්ඩුව රට තුළ පවතින ව්‍යාපාරවලට අධික බදු පනවා ඒවා අඩපණ වීමට සැළැස්වීම අවධානය යොමුකළ යුතු කරුණක්.‍

මහා අපරාධ කල පාතාල නායකයන් රට පැන්නට පස්සේ නැවත ලංකාවට ගෙන එන්න බැරි නීතිමය මෙන්න.

ලංකාවේ පසුගිය කාලය තුළ සිදුවූ රට කැලඹූ බොහෝ අපරාධ පාතාල නායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවූ ඒවා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. එසේම මේ අපරාධ බොහොමයක් සමග මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, අංගොඩ ලොක්කා, ලඩියා ආදී කීප දෙනෙකුගේ නම් කියවෙනුද අප අසා ඇත. ඔවුන් මේ අපරාධ සිදුකරන්නේ ලංකාවේ සිට නොව ඩුබායි ඇතුළු වෙනත් විදේශීය රටවල සිට බවද කියැවේ. ඔවුන් විදේශවලට පලාගොස් තිබෙන්නේද මෙරට මිනිස් ඝාතන ඇතුළු බරපතළ අපරාධ කීපයක් සිදුකිරීමෙන් අනතුරුවය.

මාකඳුරේ මධුෂ්ගේ නියෝග හා උපදෙස් මත පාතාල නායක සමයං ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අංගොඩ ලොක්කා හා ලඩියා ඉන්දියාවට පලා ගියහ. එහිදී ඔවුන් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්විය. එහෙත් ඒ වන විට ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු හෝ නිල් නිවේදන කිසිවක් නිකුත් කර නොතිබුණ අතර ලංකාවේ අධිකරණයකින්ද ඔවුන්ට

වරෙන්තු නිකුත් කර තිබුණේ නැත. ඒ නිසා ඔවුන් සම්බන්ධයෙන් ඉන්දීය රජය, ලංකා රජයට දැනුම් දුන්නද මාස ගණනාවක් ගත වන තුරු මෙම සැකකරුවන් දෙදෙනා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ කර ඉන්දියාවට යැවීමට ලංකා රජය අසමත් වීම නිසා ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබූ හොඳම අවස්ථාව ගිලිහී ගියේය. දැන් ඔවුහු ඉන්දියාවෙන් ද පලාගොස් මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම තවදුරටත් ශක්තිමත් කරමින් සිටිති.

පසුගිය කාලයේ සිදුවූ අපරාධවලින් මධුෂ්ගේ ගිණුමට බැර නොවූ අපරාධයක් නැති තරම්ය. ඒ තරමටම ඔහු මෙරට අපරාධවලට නායකත්වය දී තිබිණ. ඩුබායිවල සිට ඔහු ඒ සියල්ල මෙහෙයවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි. කොස්ගොඩ සුජී සිටින්නේද ඩුබායිවල බව පැවසේ. ඔහුටද ඝාතන හතරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. එසේ නම් මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට තවමත් ශ්‍රී ලංකා රජය අසමත් වී තිබෙන්නේ ඇයි?

උදර්පන නීති ගිවිසුම් මගින් සිදුකෙරෙන්නේ යම් කිසි රටවල් දෙකක් අතර ඒ රටවලට අවශ්‍ය කරන අපරාධකරුවන් ඒ රටවල් දෙක අතර හවුමාරු කර ගැනීමට නීතිමය ඉඩ කඩ විවර කර දීමය. ලංකා රජය සමග මෙම උදර්පන නීති ගිවිසුමට අත්සන් තැබූ රටවල් වන්නේ මැලේසියාව, යුක්රේනය, ඉන්දියාව, පාකිස්ථානය, යනාදියයි. දැනට අපේ රටට අවශ්‍ය කරන මහ බැංකු බැඳුම්කර සිදුවීමට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ජීවත්වෙන සිංගප්පුරුව සමගද අප උදර්පන ගිවිසුමකට අත්සන් තබා නැත.

මෙරටට අවශ්‍ය කරන එහෙත් විදේශ රටක ජීවත්වෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මෙලෙස පැහැදිලි කළේය.

“විදේශ රටක ජීවත්වෙන කිසියම් පුද්ගලයෙක් මෙරට සිදුවූ අපරාධයක් සම්බන්ධයෙන් අපට අවශ්‍ය වෙනවා නම් අපට ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට සිදුවෙනවා. එහෙත් ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදන නිකුත් කරන්නේ මෙරට අධිකරණයකින් වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකුට පමණයි. ඒ වගේම එම පුද්ගලයා සිටින තැනක්ද අප දැන සිටිය යුතුයි. ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කළත් ඒ සැකකරු ජීවත්වෙන රටේ පොලීසිය අදාළ සැකකරු භාරදෙන්නේ අප එම රටත් සමග උදර්පන නීති ගිවිසුමකට අත්සන් තබා තිබුණහොත් පමණයි. අධිකරණයකින් කිසියම් සැකකරුවෙකුට අදාළව වරෙන්තු නිකුත් කළ අවස්ථාවක පොලිස් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගන්නවා. ඒ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික පොලීසියෙන් අදාළ අපරාධකරුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. එසේ රතු නිවේදන නිකුත් කළ පසු අදාළ රටත් සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුකරනවා. ඒ අනුව තමයි අපට අවශ්‍ය සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ.

උදර්පන නීති ගිවිසුමට අත්සන් තබා නැති රටක් තුළ ජීවත්වෙන සැකකරුවෙක් ගෙන්වා ගැනීමේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යොදාගත හැකිය. එහෙත් ඒ අදාළ රටේ පාලකයින් එකඟතාවක් දක්වන්නේ නම් පමණයි. යම් හෙයකින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන මෙරටට භාර දුන්නද ඔහුට හෝ ඇයට අදාළ නඩු විභාගයේදී සැකකරු නිදහස් වුවහොත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව ඔහුට මානව හිමිකම් නඩුවක් ගොනුකළ හැකිය. එසේ හෙයින් වරදකරුවෙක් බව ඔප්පු වී නැති තත්ත්වයකදී උදර්පන ගිවිසුමකටද අත්සන් තබා නැති රටක් කිසියම් සැකකරුවෙක් අපේ රටට භාරදීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. උදයංග වීරතුංග ලංකාවට භාරදීමේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය මැළිවන්නේ එම තත්ත්වය නිසාය.

ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කරන්නේ කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් කිසියම් රටකින් වරදකරුවෙකු කොට අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පමණි. එසේම එම සැකකරු සිටින තැනක් දැන සිටිය යුතුය. නිල් නිවේදන නිකුත් කිරීමක්ද ජාත්‍යන්තර පොලීසිය මගින් සිදුකෙරේ. ඒ කිසියම් රටක විභාගවෙන නඩුවකට අවශ්‍ය කරන, එහෙත් නිශ්චිතව ලිපිනයක් නොදන්නා අය ජීවත්වෙන ස්ථානය දැනගැනීම සඳහාය. දැනට ජාත්‍යන්තර පොලීසිය මගින් මාකඳුරේ මධුෂ්ට නිකුත් කර තිබෙන්නේ නිල් නිවේදනයක් පමණි. එහෙත් සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඍජුවම චෝදනා එල්ලව තිබෙන කොස්ගොඩ සුජීට රතු නිවේදන නිකුත් කර තිබේ.

එහෙත් තවමත් මේ දෙදෙනාගෙන් කිසිවෙක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ලබාගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් වී තැත. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග උදර්පන ගිවිසුම අත්සන් තබා නැත. ඒ නිසා මෙරට අපරාධකරුවන් වඩාත් පහසුවෙන් තම රැකවරණය පතා සැඟවී සිටීමට ඩුබායිවලට පැන ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. අප මෙතෙක් උදර්පන ගිවිසුම අත්සන් කර නැති එහෙත් අපට අවශ්‍ය අපරාධකරුවන් ජීවත්වෙන බවට තොරතුරු හෙළිවී තිබෙන රටවල් සමග මෙම ගිවිසුම අත්සන් තැබීමට මෙරට බලධාරීන් ක්‍රියා නොකිරීම නිසා ඔවුන් මෙහෙයවන අපරාධ රැල්ලද දිනෙන් දින ඉහළ යමින් පවතී.

උදර්පන නීති ගිවිසුමට සම්බන්ධ නොවන රටක සිටින සැකකරුවෙක් මෙරටට ගෙන්වා ගත නොහැකි නම් ඔහුට අයත් වත්කම් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත. එසේම එරට අධිකරණයකදී ඔහුට එරෙහිව නඩු විභාග කර දඬුවම් පැමිණවීමටද හැකි අතර එයට මෙරට නීතිඥයින්ගේ සහය ලබාදීමට සිදුවේ. ඉතාලියේ සමාගමකට අයත් ගුවන්යානයක් පැහැරගත් සේපාල ඒකනායක, තමන් සමග උදර්පන ගිවිසමුකට එළැඹ නැති ඉතාලි රජයට භාර නොදුන් ලංකාවේ ජනාධිපති ඔහුට එරෙහිව මෙරටදී නඩු පවරා දඬුවම් නියම කළේය.

