වවුල් රුධිරය පානය කරමින් දින 10ක් සහරාවේ අතරමං වී සිටි මැරතන් ක්‍රීඩකයා

ලොව පැවැත්වෙන විශාලතම මැරතන් ධාවන තරඟ අතරින් සහරා කාන්තාරය හරහා පැවැත්වෙන දින හයක් පුරා කිලෝමීටර් 251ක දුර ප්‍රමාණයක් ආවරණය කෙරෙන Marathon des sables පිළිබඳව ඔබ අසා තිබෙනවාද? 1984 වසරේ සිට වසරක් පුරා මෙම තරඟය පැවැත්වෙනවා.

අද ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ 1994 වසරේදී පැවැත්වුණු Marathon des sables තරඟයේදී මවුරෝ ප්‍රොස්‌පෙරී (Mauro prosperi) නම් ක්‍රීඩකයාට මුහුණ දීමට සිදු වූ බියකරු සිදුවීමක් පිළිබඳවයි. මැරතන් තරඟයට සහභාගී වූ ඔහු සහරා කාන්තාරයේ අතරමංව තම මුත්‍රා හා වවුලන්ගේ රුධිරය පානය කරමින් දින 10ක් තිස්සේ තම ජීවිතය රැකගත් ආකාරය පිළිබඳව මෙම ලිපියේදී විස්තර කෙරෙනවා.

1984 වසරේදී සහරා කාන්තාරය හරහා මැරතන් ධාවන තරඟයක් ලෙස මුල් වරට Marathon des sables තරඟය ආරම්භ කරන නමුත් පළමු නිල​ මැරතන් තරඟය ලෙස හදුන්වන්නේ 1986 වසරේදී පවත්වන ලද තරඟයයි. තරඟකරුවන් 23 දෙනෙකු මෙයට සහභාගී වූ අතර පිරිමි හා කාන්තා යන අංශ දෙකෙන්ම ජයග්‍රහණය ලබන්නේ ප්‍රංශ ජාතික ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක්. 2009 වසරේ තරඟය සඳහා තරඟකරුවන් 1000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර මේ සඳහා මැරතන් සංගමයක් පිහිටුවන්නෙත් 2009 වසරේදීයි.

වසරක් පාසා පැවැත්වෙන මෙම තරඟයේ මූලික අරමුණ වන්නේ මොරොක්කෝවේ වෙසෙන දරුවන්ගේ සෞඛ්‍යය​, අධ්‍යාපනය හා ජීවන තත්වය නගා සිටුවීමේ ව්‍යාපෘති සඳහා මුදල් ආධාර රැස් කිරීමයි. වර්තමානය වන විට තරඟය එක් වසරකදී අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා.

ක්‍රීඩා දිවියෙන් සමුගෙන සිටි මවුරෝ නැවතත් මැරතන් බිමට
මවුරෝ ප්‍රොස්පෙරී කියන්නේ ඉතාලි ජාතිකයෙක්. ඒ වගේම ඔහු හොඳ​ මැරතන් ධාවන ක්‍රීඩකයෙක්. 1955 වසරේ මෙලොව එළිය දකින මවුරෝ වයස අවුරුදු 39 වන විට මැරතන් ධාවන තරඟ වලින් සමුගෙනයි සිටින්නේ. නමුත් 1994 වසරේදී සහරා කාන්තාරය හරහා පැවැත්වෙන මැරතන් තරඟය පිළිබඳව විස්තර දැන ගන්නා මවුරෝ එයට ඉදිරිපත් වීම සඳහා කටයුතු කරනවා. එයට මූලිකම හේතුව වන්නේ අභියෝගාත්මක මෙන්ම ත්‍රාසජනක මැරතන් ධාවන තරඟයන්ට ඔහු දැක්වූ අධික ආශාවයි.

