වෙනියුසිලා ජනපති ජාතිය අමතන විට හදිසියේ එල්ල වූ Drone බෝම්බ ප්‍රහාරයේ වීඩියෝව මෙන්න.

වෙනියුසිලා ජනපති Nicolas Maduro ජාතිය අමතමින් සිටියදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඔහු සිටින ස්ථානය වෙත පුපුරන ද්‍රව්‍ය පැටවූ drone එකක් මගින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසුණු අතර ඔහුගේ ජීවිතය ඉන් බේරී තිබුනේ අනු නවයෙන්.

මෙම අවස්ථාවට එරට ආරක්ෂක අංශ කිහිපයකම පෙළ පාලි කණ්ඩායම් සහ විශාල ජනතාවක් එක්රැස්ව සිටියා. මීට පෙර ලතින් ඇමරිකානු රටක් වූ වෙනියුසිලාවේ ජනපතිධුරය දරන ලද්දේ හියුගෝ චාවේස් විසිනි. චාවේස්ට ඇමරිකාවෙන් විවිධ භාධක එල්ල වුනේ ඔහු ඇමරිකාවට තර්ජනයක් වන බව පවසමින්. අමුත් චාවේස්ගේ පාලනය දිගින් දිගටම කරගෙන යාමට එරට ජනතාව ඔහුව කිහිප වරක්ම ජනපති ලෙස තෝරා පත් කරගත්තා.

අමුත් චාවේස් අවාසනාවන්ත ලෙස මීට වසර කිහිපයකට පෙර පිළිකා තත්වයක් නිසා මිය ගියා, මේ පිළිකාවත් ඇමරිකානු CIA විසින් සැලසුම් සහගතව ඔහුගේ ශරීරයට ඇතුළු කර ඇති බවට විවිධ පාර්ශව චෝදනා නැගුවා.

පසුව ජනාධිපති පදවිය දරන Nicolas Maduro ද බලයෙන් පහ කිරීමට ඇමරිකාව විවිධ උත්සහ දරා තිබුනා. කෙසේ වෙතත් මෙම බෝම්බ ප්‍රහාරයට චොලොම්බියාවේ ක්‍රියාත්මක , ඇමරිකානු මුදල්වලින් ක්‍රියාත්මක ත්‍රරස්ත කල්ලියක් වෙත චෝදනා නගා තිබෙනවා.

කෙසේ වෙතත් එම පිපිරීම වන අවස්ථාවේ ජනපතිවරයා ජනතාව අමතමින් සිටි ආකාරය පහතින්.

කෙසේ වෙතත් පිපිරීම සිදුවන විට ජනපතිවරයා කතාව නවතා අහස දෙස බලන ආකාරය සහ ජනපතිවරයාගේ බිරිඳ ඔහු අසලින් සිටින ආකාරයත්, වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් , වෙඩි නොවදින ආවරණ මගින් ජනපතිවරයා සහ ආර්යාව ආරක්ෂිතව ඉවත් කරගත් ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

Please follow and like us:

Author: admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *