එක නිලදාරියෙක් කරපු වරදකට ඔක්කොම අල්ලන්න එපා හරින් ප්‍රනාන්දු වේදිකාවකදී ප්‍රසිද්දියේ සියල්ල හෙළි කරයි

බැඳුම්කර සිදුවීමේදී එක් නිලධාරියෙක් කළ වරදක් බවත්, එයට වැරදි අර්ථකථන දීම මගින් සමස්ත ආණ්ඩුවට පහරදීම ඉතාම අසාධාරණ බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.බැඳුම්කර කොමිසම පෙන්වා දෙන පරිදි බැඳුම්කර සිදුවීම් පෙළ ආරම්භ වන්නේ 2008 වසරේදිය.

එදා පටන් 2015 දක්වා ආණ්ඩුවට බිලියන 4000ක් පාඩු සිදුවී තිබේ.අර්ජුන් මහේන්ද්‍රන්ගේ යුගයේදි සිදු වූ පාඩුව බිලියන 11කි.එසේ බලන විට බිලියන 11 වෙනුවෙන් පමණක් සද්දෙ ඇසෙන්නට කෑ ගසා ඉතිරි බිලියන 4000ක නිහඬව සිටීමෙන් සිදුවන්නේ රටේ ආර්ථීකය මුළුමනින්ම ඇද වැටීම පමණකි.=හරින් ප්‍රනාන්දු මහතා තවදුරටත් අතිගරු ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ වහාම මුළු මහත් බැඳුම්කර වාර්තාව සැලකිල්ලට ගනිමින් මුළු මහත් මුදලම නැවත ලබාගන්නට සද් භාවයෙන් යුතුව විවෘත හැඟීමෙන් කටයුතු කරන ලෙසයි

කොළඹ විජයග්‍රාහී සටන රෝසි අරඹයි.

ලංකාවේ ප්‍රථම පුරපතිනිය පත් කෙරෙන ඓතිහාසික සටන රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය දා ආරම්භ කළේය. රාජ්‍ය තාන්ති්‍රක මට්ටමේ අත්දැකීම් සහිත සේනානායක මහත්මිය ආර්ථීකය, පරිසරය, නූතන ඉදිකිරීම්, නවීන ජීවන රටා ආදි සියල්ල පිළිබඳව මනා පරිචයක් ඇති අති දක‍ෂ කාන්තාවක් වශයෙන් පිලිගැනේ. විශේෂයෙන්ම ඇයට ඇති ජාත්‍යන්තර සබඳතා දැනට මෙරට දේශපාලනයේ නියුතු කිසිදු කාන්තාවකට නොමැති තරම්ය.
නගරයක දියුණුව හෝ සුන්දරත්වය මිණිතය වන්නේ ගොඩනැගිලි හෝ මං මාවත් වලින් පමණක් නොවේ. එකී නගරයේ ජනතාවගේ ජීවන රටාව උසස් තලයකට ගෙන ඒමද අතිශයින් වැදගත්ය. මේ වනවිට කොළඹ අසංවිධිත ඉදිකිරීම්වල ජීවත් වන අව වරප්‍රසාදිත ජන සංඛ්‍යාව අති විශාලය. නිසි අධ්‍යාපනයක්, සෞඛාරක‍ෂිත වටපිටාවක්, සුරක‍ෂිත ජීවන රටාවක් ඔවුන්ට හිමිකරදීම රෝසි සේනානායක මහත්මියගේ අභිලාෂයයි. මෙමගින් කොළඹ නගරය ආසියාවේ ඇති සුන්දරම නගරය පමණක් නොව, එහි ජීවන රටාව ආසියාවේ ඇති උසස්ම ජීවන රටාවන් අතරට ගෙන ඒම රෝසි සේනානායක මහත්මිය අපේක‍ෂා කරන අතර, ඒ සඳහා තමාට ඇති ජාත්‍යන්තර සබඳතා පූර්ණ වශයෙන් යොදාගන්නටද ඇය අපේක‍ෂා කරයි.