සහරා කාන්තාරය හරහා දින හයක් තිස්සේ ක්‍රියාත්මක වන මෙම මැරතන් තරඟයේදී තරඟය අවසාන කිරීමට හැකියාව ලැබෙන්නේ ඉතා සීමිත තරඟකරුවන් ගණනකට පමණක් බවත් බොහෝ තරඟකරුවන් කාන්තාරයේ නොයෙකුත් උපද්‍රවයන්ට මුහුණ දී තම ජීවිතයෙන් පවා වන්දි ගෙවූ බව දැන දැනම තමන් මේ සඳහා ගිවිසුම් අත්සන් කළ බවත් ඔහු පසුව සදහන් කරනවා.

තරඟයට සහභාගී වීමේදී ඔහුගේ බිරිඳගේ බලවත් විරෝධය එල්ල වෙනවා. මේ වනවිට ඔවුන්ගේ දරුවන් තිදෙනාම වයස අවුරුදු අටට වඩා කුඩා දරුවන් වූ අතර තරඟය අතරතුර ඔහුට කිසියම් උපද්‍රවයක් සිදු වුවහොත් දරුවන් තිදෙනාගේ අනාගතයට එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ඇය විසින් ප්‍රකාශ කරනවා.

නමුත් ඒ සියළු අභියෝගයන්ට අභියෝග කරමින් පුහුණුවීම් ආරම්භ කරන මවුරෝ දිනකට කිලෝමීටර් 40ක දුරක් දිවයනවා. ඒ ජලය ඉතා ස්වල්පයක් පමණක් පානය කරමින්. කාන්තාරයේ මැරතන් තරඟය සඳහා සුදානම් වීම උදෙසා, ඔහු ජලය පානය කරන්නේ ශරීරය විජලනය වීම වළක්වා ගැනීම සඳහා පමණයි. පුහුණුවීම් වලින් අනතුරුව ඔහු 1994 වසරේ අප්‍රේල් මාසයේදී මැරතන් තරඟයට සහභාගී වීම සඳහා මොරෝක්කෝවට පැමිණෙනවා.

වර්තමානය වන විට මෙම තරඟය සඳහා දහසකට අධික තරඟකරුවන් ප්‍රමාණයක් සහභාගී වූවත් 1994 වසරේ දී Marathon des sables සඳහා සහභාගී වන්නේ තරඟකරුවන් 80 දෙනෙක් පමණයි. තරඟය පැවැත්වීමට සුදානම් කල දින වකවානුව වූයේ අප්‍රේල් මාසයේ 11 වනදා සිට 16 වනදා දක්වායි.

එක තරඟකරුවෙකුට දිනකට තම ආහාර සලාකයට වතුර ලීටර් 2ක් අන්තර්ගත වූ අතර එය රැගෙන තරඟය සඳහා සහභාගී වීමට සියළු දෙනාට සිදුවෙනවා. හතරවන දිනය ආරම්භ වනවිට සියළු තරඟකරුවන් කාන්තාරයේ අධික සූර්ය රශ්මිය හා කටුකත්වය හේතුවෙන් ඉතාමත්ම අපහසුතාවයෙන් යුතුවයි තරඟයට සහභාගී වන්නේ. තරඟයේ හතරවන දිනය එනම් 1994 වසරේ අප්‍රේල් මස 14 වන දින උදයේ තරඟය ආරම්භ වනවිට මවුරෝ පසුවන්නේ හතරවන ස්ථානයෙයි.
අප්‍රේල් මාසයේ 14 වනදින තරඟයේ හතරවන දින වූ අතර උදය වරුවේ කාන්තාරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් 115ක්ද, අනෙකුත් කාලගුණ තත්වයන් සාමාන්‍ය වූ බවත් මවුරෝ විසින් සදහන් කරනවා.

දහවල් 1 පසු වූ පසු කාන්තාරයේ තත්වය යම්තාක් දුරට අයහපත් වූ අතර වැලි කුණාටුවක පෙර නිමිති පහළ වෙනවා. අධික සුළඟ සමඟ වැලිකඳු කඩාගෙන වැටුණු අතර බොහොමයක් ක්‍රීඩකයන්ට තරඟය නවත්වන ලෙස දැනුම් දීමට සංවිධායක මණ්ඩලයට හැකිවෙන නමුත් මවුරෝ ඇතුළු කිහිපදෙනෙක් මේ පිළිබඳව නොදැන දිගටම තරඟයේ යෙදෙනවා.