සමයං ඝාතනය, කොස් මල්ලි ඝාතනය, පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව ඇතුලු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙක් ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් මෙහෙයවූ බවට පොලීසිය චෝදනා කරන, තවමත් ඩුබායිවල සැඟව සිටිමින් මෙරට පාතාල සාමාජිකයන් සමග දුරකතන මාර්ගයෙන් සබඳතා පවත්වන බව කියන, මුහුණු පොත ඔස්සේ අපරාධ මෙහෙයවන බව කියන, මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් මෙරට පොලීසිය ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකර තිබේද යන ප්‍රශ්නයක් තිබේ. මන්ද මධුෂ්ට තවමත් නිකුත් කර තිබෙන්නේ නිල් නිවේදන පමණකි. රතු නිවේදන නිකුත් කරවා ගැනීමට නම් මධුෂ් සිදුකළැයි කියන අපරාධ ඔප්පු කළ හැකි සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කර එම නඩුව සඳහා ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු කර තිබිය යුතුය. එහෙත් මධුෂ්ට නිල් නිවේදන පමණක් නිකුත් වීමෙන් පෙනී යන්නේ පොලීසිය තවමත් එයට සමත්ව නැති බව නොවේද? ඕනෑම අපරාධයක් සිදුවූ පසු මේ පිටුපස සිටින්නේ මධුෂ් බව කියනවාට වඩා එය ඔප්පු කළ හැකි සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම පොලිසියේ වගකීම නොවේද? එය එසේ නොවන්නේ ඇයි? උදර්පන නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්වලට මැදිහත් වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කියා සිටියේ තමන් වගකීම භාරගත් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලුම් කර තිබෙන්නේ හිටපු රුසියන් තානාපති උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට පමණක් බවයි.

මීට වසර දෙකකට පමණ පෙර ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කරනු ලැබූ කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රීක මැදිහත්වීම් සිදුකළේ ද යන ප්‍රශ්නයක්ද පවතී. එසේ සිදුකළේ නම් ඇයි තවමත් ඔහු සොයා ගැනීමට අපට නොහැකි වී තිබෙන්නේ? කොතැනක හෝ අඩුවක් සිදුවී තිබේ. එය සොයාබැලීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

උඩු හිතේ පියන ගලවා යටි සිතට කතා කර සඟවාගෙන සිටින දේවල් එලියට ගන්නා හැටි .

මෝහනයෙන් රෝග සූව කරන්නේ කෙසේද?
මෝහනයෙන් රෝග සූවකරන බව අපි අසා ඇත්තෙමූ. ඇත්තටම මෝහනයෙන් රෝග සූවකළ හැකිද? මෝහනය කියන්නේ කුමක්ද? අපි ඒ පිළිබඳව විමසා බලමූ.

හිත සියූම් තත්ත්වයකට ගැනීම තමයි එතනදී කෙරෙන්නේ. එම තත්ත්වයේදී යටි සිත සමග කතා කිරීමේ හැකියාව ලැබෙනවා. යටි සිතට අවට ශබ්ද ඇසෙනවා. ඒත් කතා කරන්නට පූළුවන් තමා කැමති නම් විතරයි. තමන් නොතේරෙන තත්ත්වයක පසූවීම නිසා නොදැන යම් දේ කරයි ද, කියවයි ද කියලා. බොහෝ අය තුළ බියක් තිබෙනවා. ඒ නිසාම තමයි මෝහනයට යොමූවීම සඳහා බියක් දක්වන්නේ.

සිත තුළ තදකරගෙන ඉන්න දේ මෝහනයට පත්වූවිට කියන්නට හැකියාව ලැබෙනවා. එම හැකියාව ලැබෙන්නේ යටි සිත මගින්. එයට හේතුව උඩූ සිත නිද්‍රාගතවීමේදී යටි සිතට ඇමතීමේ හැකියාව ලැබීමයි. අප සිත තුළ තිබෙන සියලුම ප්‍රශ්න ගබඩාකර ගන්නේ යටි සිත තුළයි. පූද්ගලයාවත් නොදැනීම සිදුවන ක්‍රියාවක් ලෙසින් එය හඳුන්වා දෙන්නට පූළුවන්.

Image result for hypnotism

එහි ප්‍රතිඵලය තමයි කාලයත් සමග සිරුරින් රෝග තත්ත්වයන් ලෙසට එය එළියට පැමිණීම. බොහෝවිට ඇදුම, පීනස, දියවැඩියාව සහ හමේ රෝග ලෙසින් එම තත්ත්වයන් මතුවිය හැකියි. සිත තුළ තද කරගෙන සිටින ප්‍රශ්න එළියට මතුවෙමින් කය ලෙඩ කරන්නට ගන්නේ අන්න එහෙමයි.

යටි සිතට කතා කරලා මෝහනය මගින් සිදුකරන්නේ උඩූ සිතේ පියන ඇරලා යටි සිත දිහා බලනවා වගේ වැඩක්. තවත් විදිහකින් කියනවානම් සෝඩා බෝතලයේ පියන ගැලෙව්වා වගේ. සෝඩා බෝතලයේ පියන ගැළවූ විට තිබෙන තරම් බූබූළු ටික උඩට මතුවී එය අවසන් වූ පසූ සෝඩා ටික නිශ්චල වෙනවා. අන්න ඒ වගේ. මෝහනය කළ සිත කියවන්නට පටන් ගන්නේ ඒ නිසයි. එවිට තමාගේ සිත තුළ ගුලිවී ඇති දුක ඉවරවෙන තුරුම කියවනවා. අඬනවා. ඇත්තටම ඒ ක්‍රියා කරන්නේ යටි සිත.

මෙය විහිළුවක් නොවෙයි. මෝහනය කළ වේලාව ඇතුළත අවට පරිසරයේ ශබ්ද, කතා කරන දේ පිළිබඳව ඉතාම කල්පනාකාරී විය යූතුයි. මෝහනයෙන් පසූ යම් සංකූලතා ඇතිවන්නේ මෝහනයට ලක් වූ පූද්ගලයා සිටි පරිසරය නිවැරදි එකක් නොවීම නිසාවෙනූයි. උදාහරණයක් ලෙසට මෝහනට පත්වූ අවස්ථාවේදී හෙණ හඬකට ගොදුරු වූණා කියමූ. එවිට පූද්ගලයා කම්පනයට පත්වෙනවා.
එවිට යථා තත්ත්වයට පැමිණි පසූත් එම කම්පනය එලෙසින්ම පවතිනවා. වැරදි වචනයක්, නරක දෙයක් හිතට දැම්මා නම් එය ද යටි සිතේ තැන්පත් වෙනවා. ඒ නිසාමයි මෝහනය කිරීම ඉතාම කල්පනාකාරීව කළ යූතු බව පවසන්නේ.

Image result for hypnotism

මෝහනයෙන් රෝග නිධානය සොයන විට එය කරන්නේ වෛද්‍යවරයා පමණක්මයි. එයට හේතුව යටි සිත තුළ තැන්පත් සියලුම දේ අදාල පූද්ගලයා විසින් කියවන නිසාවෙනූයි. ඒ නිසා විශ්වාසයෙන් පෞද්ගලිකවම එය කළ යූතුයි. එය ප්‍රතිකාරමය මෝහනයක් විය යූතුයි. ඉන්පසූ තමයි උපදේශනය ලබා දෙන්නේ මෙය සාමාන්‍ය උපදේශනයක් නෙමෙයි. විද්‍යානූකූලව සිදුකරන උපදේශන ක්‍රමයකුයි.

අමතක වීම ලෙඩක් වෙන හැටි

මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම ගැන අපි දුක් වෙනවා. ඒ වගේම තවත් විටක අපට යම් දෙයක් අමතක කිරීමට නොහැකි වීම ගැනත් අපි දුක් වෙනවා. බිනරගේ වයස අවු. 12යි. පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගනුම ලැබූ බිනරට තිබූ ලොකුම ගැටලුව වූයේ එදිනෙදා පාඩම් කරන දේ
අමතක වීමයි. මම දවසට පැය 5ක් පමණ පාඩම් කරනවා. පාඩම් කරේ නැත්නම් අම්මා බනිනවා. ඒත් මට ඒ පාඩම් කරන දේවල් ඉක්මණින්ම අමතක වෙනවා. විභාගෙ කිට්ටු වෙනකොට මට ලොකු බයක් දැනෙනවා. විභාගෙට ගියාම දන්න ටිකත් අමතක වෙනවා. ගිය සැරේ විභාගෙදි මට ගණිතයට තිබුණේ ලකුණු 40යි. අම්මා මට හොඳටම බැන්නා.