නිකවැරටිය පැත්තේ හැන්දෑවට හඩා වැටෙන සියඹලාගසේ භූතයා

නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. පාළු වැව් පිටියකට මායිම් වී ඇති එම සියඹලා ගස අද්දරින් යන විට එම භූතයා හඬනු සමහරුන්ට ඇසෙන බවද මට දැකගත හැකි විය. විශේෂයෙන් එම භූත හඬ ඇසෙනුයේ හැන්දෑවේ හිරු බැස යන යාමයේ හෝ හිරු එළිය නොමැතිව හාත්පසින් අඳුරින් වැසී ගිය අවස්ථාවල බව ද මට අසන්නට ලැබිණ.
අමනුෂ්‍ය හඬවල් වශයෙන් ජන සම්මතයෙහි එන නොයෙකුත් ශබ්ද තිබේ. දහහත්වන සියවසේ එළිමහන් සිරකරුවකු ලෙස වසර විස්සකට ආසන්න කාලයක් මෙරට විසූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ද තමන්ට හඳුනාගත නොහැකි යක් හඬක් මෙරට දී ඇසුණු බව තම කෘතියේ දක්වා තිබේ. එබැවින් එම සියඹාලා ගසින් නැගෙන භූත හඬ ඇසීමට මගේ සිත තුළ ද පැන නැඟුණේ අතිමහත් උනන්දුවක් සහ ආශාවකි. එහෙත්, මා එම සියඹලා ගස යටට ගොස් පැයක් හමාරක් නොව වරුවක් තබා දවසක් බලා සිටියද මගේ අවශ්‍යතාව සලකා එම භුතයා හඬ නොනඟනු ඇත. එහෙත් භූතයා එසේ හඬ නොනැඟූ පමණින් එම භූත කතාව පිළිබඳ විමර්ශනය මුළුමනින් ව්‍යවර්ථ වන්නේ ද නැත. එබැවින් පසුගිය දිනයෙක ඒ සඳහා නිකවැරටියට ගිය මම මා වෙත එම තොරතුරු ලබා දුන් ගුරුභවතා ද කැටුව එම භූත හඬ නැඟෙන ඉසව්ව වෙත පියමං කළෙමි.