එකවරම ආ වැලි කුණාටුවක් හේතුවෙන් බිම දිගාවෙන මවුරෝ අධික වේගයෙන් හමායන වැලි කුණාටුවට මුහුණ දෙන අතර මුළු රාත්‍රිය පුරාවටම බිම දිගා වී නොනිදා රැය පහන් කරනවා.

පසුවදා අවදි වීමත් සමඟ වැලි කුණාටුව හේතුවෙන් මැරතන් තරඟයේ ගමන් මාර්ගය සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇති බව දකින මවුරෝ මේ හේතුවෙන් තමන් සතු මාලිමාවෙන් හා සිතියමෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි බව අවබෝධ කරගන්නවා.

අතරමංව පළමු දිනයේ තමන් එක දිශාවකට වේගයෙන් දිව ගියත් නියමිත දිශාවක් නොදැන දිව යාම නිෂ්ඵල කරුණක් බව අවබෝධ කරගන්නා මවුරෝ අසළ වැලි කන්දකට නැග උදවු ලබාගත හැකි පිරිසක් සොයා ගැනීමට වෙහෙසෙනවා.

නමුත් ඒ උත්සාහය අසාර්ථක වෙන අතර දෙවන දිනය වන විට ඔහු සතු වතුර ප්‍රමාණය අවසන් වනවා. වතුර අවසන් වීමෙන් පසුව විජලනය වී මරණයට පත් වීමට සිදුවන බව දැනගන්නා මවුරෝ ඒ සඳහා තම මූත්‍රා එකතු කර පානය කිරීම සඳහා තීරණය කරනවා. මරණයට පත් නොවී කෙසේ හෝ මෙම අවස්ථාවෙන් ගැලවීමට තමන්ට අවශ්‍ය බව සිතූ තමන්, උදාවෙන ඕනෑම තත්වයකට නොබියව මුහුණ දීමට තරම් මානසිකව ශක්තිමත්ව කටයුතු කළ බව මවුරෝ විසින් පසුව සදහන් කරනවා.

අතරමංව තෙවන දිනය වන විට සංවිධායකයන් විසින් මවුරෝ සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා යොදාගෙන පිරික්සුම් කටයුතු වල නිරත වුවත් එය සාර්ථක වන්නේ නෑ. මේ අතරතුර මවුරෝ විසින් කාන්තාරයේ ඇති අත්හැර දැමූ පැරණි ගොඩනැගිල්ලක් සොයාගන්නා අතර ඒ තුළ රැදී සිටි කාන්තාර වවුලන් කිහිපදෙනෙක් අල්ලාගෙන තම කුඩා පිහිය ආධාරයෙන් ඔවුන්ගේ ගෙලි සිදුරුකර රුධිරය උරා බී පිපාසය හා අධික කුසගින්න නිවාගනු ලබනවා. තවද ඔහු සතුව ඉතාම ස්වල්ප ප්‍රමාණයක ක්ෂණික අහාර තිබූ අතර ඒවා මුත්‍රා ආධාරයෙන් තම්බාගෙන ආහාරයට ගන්නවා.

අතරමන්ව දින පහකට ආසන්න වන විට ගුවන් යානා දෙකක් අවස්ථා දෙකකදී ඔහුට දකින්නට හැකි වූ නමුත් එම එක යානයක්වත් මවුරෝව දකිනු ලබන්නේ නෑ. මේ අතරවාරයේ ඔහුට තවත් වැලි කුණාටුවකටද මුහුණ දීමට සිදු වෙනවා.