ඉහත සිද්ධිය කියවන ඔබට යම් දරැවෙකුට පාඩම් මතක තබාගැනීමට ඇති අපහසුව පෙන්නුම් කරනවා. ඒත් සමහර අවස්ථාවලදී අපේ සිතට වද දෙන මතකයන් අමතක කරන්න ඕන වෙනවා. එය සමහර විට මතක තියාගන්නවාටත් වඩා අපහසු වෙනවා. පහත කථාවෙන් එය පැහැදිලි වෙනවා.

සුජීවාගේ වයස අවු. 22යි. ඇගේ පෙම්වතා ඇගෙන් ඈත් වී දැනට මාසයක් වෙනවා. ඔහු නැවතත් ඇය වෙත නොඑන බව ඇය හොඳින්ම දන්නවා. නිතර දැනෙන දුක සහ වේදනාව තුළ සිරවී සිටි ඇය මෙසේ පැවසුවා.

Image result for forgetting

Dr. මට අමතක වෙන්න බෙහෙතක් දෙන්න. අතීතය මතක් වනවිට ඒ සිතුවිලි මට දරාගන්න බෑ.

ඉහත කතා දෙක කියවූ විට අපට ප්‍රශ්න දෙකක් මැවෙනවා.

1. අපි යමක් මතක තබා ගන්නේ කොහොමද?

2. අපිට ක්ෂණයකින් යමක් අමතක වන්නේ කොහොමද?

මතකය කියන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ජීව රසායනික ක්‍රියාවලිවක්. ඕනෑම දෙයක් අපට මතකයේ තබා ගැනීමට නම් මොළය තුළ ක්‍රියාවලින් තුනක් සිදුවිය යුතුයි.

1. ප්‍රථම රදවාගැනීම (Encoding)

මෙය හරියටම පරිගණකයකට තොරතුරු ඇතුළු කිරීමට යම් තොරතුරක් ටයිප් කරනවා හා සමානය.

2. තොරතුරු ගබඩා කිරීම (Storage)

ටයිප් කරන තොරතුරු පරිගණකය තුළ ගබඩා කරතැබීම හා සමානයි.

3. ගබඩා කරන ලද තොරතුරු නැවත මතකයට ගැනීම (Retrieval)

පරිගණකයේ ගබඩා කරන ලද තොරතුරු අපට අවශ්‍ය වූ විට නැවත එළියට ගැනීම සමානය.

අපි මතකය පිළිබඳ තව ගැඹුරින් සොයා බලමු. මතකයේ තවත් ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා ඒවා නම්.

I. සංවේදන මතකය (Sensory Memory), II. කෙටිකාලීන මතකය (Short – Term Memory), III. දිගුකාලීන මතකය (Long – Term Memory)

මොකද්ද මේ සංවේදන මතකය කියන්නේ?

අපි හිතමු ඔබට මගතොටදි ගසක් උඩ අත්තක මිහිරි හඬක් නගමින් සිටින කුරුල්ලකු දුටුවායැයි කියලා එම මොහොතේදී එම පක්ෂියාගේ මිහිරි හඬ මෙන්ම පෙනුමද ඔබ ආශ්වාද කරනවා නිසැකය. නමුත් ගෙදර පැමිණෙන ඔබට එම සිද්ධිය, එනම් මිහිරි හඬ සහ පක්ෂියාගේ පෙනුම සම්පූර්ණයෙන්ම ඒ ආකාරයටම මතකයට නැගීමට අපහසුය. මින් අදහස් වනුයේ. සංවේදන මතකය (Sensory Memory) තත්පර ගණනකට සීමා වන බැවිනි. අපට එය තවදුරටත් මතක තබාගැනීමට අවශ්‍ය නම් මෙම මතකය
කෙටිකාලීන මතක ධාරාවට එක්කර ගත යුතුය.

මොකද්ද මේ කෙටිකාලීන මතකය කියන්නේ?

කෙටිකාලීන මතකය අප තුළ ගබඩා වන්නේ Chunks නැමති ක්‍රියාවලිය තුළිනි. Chunks යනු වචන, ඉලක්කම් හෝ රූප වශයෙන් කොටස් 7කට සීමා කිරීමයි. මෙම මතකය තප්පර 15 සිට 25 දක්වා කාලයක් මොළය තුළ රුදෙන අතර ඉන්පසු ක්ෂය වී යයි. කෙටිකාලීන මතකයට යම් සිද්ධියක් ඔබට ඇතුළු කරගැනීමට අවශ්‍ය නම් එය නැවත නැවත මතක් කර යුතුය. අපි මෙතනදී අර කුරැල්ලා පිළිබඳ උදාහරණය ගනිමු. එම කුරැල්ලාගේ ස්වරූපය සහ මිහිරි කට හඬ ඔබ කීප වතාවක් මෙනෙහි කළානම් එය සංවේදන මතකයෙන් කෙටිකාලීන මතකයට ඇතුළු වේ. නමුත් කෙටිකාලීන මතකය තුළ ද යමක් රුදෙන්නේ තප්පර 25කි. මෙය ඔබ වැඩි කාලයක් මතකයේ තබාගැනීමට අවශ්‍ය නම් දිගුකාලීන මතක ධාරාවට ඇතළත් කරගත යුතුය. සැබැවින්ම මෙහි එන බිනරට විභාගය ආසන්නව බොහෝ කරුණු අමතක වී යන්නේ ඒවා දිගුකාලීන මතකයට නිසි ලෙස ඇතුළු වී නොමැති නිසාය.

Image result for forgetting

මොකද්ද මේ දිගුකාලීන මතකය කියන්නේ?

දිගුකාලීන මතකය මොළයේ එක් තැනකින් නිර්මාණය නොවේ. එය මොළය පුරා පැතිරී ඇති සංකීර්ණ ජාලාවකි. පළමුවෙන්ම මතක ජාලා මොළය තුළ ගබඩා වන්නේ හිපොකැම්පස් (HippCampus) නැමති කොටසේය. හිපොකැම්පස් තුළින් මෙම මතක ජාල මස්තිස්කය (CerebralCortex) තුළ සාර්ථක ලෙස ගබඩා වේ. අනෙක් කොටස නම් ඇම්ග්ඩෙලා (Amygdala) හැඟීම් සමඟ මිශ්‍ර වූ
මතකයන් මෙහි ගබඩා වේ. අපි හිතමු ඔබ කළු තඩි බල්ලෙකුට බිය වූවායැයි කියා එවැනි බල්ලකු ඔබ නැවත දුටුවොත් ක්ෂණිකව භීතියට පත්වේ. මෙම මතකයන් එළියට ගන්නේ ඇම්ග්ඩෙලාවල ක්‍රියාකාරීත්වයෙනි. දිගුකාලීන මතකයේ ප්‍රධාන කොටස් 4කි.

1. සාමාන්‍ය තොරතුරු ගබඩා කිරීම් අංශය (Declarative Memory)

මෙහිදී කෙනෙකුගේ නම්, මුහුණු, දින වකවානු සහ වෙනත් තොරතුරු මෙහි ගබඩා වේ. Ex- ඔහුගේ නම නිමල්. නිමල් සුදුයි. ඔහුට බයිසිකලයක් තිබෙනවා. එහි රෝද දෙකක් තිබෙනවා. 2. කුසලතා සහ අත්දැකීම්වලට අදාළ මතක ගබඩා අංශය (Procedural Memory) Ex- බයිසිකලය පැදීම, පිහිනීම, මෙම ක්‍රියාකාරකම් අපගේ කුසලතා බවට පත්ව ඇත්නම් ඒවා කිරීමේදී ක්‍රමවේදය නැවත මතක් කළයුතු නැත. මෙම හැකියාව ගබඩා වී ඇත්තේ කුසලතාවලට අදාළ කොටසේය. 3. දැනුම ගබඩා කිරීමේ අංශය (Semantic Memory) Ex- රටේ ජනාධිපති කවුද? වැනි දත්ත.

සාපේක්ෂතාවාදය සොයාගත්තේ කවුද?

ලෝකගෝලය තුළ අමෙරිකාව පිහිටියේ කොතැනද?

4. සිද්ධීන් පිළිබඳ මතක ගබඩා කිරීමේ අංශය (Episodic Memory)

යම් කාල සීමාවකදී සිදුවූ යම් යම් සිද්ධීන් අපට තවමත් මතක ඇත.

Ex- අයියාගේ මගුල් ගෙදර ඔබ නටපු හැටි.

උපාධි ප්‍රදාන උත්සවයේදී ඔබ උපාධිය ලබාගත් අයුරු.

ඉහත කොටස් කියවීමේදී සන්වේදන මතකය, කෙටිකාලීන මතකය, දිගුකාලීන මතකය සහ ඒවා මොළයේ ගබඩා වන ස්ථාන පිළිබඳ ඔබට හොඳ දැනුමක් ලැබුණා විය හැකියි. නමුත් මතකය පිළිබඳ තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඇත. ඒවා නම්

1. මතක තබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම වේද, 2. ආතතිය නිසා මතකයට හානියක් වේද?, 3. හැඟීම් සමඟ මිශ්‍ර වූ විට සමහර දේවල් අපට පහසුවෙන් මතක තබාගත හැකිය. ඒ ඇයි?