වර්තමානයේ වැඩිපුර එනමින් හැඳින්නොවුණද නිකවැරටිය අයත් වන්නේ දෙවිදේවතා ඇදහීම් ඇතුළු ගුප්ත විශ්වාසවලින් පිරී ඉතිරී ගිය වන්නි හත්පත්තුවය. අතහැර දමන ලද හේන් මණ්ඩියක් දෙසට වැටී ගත් අඩි දහයක් පමණ පළලැති එම මාර්ගය ට්‍රැක්ටරයකට මිස සෙසු වාහනයකට යා නොහැකි ලෙස වල්බිහිවී තිබිණ. එම භූත නිවස්නය වූ සියඹලා ගස පිහිටියේ එම දිරා ගිය මාර්ගයට මායිම් වු දිරා ගිය කටු කම්බි වැටකට අඩි හතඅටක් ඔබ්බෙන්. කලක් තිස්සේ හේන් වගා කොට අතහැර දැමීම නිසා ළඳු කැළෑ සහ කටු පඳුරු සහිත ද්විතීයික උප ලැහැබ් සහිත එම පරිසරයේ එම සියඹලාවට ඔබ්බෙන්. තරමක පැරණි නිවසක් විය. එම භූත සියඹලා ගසේ සිට එම නිවස අතර දුර අඩි විස්සකට වඩා නොවිණ.
එබැවින් එම සියඹලා ගසේ භූත හඬ පිළිබඳව වැඩිපුර තොරතුරු දැන ගැනීම පිණිස මම මඟ පෙන්වන්නා ද සමග එම නිවසට පිවිසියෙමි. අප යනවිට එහි සිටියේ වයස අවුරුදු පනහක පමණ කාන්තාවක සහ වයස අවුරුදු අසූවක පමණ කාන්තාවක පමණි. ඒ එම නිවසේ මව සහ දියණිය වූ අතර එම දියණියගේ සැමියා මීට වසර පහළොවකට පමණ පෙර හඳුනා නොගත් වකුගඩු රෝගයට ලක්ව මිය ගොස් තිබිණ, ඔවුන්ට දරුවන් ද නොමැති බව දැන ගත හැකි විය.
ඒක හරිම මූසල සද්දයක් මහත්තයෝ හරියට බකමූණෙක් අඬනවා වගේ, ඔය සද්දේ මේ පැත්තේ හුඟ දෙනෙක් දැන් අහලා තියනවා. ඒ හින්දා කළුවර වැටුණට පස්සේ කවුරුවත් ඔතනින් යන්නේ වත් නැහැ, ඒත් ඉතින් අපි මේක දාලා කොහේ යන්නද..?, ඔහේ වැටිලා ඉන්නවා. එම වැඩිහිටි කාන්තාව මා හා කීවාය. එවිට ඇය අතර මා පවතින එම කතාබහ ඇගේ දියණියගේ තියුණු නිරීක්ෂණයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් මගේ අදහස් දැන ගැනීමට ඇය තුළ වූ උනන්දුව ඇගේ සංතීක්ෂණ බැල්මෙන් මට මනාව වැටහිණ.
හොඳයි, මම අද රෑට ඇවිත් පැය කීපයක් ඔය ගහ යට හිටියොත් මටත් ඔය භූත සද්දේ අහන්න පුළුවන් වෙයිද..? අනතුරුව මම එම දියණියගෙන් ඇසීමි.
ඔව් ඉතින් එහෙම ඉඳලා බලන්න, මේ පැත්තේ අනික් හැමෝටම ඇහෙන සද්දේ මහත්තයට විතරක් නොඇහී තියෙන්න විදිහක් නෑනේ එම දියණිය කීවාය. එහෙත් ඇගේ ස්වරයෙහි කිසියම් උපහාසාත්මක හෝ අවලාදාත්මක ස්වභාවයක් ඇතැයි මට සිතිණ.
ඔය විදිහට සද්ද නඟන භූතයා ඉස්සර මේ ගේ දොර ඉඩකඩම්වලට උරුමකම් කියපු මියගිය කෙනෙක් වෙන්න බැරිද..? ඉන් අනතුරුව මම ඇසීමි.
මොකද වෙන්න බැරි පුළුවන් එම දියණිය ගත්කටටම කීවාය.
ඉන්පසුව එම භූත කතාව පසෙක තිබියදී මම ඒ මවගෙන් දියණියගේත් පවුල් පසුබිම පිළිබඳව විස්තර විමසා සිටියෙමි. එවිට එම දියණිය කියා සිටියේ තම සැමියාගේ මරණයෙන් පසු ඔහු විසින් ගොවිතැන් කරන ලද හේන් කුඹුරු පාළු වී තමන් සහ මව ආර්ථික වශයෙන් අතිශය අසරණ තත්ත්වයට පත්ව ඇති බවය.