අටවන දිනය වන විට එක දිශාවක් බලා ඉතා අපහසුවෙන් ගමන් කළ ඔහු මගදී හමුවන කාන්තාර සර්පයන් ඇතුළු උරගයන් කිහිපදෙනෙකු තම ආහාරයට ගන්නවා. අටවන දිනයේදී ඔටුවන්ගේ පා සලකුණු කිහිපයක් දකින ඔහු ඒ ඔස්සේ ගමන් කරන්න තීරණය කරනවා.
ඔටු පා සලකුණු ඔස්සේ දින 3ක් පමණ ඇවිද ගිය ඔහු අතරමන්ව දින 10කින් පසුව කාන්තාරයේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකගේ කුඩාරම් කිහිපයක් වෙත සමීප වීමට හැකියාව ලැබෙනවා.

ඒ වන විට ඔහු දින 10ක් පුරා කිලෝමීටර් 290කට වඩා දුරක් පයින් ඇවිද ගොස් තිබුණු අතර බර කිලෝග්‍රෑම් 16කින් අඩු වී තිබුණා. දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන මවුරෝගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය​ ක්‍රමක් ක්‍රමයෙන් යහපත් අතට හැරෙනවා.

මවුරෝ ප්‍රොස්පෙරි මෙම සිද්ධියෙන් අධෛර්යයට පත් වූයේ නැහැ. ඔහු නැවතත් කිහිප විටක් ම Marathon des sables තරඟයට සහභාගී වී 2001 දී 12 වන ස්ථානයටත් පත් වනවා.

හැමදාම කෑවේ පානුයි වතුර දාපු කිරියි..අම්මා අඬනකොට මම හිතාගත්තා කලයුතු දේ…

Romelu Lukaku කියන්නේ ප්‍රබල බෙල්ජියන් පා පන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ සුපිරි ප්‍රහාර#කයය. මේ වන විට 2018 FIFA තරඟාවලියේ ජයග්‍රහණය අසලටම පැමිණ සිටින ඔවුන් මෙවර ලෝක කුසලානය දිනාගනු ඇති බවට ලොවපුරා මත පල වනවා.
කෙසේවෙතත් Romelu Lukaku ගැන අද අපි ඔබ වෙත ගෙන එන මේ වීඩියෝවෙන් ඔබගේ ජීවිතයට ගත හැකි දේ සුළු පටු නොවේ. ධරිද්‍රතාවේ පතුලින් උපන් lukaku පාන් කැබැල්ලක් සහ කිරි වීදිරුවකින් ළමා කාලය ගත කල බවත්, පවතී ධරිද්රතාව විඳීමට බැරි තැන වයස අවුරුදු 6 සිට ඔහු සිහින මැව්වේ බෙල්ජියමේ බිහිවන හොඳම පා පන්දු ක්‍රීඩකයා වීමටය.
ඒ කතාව මුල සිට වීඩියෝවෙන් නරඹන්න.

ලොවටම පාඩමක් උගන්වන, ලොව ශක්තිවන්තම Family එක මෙන්න.

 

සමාජයේ කුඩාම ඒකකය ලෙස සලකන්නේ කුටුම්භය නොහොත් පවුලයි. මේ පවුල එකිනෙකට වෙනස්. අද සමාජයේ පවුල කියන එක විසිරිලා ගිහින්. එකිනෙකා තනි තනිවම ජීවත්වන තැනට පත්වෙලා. පියා දුව දුෂණය කරන තැන සිට, පුතා තාත්තා මරණ තැනට පත් වෙලා.

මේ අතර අපට අපුරු වීඩියෝවක් හමුවුනා. ඒ ලොව ශක්තිසම්පන්නම පවුල ගැනයි. මේ පවුලෙන් අද සමාජයට හිතන්න ගොඩාක් දේ තියෙනවා. ශරීර ශක්තිය ගැන වීඩියෝවේ තිබුනත්, ඔවුන් හැම අතින්ම අනිත් අයට වඩා ශක්තිවන්තයි කියල හිතෙන්නේ. තවත් කෙනෙකුට බලන්න share කරන්න වටිනවා නේද?