මේවා ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

 

නාන තොටුපලට කාන්තාවක් තනියෙන් ගියොත් ඇත්තටම කලුකුමාරයා ට හසුවනවාද? මෙන්න කාන්තාවන් ගැන වටිනා විස්තරයක්.

කාන්තාවගේ පාරිශුද්ධිය එදා මැනවින් පිළිගත් අතර, අදවනවිට වෛද්‍ය මතය අනූව කාන්තාවකට තිබෙන පිරිසිදුතාවය පූරුෂ සම්බන්ධයක් නොමැතිව වූව ද නැතිවී යෑමට ඉඩ තිබෙන බව පවසා සිටිනවා. නමූත් අතීතයේ පටන් දියූණූ වෛද්‍ය ක්‍රම තිබියදීත් මේ පිළිබඳව දැනූමක් පැරැන්නන් තුළ නැතිවූණා කියලා කියන්නට අපහසූයි. කාන්තාවක් වහළියක් වශයෙන් සලකනවා වෙනූවට ඔවූන් කාන්තාවක් වටිනවා කියලා සිතුවේ ඇයගේ මෙන්න මේ පාරිශුද්ධතාවය තිබෙන බැවිනි.

ස්ත්‍රියකගේ හා පූරුෂයෙකුගේ ශාරීරික ලකෂණ වෙනස්. පිළිගත් සම්ප්‍රදායන්, වත්පිළිවෙත් සියල්ලන්ගෙන්ම ආරක්ෂාවීමට වැඩි  බලපෑමක් තිබෙන්නේ ස්ත්‍රියටයි. මෙවැනි වත්පිළිවෙත්වලින් ආරක්ෂා නොවන්නේ නම් ඇය විනාශවීමේ වැඩි අවදානමක් ගනී. මන්ද මෙවැනි අනියම් සබඳතාවකින් අවසානයේදී අසරණ වන්නේ කාන්තාවයි. මෙවැනි තත්ත්වයකින් කාන්තාව ආරක්ෂා කර
ගැනීමට තමයි චාරිත්‍ර, ඇදහිලි පැරණි අය සිදු කළේ.

උදාහරණයක් විදියට කියනවා නම් කාන්තාවකට දිය නාන්නට තොටූපොළට තනියෙන් යැවීමක් සිදු කළේ නෑ. තොටූපෙළ ළඟ යකුන් සිටිනවා යනූවෙන් ඇයව බිය ගැන්වීමක් කළා. එසේ ඇයට මෙවැනි කාරණා පිළිබඳව වැඩිහිටියන් විසින් ඉතා සූරකෂම ලෙස කියාදී කණ්ඩායම් වශයෙන් ආරක්ෂාකාරී ලෙස යෑමට තමයි අවසර ලබාදුන්නේ. එසේ ඇයට දැඩි විනයක් සහ ආරක්ෂාවක් ලබා දුන්නේ පිරිමි ග්‍රහණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහායි. මෙන්න මේ විනය තුළ තමයි සිංහල කුල කාන්තාවක් ඇය ගේ මඟුල් දිනය එළැඹෙන තුරු දෙමාපියන් විසින් ආරක්ෂා කරගනූ ලැබූවේ.

තම දියණියව විවාහ කර දීම සඳහා චාරිත්‍ර වාරිත්‍ර රැසක් ඉටූකරනූ ලබන අතරම ඉන් ප්‍රධාන සාධකය වන්නේ එම මනාලියගේ පාරිශුද්ධත්වය සනාථකර පෙන්වීමයි. මනාලියගේ සහ මනාලයා ශුද්ධ තත්ත්වයට පත්ව ඇති බව සනාථ කිරීම සඳහා මංගල පෝරුව නිර්මාණය කර පෝරුවක තැබීමක් සිදු කරන්නේ. මංගල පෝරුව නිර්මාණය කිරීමේදී ද එය තරමක් උස්ව සිටින අයූරින් සකස් කරන අතරම ඒ සඳහා ඖෂධීය ගුණයෙන් යූතු ලීයක් භාවිතයට ගන්නා අතර එය අලංකාර අයූරින් සැරසීමක් ද සිදු කරයි.

මංගල දිනයේදී සාමාන්‍ය ජනයාගෙන් කැපී පෙනෙන අයූරින් මනාලිය සහ මනාලයා දිස්වන්නේ. විශේෂයෙන් මෙතැනදී කාන්තාව අනෙක් අය අතර කැපී පෙනෙන ආකාරයට සිටීම සිදු කළා. එම මනාලියව එදින දෙවඟනක් සිටින අයූරින් සැරසීම සිදුකළේ. සියලුම ඇඳුම් පැළඳුම් අතුරින් සූවිශේෂී තැනක් ඇය පළඳා සිටින මාල හතට ලැබූණා. එකට එකක් විශාල වන පරිදි සකස් කෙරුණූ මාලවල
අවසාන මාලය මනාලියගේ දෙපතුල දක්වා දිගින් යූතු වූණා. එම මාලය පොළවට ගෑවී නොගෑවී සිටින ලෙස පැළඳීම සිදු කළා. අදනම් මෙය මනාලියගේ උස, මිටිභාවය අනූව සකස් කරගනූ ලබනවා.

මනාලිය විසින් පළඳා සිටින මාල හත, පෙතිමාලය, ගෙඩි මාලය, කිරිබෝ මාලය, පොල් මල් මාලය, අගස්ති මාලය, ගෙල පෙති මාලය, තවලම් මාලය යන නම්වලින් හඳුන්වනූ ලබන අතර මේ සියලුම මාලවල අවසානයේ පදක්කමක් තිබෙනවා දකින්නට පූළුවන්. තව ද මේ මාල හත පත්තිනි මෑණියන්ගේ නම් වලින්ද හඳුන්වනූ ලබනවා.මේ මංගල මාල හත වටිනා ලෝහ සහ මැණික්වලින් නිර්මාණය කළ ද එම නිර්මාණ තුළ ගොඩනැගී තිබෙන්නේ අපට ප්‍රයෝජනවත්, ස්වභාවික ඖෂධ වන අරළු, බූළු, කිරි බෝ ඇට, පොල්මල්, අගස්ති ඇට, ආදී ගෙඩිවල හැඩවලට අනූකූලවයි.

මෙසේ වටිනා ලෝහවලින් නිර්මාණය කර තිබෙන මාල හතෙන් පෙන්නූම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයි. අතීතයේ සිට අද දක්වාම අප විශ්වාසයකින් හා ගෞරවණීයත්වයකින් යූතුව දේවත්වයෙන් වැදුම් පිදුම් කරන එකම දෙවි කාන්තාව පත්තිනි මෑණියයි. එයට හේතුව කාන්තාවගේ පිරිසිදු බව සංකේතවත් කරන නිසාවෙනි.

පත්තිනි පාලඟ දෙදෙනා අතර ඇති සබඳතාවය කිසිදාක නොබිඳුණූ එකකි. පාලඟ ඇයට කොතරම් වෙනස්කම් කළ ද ඇය ඉවසීමෙන් හා පති භක්තිය රැකෙන අයූරින් සිටි කාන්තාවකි. මෙන්ම මේ පති භක්තිය ඇති කාන්තාවක් ලෙස ප්‍රකට බැවින් ඇයට පත්තිනි යන නාමයෙන් ද හැඳින්වූ අතරම ඇයගේ ආත්ම හතක ගුණ ස්මරණය කිරීම සඳහායි, කුල ගෙදරට යන පතිනියකට මාල හත පළඳා පෝරුවක චාරිත්‍ර ඉටූකරන්නේ. ඉන් අනතුරුවයි මනමාල මහතාට හා එම පිරිසට ඇයව භාර දෙනූ ලබන්නේ. මංගල මාල හත මනාලිය වන දියණියකට එදින පළඳන්නේ ඇයත් පත්තිනි මෑණි කෙනෙකු විදිහට සලකනූ ලබන නිසාවෙනි.

පවිත්‍රතාව සොයන සාම්ප්‍රදායික චාරිත්‍රය -යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම

බාහිර පරිසරය කොතෙක් දුරට වෙනස් වූවත් ආකල්පමය වෙනස්වීම් එතරම් ශීඝ්‍රයෙන් සිදු නොවිය හැකිය. යූවතියකගේ පවිත්‍රත්වය කියන සූදු පිරුවටය නවීන සමාජය තුළ ඔබින්නේද නැද්ද යන කාරණාව අපට විග්‍රහ කළ හැක්කේ ආකල්ප වෙනස සහ නොවෙනස අතර දොලනය වන මාතෘකාවක් වශයෙනි.