ඒ වගේ අසරණ වුණු පවුල්වල ආරක්ෂාවට ආරක්ෂක භූතයෝ ඒ ගෙවල්වල ලැඟුම් ගන්නවා කියලා විශ්වාසයක් තියනවා නේද..? මේ සියඹලා ගහෙත් ඉන්නවා ඇත්තේ ඒ වගේ භුතයෙක් වෙන්න බැරිද…? මම එම මවගෙන් සහ දියණියගෙන් ඇසීමි.
ඒක නම් ඇත්ත මහත්තයෝ, ඔය සියඹලා ගහෙන් ඇහෙන භුත සද්දෙ හින්දා මොනවා නැති වුණත් අපිට ආරක්ෂාව නම් තියෙනවා එම වැඩිහිටි කාන්තාව කීවාය.
හැබැයි ඔය දෙන්නට ඕනෑ නම් තොවිල් පවිල් ශාන්ති කර්ම නොකරන පුංචි උපක්‍රමයකින් එය භූතයව ගෙන්නලා ඔය මූසල සද්දේ නැත්තටම නැතිකරවලා දමන්නත් මට පුළුවන්. මා ඔවුන්ට එසේ කියන්නට එම දියණිය එක්වරම ඊට විරුද්ධත්වය පළ කළාය.
ඔය භූත සද්දෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැත්නම් මහත්තයට මොකක්ද තියන ප්‍රශ්නේ..? ඇය එක්වරමම මවෙතින් අසා සිටියාය. ඒ අනුව ඔවුන්ගේ නොමනාපය මත එම ගවේෂණය තව දුරටත් ඉදිරියට ගෙන යාම සදාචාරාත්මක නැතැයි මට සිතිණ. ඒත් ඉතින් එය භුත සද්දෙන් ගමේ මිනිස්සු බය වෙනවා නම් ඒකත් තරමක ප්‍රශ්නයක් නේද? ඒකයි මම කිව්වේ. මා කීයේ මගේ අදහස සිතින් අතහැර ගන්නා අතරේය.
ගමේ මිනිස්සු බය වෙන්නේ මේ පැත්තට ආවොත් විතරනේ, මොකද මේ භුතයා ඒ කාගෙවත් ගෙවල්වලට ගිහින් බය කරන්නේ නැහැනේ. කාන්තාව ගත් කටටම කීවාය.
ඉර බැස යන විට නැතහොත් අඳුරු කාලගුණයක් සහිත අවස්ථාවන්හි එම වන ලැහැබ් සහිත පරිසරයෙන් යන එන්නවුන් හට එම සියඹලා ගසෙන් නැගෙන භූත හඬට පදනම වන හේතුව, නිමිත්ත පැහැදිලිය. එහෙත් එම හඬ නැගෙනුයේ සැබැවින්ම එම සියඹලා ගසේ අතු අතරින් ද නැතහොත් ඒ අද්දර දිවිගෙවන කාන්තාවකගේ මුවින්ද යන්න මෙවන් ගවේෂණයක දී ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතුය. ඊට හේතුව තම ජීවිතය සම්බන්ධ දැඩි ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙන සමහරුන් මෙලෙස තමන් ද නොදැනුවත්වම තම පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයන් ආරෝපණය කර ගනිමින් අන්‍යයන් හමුවේ පෙනී සිටන බැවිනි. එය විඝමතය නම් මානසික තත්ත්වය යටතේ සිදුවන්නකි. ඒ අනුව මෙම මව සහ දියණිය විසින් මුලින් ප්‍රසිද්ධ කරවන ලද සියඹලා ගසෙන් නැගෙන භුත හඬ මුල්කොට හට ගත් කුතුහලය, බිය සැක ආදී සංකීර්ණ හැඟීම් සිත දරා එම ස්ථාය පසු කරන්නවුන් හට එම සියඹලා ගසින් එවන් භුත හඬක් ඇසීම අතිශය ස්වභාවිකය. එහෙත්, සැබවින්ම ඒ හඬ නැගෙනුයේ එසේ විඝටනයට පත් කාන්තාවගේ මුවින් වුව එම සියඹලා ගස කෙරෙහි පමණක් දැඩිව සංවේදීවන්නවුන් හට එය එම ගසින් නැගෙන ගුප්ත නාදයක් සේ වැටහීමේ කිසිදු අරුමයක් නැත.
උපුටාගැනීම:ලක්බිම.