තත්වය තවත් නරක අතට හැරෙන ළකුණු චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන අලුත් වීඩියොවකුත් එළියට

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළා යැයි චෝදනා එල්ලවූ දිනේෂ් චන්දිමාල් එම සිද්ධියට වැරදිකරු බව ඊයේ (19) ඔප්පු වුණා.

ඒ අනුව ඔහුට එක් ටෙස්ට් තරඟ තහනමක් හා මුළු තරඟ මුදලම කපා හැරීමටත් ICCය විසින් තීරණය කළා.චෝදනාව පිළිබඳ චන්දිමාල්ගෙන් විමසීමේදී “තමන් කිසිවක් කටේ දමාගත් බව පිළිගත්තත් එහෙත් ඒ කවරක් දැයි මතක නැති බව” සඳහන් කළ බව තීරක ජවගාල ශ්‍රීනාත් සඳහන් කර තිබුණා.

පන්දුව පලුදු කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කරන අතර, තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබෙනවා.

මේ අතර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කළා යැයි චෝදනාවට ශ්‍රී ලංකා පුහුනුකරු චන්දික හතුරුසිංහ, කළමණාකාරු අසංක ගුරුසිංහ හා දිනේෂ් චන්දිමාල්ට තවත් එක් ටෙස්ට් තරඟයක් හෝ කිහිපයක් අහිමිවිය හැකි බවටත් තොරතුරු වාර්තා වනවා.

පන්දුව පළුදු කිරීමේ චෝදනාව එල්ලවූ දිනයේ පැය දෙකක පමණ කාලයක් ක්‍රීඩා පිටියට නොපැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත හැකි බවටයි වාර්තාවන්නේ
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එරෙහිව කිහිප විටක්ම ICCහි අසාධාරණ තීරණ දැකගත හැකි වුනා. ඒ අද ඊයෙක සිට නොවේ. මුත්තයියා මුරලිදරන්ට එරෙහි දැවැන්ත චෝදනාව පසු කලෙක සියලු පරීක්ෂණ මගින් බොරුවක් බවට පත් වුනා.
කුසල් ජනිත් ට එරෙහි තහනම් උත්තේජක චෝදනාවත් එසේම පසු කලෙක වැරදි බව ඔප්පු වුනා. එයින් සිදුවුයේ ඔවුන් ගේ ක්‍රීඩා කල හැකි හොඳම කාලයේ අවස්තාව අහිමි වීමයි. චන්දිමාල් විසින් පන්දුව පලුදු කිරීමක් පැහැදිලි නැති අතර, ICCය විසින් මෙය පන්දුව පලුදු කිරීමක් ලෙස නිගමනය කිරීම අසාධාරණ බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

ලෝක කුසලාන පා පන්දු තරඟාවලියට IS ප්‍රහාරයක් එල්ලවන අනතුරක්…

මේ වන විට පැවැත්වෙන ලෝක කුසලාන පා පන්දු තරඟාවලියට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ලවන ලකුණු පලවී තිබෙනවා. ඒ ISIS සංවිධානය මගින් එල්ල වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ ප්‍රහාරය එල්ල කිරීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ අමුතුම ආකාරයකට වීම විශේෂයි.

පහතින් එම වීඩියෝව නරඹන්න.

ඉන්දීය 19න් පහල කණ්ඩායම නියෝජනය කරමින් ලංකාවට එන ටෙන්ඩුල්කාර්.

ඉන්දීය 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් , හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ගේ පුත්, අර්ජුන් ටෙන්ඩුල්කාර් සහබාගී වනවා. ඔහු පිළිබඳව ඉන්දීය මාධ්‍ය ඉහලින් වාර්තා කර තිබුනා. ඒ ඔහුගේ සුවිශේෂී හැකියාවක් ගැනයි. පහත වීඩියෝවෙන් අර්ජුන් ටෙන්ඩුල්කාර් ගැන නරඹන්න.

අවසන් පන්දුවේ, අවසන් අවස්ථාවේදී සියල්ලන් මවිතකරමින් බන්ගලියන්ගේ ජය නැවැත්වූ විශ්මිත පන්දු රැකීම.