ජීව විද්‍යාත්මකව කතා කළ හැකි කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නය නවීන සමාජය තුළ ගරු කරන පූද්ගලයන් ගරු නොකරන පූද්ගලයන් සහ තිබූණත් එකයි නැතත් එකයි කියන අතර මැදි පූද්ගලයන් යන ආකාර තුනින්ම ජීවත් විය හැකියි. මෙවැනි සිරිතක් අනූගමනය කරමින් ඇතැම් විට බලාපොරොත්තු වන්නේ විසිරෙන්නට දඟලන සමාජය එක්තරා ආකාරයකට එකතු කර ගැනීමට උත්සාහ කිරීමක් විය හැකියි.යූවතියකගේ පවිත්‍රත්වය සෙවීම විවාහය සමග පරිකෂා කරන සාම්ප්‍රදායික චාරිත්‍රයක් ලෙස අපට පහසූවෙන් හඳුන්වා දිය හැකියි.

කන්‍යාපටලය ජීව විද්‍යාත්මක පිහිටීමක්. ජීව විද්‍යාතමක පිහිටීමකට සාම්ප්‍රදායික සමාජය තීන්දු ගන්න එක පරීකෂාවලට භාජන කරන එක කොතරම් සූදුසූද කියන ප්‍රශ්නය මතුවෙනවා. වෛද්‍යවරුන් සඳහන් කරන අන්දමට යූවතියක් විවාහයට පෙර ලිංගිකව හැසිරුනත් නැතත් ස්වාභාවිකවම සියයට 25 ගේ පමණ ජීවවිද්‍යාත්මකව කන්‍යාපටලය නොපිහිටන්න පූළුවනි. මෙවැනි යූවතියන්ට වන බලවත් අසාධාරණය එහෙමත් නැත්නම් සමාජය තුළදී ලිංගික අතවරවලට ලක්වෙන යූවතියන්ට වන අසාධාරණය වැනි කරුණූ වලට ගොදුරුවූ යූවතියන්ට පිරිසිදු විවාහයකට ඇතුළත් වෙන්නට නොහැකිදෑයි කියන ප්‍රශ්නය මතුවෙනවා. අද බලන්න ලංකාවේ ලිංගික අපරාධ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ ගිහිල්ලා තියෙනවා. මේවාට ගොදුරුවෙන යූවතියන්ට සමාජය විසින් දෙන නිගමනය
කුමක්ද?

ලංකාවේ සමාජය තුළ තවමත් විවාහ සිදුවීමේදී ලිංගික පාරිශුද්ධිය පිළිබඳ ඇතැම් ආකල්පවල දෑඩි වෙනසක් වෙලා නැහැ. නමූත් අපි මූලින් කිව්වා වගේ සමාජ පරිසරය වෙනස් වෙලා. මෙයට හොඳම උදාහරණයක් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ පරීකෂණ කණ්ඩායමක් කරන ලද පරීකෂණයකට අනූව සොයා ගැනීම තවමත් ලිංගික පාරිශුද්ධිය ඇති ගැහැනූ දරුවන් විවාහකරගන්න බලාපොරොත්තුවන පිරිමින් සියයට 60 ප්‍රතිශතයක් තවම ඉන්න බව.

පොදුවේ ගත්තොත් ලෝකයේ සෑම සමාජයක්ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීම අනූමත කරන්නේ නැහැ. සමහර සමාජ දෑඩි දඬූවම් පවා පමූණූවනවා.

ලෝකයේ උතුරු ප්‍රදේශයේ ජීවත්වන “අශාන්ති” කියන ගෝත්‍රය තුළ විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයන් පවත්වන පූද්ගලයන් හෙල්ලයකින් ඇන මරා දමනවා. ලොව දියූණූ නොදියූණූ විධිමත් අවිධිමත් සියලු සමාජය අනිසි ලිංගික සබඳතා තුළ සමාජය ව්‍යාකූල වනවා යැයි සිතනවා. එම නිසා අපේ රටෙි විවාහයක් තුළදී සොයන සූදු පිරුවටය කියන පවිත්‍ර ගැහැනූ දරුවෙක්
සංකල්පය එහෙමත් නැත්නම් චාරිත්‍රය කල්තබාම ගැහැනූ දරුවන්ගේ ලිංගික ජීවිතය පාලනය කරනූ ලබනවා.

ආසියාතික සමාජය තුළ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව නිසා බටහිර රටවලට වඩා කාන්තාවට ඉහළ පිළිගැනීමක් තියෙනවා.

විවාහයකදී පෝරුවේ චාරිත්‍ර දෙනෝදාහක් මැද ඉටූ කරන අවස්ථාවේදී ලිංගිකව පාරිශුද්ධ බව නොමැති ගැහැනූ දරුවා බිම ඇද වැටෙි කියන මතයක් තියෙනවා. මේ නිසා තමන්ගේ ගෞරවය, පවූලේ ප්‍රතිරූපය, ගැන වඩාත් සිතන ගැහැනූ දරුවන් තම චරිතවත් ලෙස ජීවත්වීමට පෙළඹෙනවා. නැත්නම් වෙන්නේ පෝරුවේ චාරිත්‍ර කරන මොහොතේ ඇති කරන සිතිවිලි මතින් තමාගේ ප්‍රතිරූපය ඉහළ දෑමීමක් හෝ පහළ දැමීමක්.

සමාජ වටපිටාව නවීකරණය වෙද්දී මෙම චාරිත්‍ර ගැලපේද නොගැලපේද කියන කාරණාව සමාජ විද්‍යාඥයන්ට තීරණය කරන්නට බැහැ.

නමූත් ඓතිහාසික පැහැදිලි කිරීමක් කළ හැකියි. “බහූ විවාහ” චාරිත්‍ර වලදී ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව පරණ සමාජය තුළ එතරම් ගැටලූවක් වෙලා නැහැ. එවැනි විවාහයක් පවත්වාගෙන යන්න සූදු පිරුවටය අත්‍යාවශ්‍ය කාරණාවක් වෙලත් නැහැ. සමගි විවාහ යන කාරණාවේදී එම විවාහයට ඇතුළත් වන කාන්තාවට එම පවූලේ සිටින පිරිමි හත්දෙනකුට යටත්ව ලිංගික සම්බන්ධතා පැවැත්වීමට අවසර තියෙනවා. එවැනි අවස්ථාවකත් අපි කතා කරන කාරණාව ගැන සැලකිලිමත් වෙලා නැහැ.

එතැනදී පැහැදිලි වෙනවා සමාජය ශිෂ්ටාචාර ගතවන විට ඒ කියන්නේ අපේ සමාජය සිදුවන එක් කාන්තාවක් එක පිරිමියකු සමඟ විවාහවන එක් පූරුෂ එක භාර්යා විවාහ වලදී පමණක් ලිංගික පාරිශුද්ධිය කියන කාරණාව වැඩි වටිනාකමක් පෙන්වන බව. සාම්ප්‍රදායිකව මෙය කවර කාරණාවක් නිසා ගොඩ නැගුණාදෑයි හරියටම කියන්න බැහැ. නමූත් මෙය මහනූවර යූගයෙන් පසූව ඇති වූණා කියලා සමාජ විද්‍යාඥයන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් ලෙනාඩ් වූල්ෆ් විසින් රචිත ලිපි ලේඛන වල අපේ රටෙි ගැමියන් තමන්ට දාව උපන් ගැහැනූ දරුවන් එම ප්‍රදේශයේ ප්‍රභුවරුන්ගේ නිවෙස්වල පූංචි පූංචි අත් උදව්වලට යැවූ බවත් ඉන් අනතුරුව ප්‍රභූන් විසින් දරුවන් ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කර ගත් බවත් සඳහන් වෙනවා. මෙයින් ගැමියන් ප්‍රභූන්ගෙන් ඔවූන්ට තාන්න මාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එවැනි කාරණා එන්න එන්නම ඉහළ යෑම තුළ මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගත් බවත් සඳහන් වෙනවා. පවූල්වල ගැහැනූ දරුවන් ප්‍රභූන්ගෙන් බේරා ගැනීම සඳහා විවාහයේදී සූදු පිරුවටය කියන කාරණාව බලන්න සමාජය පූරුදු වූණාදෑයි හිතන්නත් පූළුවන්.

අවසන් වශයෙන් තව දෙයක් කිව හැකියි. ඇවැස්ස විවාහ වලදී සූදු පිරුවටය සෙවීම එතරම් බරපතල කාරණාවක් නොවූවත් දීග විවාහ හෙවත් පිටස්තර දෙදෙනකු අතර වන ආදර විවාහ සහ යෝජිත විවාහ වලදී සූදු පිරුවටය කියන කාරණාව තවමත් ලංකාවේ බලනවා. මෙය සූදුසූද නූසූදුසූද අපට තර්ක කිරීමක් පමණයි කළ හැක්කේ. ඉහත කාරණාවලින් සූදුසූ හා නූසූදුසූ දෙපැත්ත ගැන අපට සිතාබැලිය හැකියි. මෙය ආකල්පමය වෙනසක් හරහා ඇතිවිය යූතු දෙයක් මිස බලෙන් පටවන කාරණාවක් නොවිය යූතුයි.

නොමේරූ දරු ප‍්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද?

දරුවකු බලාපොරොත්තුවන කාන්තාවකට ගැබ් ගැනීමක් දැන ගැනීම තරම් තවත් සතුටක් නැත. දරුවකු ප‍්‍රමාද වූ හෝ විවාහයෙන් පසු දරුවකු පතන කාන්තාවකට මෙය ඉමිහිරි අත්දැකීමකි. එහෙත් කෙතරම් දරු ගැබ රැක ගත්තද නොසිතූ ලෙස අඩු මාසෙන් හෝ නිසි බර නොමැතිව දරුවා බිහිවන අවස්ථා තිබේ. මෙසේ නොමේරූ දරු ප‍්‍රසූතියක් ඇතිවීමට හේතු බොහෝය. එහෙත් ඒ ගැන මවුවරු එතරම් නොදනිති. එනිසාම නොමේරූ දරු ප‍්‍රසූතිය යනු කුමක්ද? එසේ වන්නේ ඇයි? එයින් වැළකීමට කළ යුත්තේ කුමක්ද? යන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

නොමේරූ දරු ප‍්‍රසූතිය යනු දරුවා බිහි විය යුතු කාලයට පෙර දරු උපත සිදුවීමයි. එනම් සති 37 – 42 ට පෙර දරු උපත සිදුවීමය.

සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග සති 37 ට පෙර සති විසි ගණන් දක්වා හදිසියේ උපත ලබන දරුවන්ද ජීවත් කරවන අවස්ථා අද බොහෝවිට දක්නට ලැබේ. එහෙත් මෙවැනි උපත් එනම් සති 22 – 28 පසු සිදුවන උපත් නොමේරූ උපත් ලෙසට ගැනේ. දරු උපතක් මෙසේ නොමේරූ උපතක් ලෙස අඩු මාසෙන් බිහිවීමට හේතු කිහිපයකි. එම අවදානම් සාධක මෙසේය.

  • වයස අවුරුදු 25 ට අඩු මවුවරු
  • එක් දරුවකුට වඩා ගැබ්ගෙන තිබේ නම්
  • මීට පෙර නොමේරූ දරු ප‍්‍රසූත සිදු වී ඇත්නම්
  • වෝටර් බෑගයේ තරල ප‍්‍රමාණයට වඩා වැඩි වූ අය
  • ගැබ්ගෙල දුර්වලතා ඇති වූ අය (cervical incompetnce) ඒ සඳහා ගැබ් ගෙල වටා මැහුමක් දමා ඇති අය
  • අධි රුධිර පීඩනය හෝ පූර්ව ප‍්‍රසව රක්තපාතය ඇති අය
  • ඉහත සඳහන් ගැටලූවලට මුහුණ දුන් කාන්තාවන් මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

කලින් හඳුනාගන්න පුළුවන්ද?

ගැබට සති 37 ක්් වීමට පෙර ගර්භයේ සංකෝචනයක් හා වේදනාවක් විනාඩි 10 – 15 කට වරක් ඇති වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම සමහර විට මෙම වේදනාව පැය 1 – 2 කාලයක් ඇතුළත ද ඇති වේ. එසේ වන්නේ නම් ඒ අඩු වයසින් දරුවා බිහිවීමේ පෙර නිමිති විය හැකිය. වහාම රෝහල් ගත විය යුතු වේ.

මෙම ලක්ෂණ පහළ වන ඉහත සඳහන් අනතුරුදායක ලක්ෂණ පවතින අය වඩාත් සැලකිලිමත් විය යුතුය.

රෝහල්ගත කළාට පසු

දරු ප‍්‍රසූතියට නියමිත කාලයට පෙර උදර වේදනා සහිතව කාන්තාවක් රෝහල්ගත කළ පසු ගැබ රැුක ගැනීමට කරන පිළිවෙත් මෙසේය.

ගර්භය සංකෝචනයවීම වළක්වන ඖෂධ වහාම ලබා දෙයි. මෙම ඖෂධ නොමේරූ ප‍්‍රසූතිය සිදුවීමට පෙර ලකුණු පහළ වූ මුලදීම ලබා දීම ඉතාම වැදගත් වේ.

මව රෝහලකින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කළ යුතු නම් පළමු රෝහලේදී මෙම ඖෂධ ලබා දිය යුතු වේ. එය ඉතාම වැදගත්ය.

අඩු වයස් ප‍්‍රසූතියක් සිදුවේගෙන එන්නේ නම් දරුවාගේ ජීවිතය රැුක ගැනීම සඳහා පෙණහලූ ආරක්ෂා කර ගැනීමට ඖෂධ ලබා දෙයි. මෙමගින් නොමේරූ දරු උපතක් වුවත් දරුවාගේ පෙණහලූ කල් තබා මේරීමට පටන් ගනී. මෙය එවැනි ප‍්‍රසූතියකට ආසන්න වූ විට පැය 48 ක කාලයේදී නික්ෂේපණ හතරක් මගින් වහාම ලබා දිය යුතු වේ. ඉහත ඖෂධවලට අමතරව මවට ඇඳ විවේකය ලබා දීම ඉතාම වැදගත්ය. මවට අත්‍යවශ්‍ය ශාරීරික අවශ්‍යතාවලදී පවා ඇඳ විවේකය සහිතව ඇඳෙන් බැසීමට ඉඩ නොතබා විවේකය ලබා දිය යුතුවේ.

මේ හැර රෝහලේදී එවැනි මවකට ප‍්‍රතිජීවක ඖෂධ ලබා දෙයි. එසේ ලබා දෙන්නේ වෝටර් බෑගයේ තරලය පිටවීමට පටන් ගතහොත් පමණි.

දරුවාගේ ජීවිතය රකින්න රෝහලෙන් විශේෂ සත්කාර

ඉහත පිළිවෙත් සිදු කළත් දරුවා නොමේරූ දරුවකු ලෙසින් බිහි වුවහොත් ඉතාම ප‍්‍රවේසම්ව දරුවාගේ ජීවිතය රැුක ගැනීමට කටයුතු කළ යුතු වේ. ඒ මෙසේය.

විෂබීජ ශරීර ගත වීමෙන් ආරක්ෂා කළ යුතු වේ. හේතුව මෙවැනි දරුවන්ට ඉතාම පහසුවෙන් විෂ බීජ ශරීර ගත වී මිය යා හැකි නිසාය.

මේ හැර මෙවැනි දරුවන් ශ්වසන ආබාධවලට ගොදුරුව මිය යා හැකිය.

නොමේරූ දරුවා යනු මවුකුස තවදුරටත් වර්ධනය වන දරුවෙකි. ඒ දරුවාට මවුකුස උණුසුම අවශ්‍යය. එසේ නොවුණහොත් මිය යා හැකිය. එනිසා මෙවැනි දරුවන්ට ශාරීරික උෂ්ණත්වය ඉතාම අවශ්‍යය.

අඩු මස් දරුවාට මවු කිරි උරාබීම අපහසු වේ. මේ නිසා මෙවැනි දරුවන්ට නිසි ක‍්‍රමවේද අනුව මවගේ කිරි ලබා දිය යුතු වේ.

අඩු මාසෙන් නොමේරූ දරුවකු ලෙස උපත ලබන දරුවා නොමේරූ ළදරු ඒකකයේ නිසි ලෙස වර්ධනය වනතුරු තබා ගනී. එහි කාලය නියම කරන්නේ බිහි වූ දිනය අනුව වෛද්‍යවරයා විසිනි. මෙහිදී මවට ගෙදර යා යුතු යැයි මැසිවිලි කිව නොහැකිය.

ඉහත සඳහන් සියලූ ගැටලූවලට රෝහලෙන් විසඳුම් ලබා දුන්නත් මව තමාට නිසි ප‍්‍රසුති කාලයට පෙර දරුවා බිහිවීමට ලක්ෂණ පහළ වූ විගස රෝහල් ගත විය යුතුය. එවිට බොහෝවිට නොමේරූ උපතක් වුවද කල් තබා නිසි ප‍්‍රතිකාර ලැබීමෙන් දරුවාට ජීවත් වීමේ වාසනාව උදා වේ.

කොතරම් බෙහෙත් බිව්වත් ලෙඩ හොඳ නැද්ද ? සමහර විට ඔබ බෙහෙත් බොන විදිහ වැරදි ඇති. මෙන්න නිවැරදිව බෙහෙත් බොන හැටි.