බංගලිදේශය සමග පැවතී 20 -20 තරංග තුනම ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුනා. ඊයේ පැවති අවසන් තරඟය ලෝක ක්‍රිකට් විචාරකයන්ගේ පමණක් නොව, ක්‍රීඩා ලෝලීන්ගේද අවධානයට ලක්වුවක්.

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පන්දුවට ලකුණු 4ක් ජයග්‍රහණයට ලබාගත යුතුව පැවතී අතර, එහිදී එල්ල කල වේගවත් පහර හතරේ සීමාව අසලදී විශිෂ්ඨ පන්දු රැකීම නිසා බංග්ලාදේශ කණ්ඩායමට සිතා ගත නොහැකි ලෙස පාරාජයට ලක්වුනා. මෙය විනිසුරුවන් විසින් කිහිපවරක්ම යලි යලි නරඹා නිවැරදි පන්දු රකීමක් බවට තහවුරු කළා. අවසානයේදී බංග්ලාදේශයේ නයි නර්තනය, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් විසින් ඉදිරිපත් කලේ ඔල්වරසන් මදය.

පහතින් එමතරන්ගයේ විශේෂ අවස්ථා නරඹන්න.

ක්‍රිකට් නීති වෙනස් වී “8 පහරක්” හඳුන්වාදීමට සැරසේ…4,6 පරදන 8 පහර ගැන විස්තරේ මෙන්න.

පවතී ක්‍රිකට් නීති වෙනස්වී නව නීති පැමිණියා. විශේෂයෙන්ම T 20 තරංග සහ ඊට අදාළ නව නීති දැකගන්නට පුළුවන්.
මෙත් සමග ක්‍රිකට් ක්‍රීඩාවට ලකුණු 8 පහරක් හඳුන්වාදීනට සැරසෙනවා. ඒ ගැන විස්තරය පහතින්.

රුපියල් ලක්ෂ 60ට ශ්‍රී ලංකා තණතීරු වෙනස් කර තරංග පාවා දෙන රහස් සාකච්චාවේ වීඩියෝව මෙන්න.

සාමාජික රටවල සහය ඇතිව තරග පාවාදීමේ සිද්ධි ගැන අයි.සී.සී.යෙන් පූර්ණ පරීක්ෂණයක්

මුදලට තරග පාවාදීමේ සිද්ධීන් පිළිබඳව අල්ජසීරා පුවත් සේවය සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සියලූම සාමාජික රටවල පූර්ණ සහයෝගය ඇතිව පූර්ණ පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

එම කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය මගින් අදාළ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමේදියි.

නවසීලන්තයේ ප්‍රසිද්ධ ක්‍රිකට් සාමාජිකයන් දෙදෙනා ලොව මවිත කරමින් සමලිං##ගික විවාහයක – වීඩියෝ.

සමලිංගික විවාහය කියන්නේ අපේ රටේ පිළිකුලෙන් බැහැර කරන දෙයක්. ඒ අප රටේ සංස්කෘතියට එය නොගැලපෙන බව බොහෝ දෙනා අදහස් දක්වන හෙයිනි.

නමුත් මෑත කාලයේ මේ ගැන ලංකාවේ බොහෝ දසේ කතා වුනා. නමුත් සමහර බටහිර අරටවල මීට බාධාවක් නැහැ. කෙසේ වෙතත් ලොවම කළඹමින් නවසීලන්ත ක්‍රිකට් තරු දෙකක් සමලිගික විවාහයක් කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඒ ගැන සම්පුර්ණ වීඩියෝව පහතින්.

මෙය තවත් කෙනෙකුට බලන්න share කරන්න. අපගේ youtube channel එක තවම Subscribe කර නැතිනම් මෙතනින් පිවිස Subscribe කර, අපගේ වීඩියෝ මුලින්ම නරඹන්න එකතුවන්න >>https://www.youtube.com/channel/UCg7yjAIW7kMnQYmkxphtxUQ?view_as=subscriber