කෑමට පෙර, කෑමට පසු ලෙස ඖෂධ ලබාගන්නා විට ආහාර සමඟ ඒවා භාවිතා කළයුතු ආකාරය ගැන ඔබට වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුවෙයි. ආහාර සහ ඖෂධ අතර අතර අන්තර් ක්‍රියාවන් පාලනය මෙහි අරමුණයි. ආහාර සහ ඖෂධ අතර අන්තර්ක්‍රියාවන් යනු කුමක්ද? එවායින් ඇතිවන බලපෑම කුමක්ද? නැත්නම් තේරෙන බාසාවෙන් කීවොත් දොස්තර කියන වේලාවටම කියන විදියටම බේත් බොන්න ඕනෑ ඇයි?

කෑම වේලත් සමඟ ඖෂධ ලබාගන්නා ආකාරය අනුව ඖෂධයේ ගුණය හොඳින් ලැබීම හෙවත් පත්තියම් වීම වගේම එය වැරැදුනොත් බෙහෙතෙන් පලක් නැතිවීමත් සිදුවිය හැකියි. මෙහිදී සිදුවන්නේ අප ගන්නා ආහාර තුළ ඇති රසායණ කොටස්, ඖෂධවල අඩංගු සමහර රසායන සංඝටකයන් සමඟ ක්‍රියා කිරීමෙන් ඖෂධය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. මෙය විටමින්, ඛනිජ වර්ග හා ප්‍රති අම්ලකාරක ඖෂධ (antacids) සඳහාද අදාළ කාරණාවකි. වෛද්‍ය උපදෙස් අනුවම පමණක් බේත් ලබාගන්නට යැයි කියන්නේ ඒ නිසාය.

Related image

සෑම ඖෂධයක් සඳහාම ආහාරවල බලපෑමක් නොමැත. නමුත් බොහෝමයක් ඖෂධ සඳහා අප ගන්නා ආහාර වර්ග හා ආහාර ගන්නා වේලාව මගින් බලපෑමක් ඇති කරනු ලැබේ. උදාහරණයක් ලෙස සමහර ඖෂධ වර්ග හා ආහාර එකම වේලාවට ගැනීම මගින් ආහාර මාර්ගයේදි ඖෂධ උරා ගැනීමට බාධා ඇති කරනු ලබයි. සමහර ආහාර මගින් ඖෂධ සිරුරට අවශෝෂණය කිරීම ප්‍රමාද කිරීම හෝ අඩුකිරීම සිදුකරනු ලබයි. කෑමට පෙර ගන්න, කෑමට පසුව ගන්න ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දෙන්නෙ මේ හේතුව නිසයි. ඒ උපදෙස් නොතකා ක්‍රියාකළොත් ඖෂධයෙන් බලාපොරොත්තු වන ගුණය නිසි ලෙස නොලැබී යා හැකියි. එබැවින් සමහර ඖෂධ වර්ග ආහාර ගැනීමට පෙර (empty stomach) ගත යුතුවේ.

උදාහරණ ලෙස බඩේ ගෑස් සඳහා බහුලව නියම කරන – Omeprazole කරල ආහාර ගැනීමට පෙර ගතයුතුයි. වේදනා නාශකයක් වන – Diclofenac පෙත්ත නියම කරන්නේ ආහාරයට පසු ගතයුතු ලෙසටයි. අනිත් අතට සමහර ඖෂධ වර්ග ආහාර සමඟ ගැනීම හිතකර වේ. උදා: දියවැඩියාව සඳහා භාවිතා කරන – Metformin පෙන්වා දිය හැකියි. (නමුත් මේ පිළිබඳ උපදෙස් අදාළ වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් ලබාගැනීම සුදුසු වේ.)

මේ අන්දමට ඖෂධ සහ – ආහාර අතර අන්තර්ක්‍රියා හේතුවෙන් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා ඒ ඔබ පිළිබඳ දැනගත යුතු කරුණු කිහිපයක් තමා මේ.

• හැකි සැම විටෙකම ඖෂධ ඇසුරුමේ ලේබලයේ ඇති උපදෙස් (Warning Interactions and precautions) හොඳින් කියවා ඔබට නොතේරෙන යමක් ඇත්නම් වෛද්‍යවරයාගේ හෝ ඖෂධවේදියාගේ උපදෙස් ලබා ගන්න.

ඖෂධ සැමවිටම ඇසුරුමේ සඳහන් උෂ්ණත්වයේ තබාගත යුතුය. සමහර ඖෂධ ශීතකරණයේ තබා ගත යුතුය. තවත් සමහර ඒවා ශීතකරණයේ තැබීම නුසුදුසුය. සැම ඖෂධයක්ම වාගේ අධික උණුසුමෙන් ඈත් කර මනාව අසුරා ආරක්ෂිතව තැබිය යුතුය.
වෛද්‍යවරයා විශේෂ උපදෙස් දුන් අවස්ථාවක හැර,

• සෑමවිටම ඖෂධ සම්පූර්ණ වතුර වීදුරුවක් සමඟ ගත යුතුවේ. කිසිවිටකත් ඖෂධ ආහාර සමඟ මිශ්‍ර කර නොගත යුතුයි.

• කරල් බේත් ලබාදුන් විට කැප්සියුලය නොගලවා භාවිතා කළ යුතුය.

• සමහර ඖෂධ කෙරෙහි වෙනත් ඇතැම් ඖෂධ වර්ග හා ඛනිජලවණ වර්ග බලපෑම් ඇති කරන බැවින් ඒවා එකම වේලාවකදී භාවිතා නොකළ යුතුයි. නිදසුන් හැටියට ඛනිජ ලවණ වන යකඩ හා කැල්සියම් එකට ගන්නට නිර්දේශ නොකරයි. එසේම වෛද්‍ය උපදෙස් රහිතව හිතුමතේ අමතර විටමින් ලබා නොගත යුතුයි.

• තාපය මගින් ඖෂධවල රසායනයට බලපෑම් ඇති කරන බැවින් උණුසුම් පාන වර්ග සමඟ මිශ්‍රකර ඖෂධ භාවිතා නොකළ යුතුය.

• කිසිවිට මධ්‍යසාරමය පාන සමඟ ඖෂධ භාවිතා නොකළ යුතුය.

වෛද්‍ය චන්දන ධර්මරත්න
කළුබෝවිල ශික්ෂණ රෝහල

පශ්චාත් උපාධියට ගැඹුරු බුදු දහම තෝරා ගත් මුස්ලිම් මව්ලවි තුමා.

බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් පුද්ගලයා

“ජීවියෙක් එයා බිහි කරන කෙනාගෙන් වෙන්වුණාම එයා අයිති සොබාදහමට. ඒකයි ඇත්ත. අපි, විශේෂයෙන් මිනිස්සු මේ ඇත්ත වෙනුවට සංස්කෘතියක් හදාගන්නවා. අම්මා, තාත්තා, ආදරේ, ජාතිය, ඔය කතන්දර ඔක්කොම නිසා අපේ බැඳීම අපව අහුරනවා.’නිශ්ශංක විජේමාන්නගේ ‘හඳ පළුව තනි තරුව’ නවකතාවේ එහෙම සටහනක් වෙයි.

එය මොන තරම් අපූරු ඇත්තක්ද? මිනිසා සොබාදහම සතු සත්වයෙකි. සියලු සංස්කෘතිකයන්, ආකල්ප, ආගම්, ජාතීන් බිහිවන්නේ ඔහු වටකරගෙනය. මතක තබාගත යුත්තක් වෙයි. ඒ සියලු දෙනාම සොබාදහමේ සම හිමිකරුවන් වගයි. මේ කතාව දිගහැරෙන්නේ ඒ වග පසක් කරමින්ය.
“අච්චේව කිච්චං ආතප්පං, කෝ ජඤ්ඤා මරණං සුඛේ”

“මම දවසක ඉගෙනගත්තා, බද්දේකරත්ත සූත්‍රයේ කියවෙන මේ දේ. ඒ කියන්නේ අද කරන්න ඕන දේ අදම කරන්න ඕනේ, අනාගතය අවිනිශ්චිතයි කියලා. මේ වගේම දෙයක් අපේ නබිතුමත් කිව්වා හෙට කියල දෙයක් තියාගන්න එපා කියලා.” මොහමඩ් අසාත් සිරාස්, මාදම්පේ ඉස්ලහියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකි. මුස්ලිම් මවුලවිවරයෙකු (පූජකයකු) වන ඔහු සිය උසස් අධ්‍යාපනය හා උපාධියද හැදෑරුවේ දෙමළ බසිනි.


වසර කිහිපයක සිට බෞද්ධ හා මුස්ලිම් ජන කොට්ඨාසවල ඇතැම් පාර්ශ්ව අතර ඇති පරතරය හා දුරස් බව පිළිබඳ කනගාටු වන අසාත්, බෞද්ධ අධ්යා පනය ලැබීමේ අරමුණ ඇතිව, 2017 වසරේදී ශ්රීධ ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ශාස්ත්‍රපති උපාධිය සඳහාය. ඒ අනුව, එම විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් පුද්ගලයා වීමටද ඔහුට හැකියාව ලැබිණි. “මුස්ලිම් ජනතාව හා බෞද්ධ ජනතාව අතර යම්කිසි පරතරයක් හා දුරස්කමක් මෑතකදී ඇති වෙලා තියෙනවා. මේක නැති කරන්න අපිට අවබෝධය කියන දේ ඉතා වැදගත්. අන්න ඒ කාරණාව නිසා තමයි මම බෞද්ධ අධ්‍යාපනයට යොමුවන්නේ” යැයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමට පදනම් වූයේ කුමක්දැයි ඇසීමේදී අසාත් පැවසුවේය.
“ආගමික දර්ශනයන් අධ්යෞයනය කිරීමෙන් දැනුම එනවා, තවත් ආගමක් අධ්යයයනය කරද්දී ඒක වැඩිවෙනවා.”

අද සමාජය තුළ යම් ආගමක් හෝ දහමක් වටහාගන්නේ ජනමාධ්‍යය තුළින් හෝ ඒ ආගම දහම පිළිපදින අය දෙස බලා යැයි පවසන අසාත් මෙය නිවැරදි ක්‍රමයක් නොවන බව පවසයි.

“ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ. ප්‍රධාන ග්‍රන්ත – මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ. එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලා ආගමක් – දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ.” යැයි ඔහු කියා සිටියේය.

දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකුට සිංහල සහ පාලි භාෂාවලින් යමක් ඉගෙන ගැනීම පහසු කාර්යක් නොවේ, විශේෂයෙන්ම ශාස්ත්‍රපති වැනි පාඨමාලාවක් තවත් දුෂ්කර අභියෝගයකි.
“මම දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තට මැලේ ජාතිකයකු වීම නිසා මට හොඳට සිංහල කතාකරන්න පුළුවන්. නමුත් ලියන්න වගේම බර වචන මම දන්නේ නැහැ. පාලි භාෂාවෙන් සමහර දේවල් ඉගෙන ගනිද්දී මට ඒක ලොකු අභියෝගයක් වුණා.

“නමුත් මාත් එක්ක එකට පන්තියේ හිටපු සහෝදර සහෝදරියන්, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා මට ලොකු දිරිගැන්වීමක් කළා.

ගොඩක් උදව් කළා. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුත් හොඳ සහයෝගයක් දුන්නා.” අසාත් කියා සිටියේය.
බෞද්ධ දර්ශනය හැදෑරීමේදී තම ඉස්ලාම් ආගමේ සහ බෞද්ධ දර්ශනයේ ඇති සමානතා රැසක් ගැන තමන්ට හොඳ අවබෝධයක් ලැබුණු බව අසාත් පවසයි.

“සාමය වෙන්න පුළුවන්, සහජීවනය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්, මේ වගේ කරුණු එක හා සම්බන්ධ වෙනවා.

“අපි අතර තියෙන්නට ඕනේ රාමුවෙන් එහාට ගිහිල්ල හිතන මනසක්. මුස්ලිම්වරයෙක් ලෙස මා තුළත් සමහර රාමු තියෙනවා.

ඉතින් ඒ රාමුවේ ඉඳල තමයි මම අනිකුත් ආගම් දිහා බලන්නේ. අන්න ඒකට එහා ගිහිල්ල අපි මේ දිහා බලන්න ඕනේ. ඒක ලේසි නැහැ, ඒකට විවෘත මනසක් තියෙන්න ඕනේ,” අසාත් පවසයි.
සැම දහමකට පොදු වූ වටිනාකම් පද්ධතියක් ඇති බව පවසන ඔහු, ඒවා සියලු දෙනාට පොදුවේ බෙදා හදාගත හැකි බව කියා සිටී.

“ඉතින්, අපි හැමෝටම පොදුවේ බෙදාහදා ගතහැකි ඒ දේවල් කුමක්ද, ඒවා හඳුනාගැනීමයි මගේ අරමුණ වුණේ.”

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2017 දෙසැම්බර් මාසයේ පැවති ශාස්ත්‍රපති විභාගයෙන් අසාත් සමත් වී ඇති බව ඔහුට පසුගිය ජුලි මාසයේ නිකුත් කළ ප්‍රතිඵලවලින් දැනගන්නට ලැබුණි.
“මම ගොඩක් සතුටු වුණා, විභාගය සමත් වුණා කිව්වම. දැන් මගේ අරමුණ මේ මං ලබාගත් අවබෝධය මුස්ලිම් සමාජයට ලබාදීමයි.

“මේ රටේ ජීවත්වෙන මුස්ලිම් අය හැටියට බෞද්ධ අධ්‍යාපනයත් වැදගත් කියන දිරිගැන්වීම කරන්න මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු කියා සිටියේය.

බුදු දහම මෙන් ඉස්ලාම් දහමත් හැදෑරීමට අන් අයට ඉඩක් ඇත්දැයි විමසූ විට අසාත් පැවසුවේ, එයට කිසිදු බාධාවක් නොමැති බවය.

“ඒ වුණාට අපේ රටේ එහෙම අවස්ථා අඩුයි. මගේ යාළුවෝ අහනවා ඔයා බෞද්ධාගම අධ්‍යයනය කළා වගේ අපිටත් ඉස්ලාම් ආගම අධ්‍යයනය කරන්න තැන් තියෙනවද කියලා.
එහෙම තැන් නැත්තෙම නැහැ. ඒත් ඒක වැඩිවෙන්න ඕනේ.” ඔහු කතාබහ අවසන් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළ පළමු මුස්ලිම් ජාතිකයා අසාත් සිරාස් බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පැවසූහ.
“අපි මේ හැම ආගමක්ම ඉගෙනගන්න ඕනේ. මේ අනවශ්‍යම ප්‍රශ්න ඇති වෙන්නේ ආගම් ගැන ඇති අනවබෝධය නිසා.

මින් පෙර කතෝලික පියතුමන්ලා, දෙමළ ජාතිකයන් මේ පාඨමාලාව සම්පූර්ණ කරලා තියෙනවා. ඒත් මුස්ලිම් ජාතිකයකු අපේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ගත් පළමු අවස්ථාව මෙයයි” උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ආගම් අතර ගැටලු ඇති වන්නේ ඒ ඒ ආගම් ගැන නිසි අවබෝධයක් සියලු දෙනා අතර නොමැති වීම නිසා, යැයිද සඳහන් කළ උන්වහන්සේ, මූලික අධ්‍යාපන සුදුසුකම් ඇති ඕනෑම ජනවර්ගයක අයෙකුට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දොරටු විවෘත බව පෙන්වා දුන්හ.

“ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙක්ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි.

ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි.”
මෙහෙම කියන්නේ ආතර් ෂොපෙන්හවර්ය. ලෝකයට අවැසි වන්නේ අනෙකාගේ හුස්ම වැටෙන තාලයට පවා ආදරය කරන මිනිසුන්ය. ඊට ආදරය කරන්නා කිසිවෙකුගේ නෙතක කඳුළට සිනාසෙන්නේ නැත. විහාරයේ පිරිත් ස්වරයත්, පල්ලියේ යාතිකා හඬත්, කෝවිලේ පූජා ස්වරයත් එකලාව ගෙන ගරු කළ හැකි නම් තවත් සුන්දරත්වයක් කොයින්ද?

උපුටා ගැනීම – රැස පුවත්පත

ලංකාවේ සිගරට් භාවිතය පහලට… ආණ්ඩුවට ලැබෙන අදායම විශාල ලෙස පහලට..

සිගරට් කියන්නේ ශරීර සෞඛ්‍යට ඉතා අහිත කර ද්‍රව්‍යක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔයා දන්නවා ඇති මීට වසර ගණනාවකට කලින් ලංකාවේ දුම්පානය තිබුණු තත්වය. ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානයට තහනමක් තිබුනේ නැහැ.

විශේෂයෙන් මගී ප්‍රවාහන බස් රථ සහ දුම්රිය තුල පවා දුම් පානය සිදු වුනා. නමුත් ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය තහනම් කිරීම, දුම්රිය ස්ථානයේ පවා දුම්පානය තහනම් කිරීම සහ විශේෂයෙන් සිගරට් මිල ඉතා ඉහල යාම නිසා සිගරට් පානය කරන පිරිස අඩුවෙලා.

නවතම සන්ක්යාලේඛන අනුව ලංකාවේ දුම් වැටි භාවිතය බොහෝසේ අඩුවෙලා. මේ නිසාම විශාල ගැටලුවකට ලක්වෙලා තියෙන්නේ රජයයි. හේතුව රජයේ අධායමෙන් විශාල කොටසක් වූ සිගරට් නැත වූ බදු මුදල් ලැබීම විශාල ලෙස කඩා වැටිලා. මේ ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් රජය තුල ප්‍රභලයන් අතර මත ගැටුම් ඇතිවන තත්වයකට මෙය දුරදිග ගිහි.  වීඩියෝවෙන් සම්පුර්ණ විස්තරය බලන්නකෝ.