තිලක් සේනාසිංහ

රසික ප්‍රසාධය දිනාගත් “වස්ති” නිකුත් කල “රෙද්ද ” වීඩියෝව නිසා කලබගෑනියක්.

වස්ති කියන්නේ කොයි කා අතරත් ඉතා ජනප්‍රිය, සම්ප්‍රධාය අතික්‍රමණය කල තාරුණ්‍යයේ youtube නාලිකාවක්. අනුෂ්ක සහ දුලාජ් කියන්නේ කා අතරත් ජනප්‍රිය චරිත දෙකක්. ඔවුන් නැවුම් වූ, වෙනස් වූ නිර්මාණ නිසාම සමාජ ජාලා හරහා ජනප්‍රිය වූ දෙදෙනෙක්.

එකිනෙකට වෙනස් වූ මාර්තෘකා මගින් ඔවුන් වීඩියෝ ඉදිරිපත් කිරීම නිසා කා අතරත් ජනප්‍රිය වුනා. නමුත් අවසානයට ඔවුන් ඉදිරිපත් කලේ “රෙද්ද” කියන වීඩියෝවයි. එම වීඩියෝව නිකුත්කර ඉතා සුළු මොහොතකදී සමාජ ජාලා හරහා විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ඔවුන් මෙතෙක් ඉදිරිපත් කල වීඩියෝ වලට වඩා වෙනස් සහ කෙටි වීම නිසයි. එම වීඩියෝව පහතින් නරඹන්න.

 

 

කායික සතුට උපරිම විඳින්න නිදන කාමරයේදී අනුගමනය කලයුතු රහස් 05ක්. – වීඩියෝ.

බත් ලිංගික සතුට උපරිම විඳින්න ආසයි නේද? සාමාන්‍ය මනුෂ්‍යයන් හැමෝම එහෙමයි. නමුත් කාලයත් සමග ලිංගික ජීවිතය ඒකාකාරී වීම, කාර්යබහුලත්වය සහ විවිධ හේතු නිසා ලිංගික ක්‍රියාවලිය මන්දගාමීවීම නිසා පවුල් අවුල් තත්වයට පත් වෙනවා.

නවීන විද්‍යාත්මක සොයාගැනීම් අනුව මේ කරුණු 05 ඔබේ ලිංගික සතුට උපරිම කරනු ඇති.

පහත වීඩියෝව ඔබත් නරඹන්න.

සමුහ බලහත්කාරකම් කල දැරිය අවසන් ගමනේ….තරුණයන් තිදෙනා ගම්මුන් යාල කැලේදී අල්ලාගත් හැටි.

පසුගිය දිනක මත්පැනින් හොඳින් මත්වී, පසුව තම පෙම්වතිය වූ 14 වියැති පාසල් ශිෂ්‍යාවක් නිවසින් එලියට ගෙන, තම මිතුරන් සමග සමුහ දුෂණයට ලක් කල තරුණයෙකු සහ ඔහුගේ මිතුරන් ගැන පුවතක් ඇසුනා.

පසු දින එම දැරිය සියලු විස්තර සහිත ලිපියක් ලියා තබා ගසක එල්ලී මිය යාමට තැත්කරන අවස්ථාවේ ඇයගේ බාල සහෝදරයා දැක, දෙමව්පියන් දැනුවත් කර, ඇයව බේරාගෙන රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව ගම්මුන් විසින් අදාළ තරුණයන් යාල රක්ෂිතයේ සඟවා සිටියදී අල්ලාගත් හැටි වීඩියෝවක් නිකුත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම තරුණයා ප්‍රදේශයේ බලගතු පුද්ගලයෙකුගේ දරුවන් වන අතර, මීට කලින් ද තරුණියන් රැසකට මෙලෙස සිදුකර ඇතිබවය. නමුත් නීතියෙන් ඔවුන් බේරී සිටින බවයි.

අදාළ වීඩියෝව පහතින්.

දවසට පැය 8ක් පාඩම් කර, ඒ 3ක් ගෙන ලංකාවේ ඉහලින් සමත්වී, මරණය වැළඳගත් සිසුවා.

කප්පරක් තරම් බලාපොරොත්තු තම දෑස් ඉදිරියේ ගොඩගැහෙද්දී ඒ බලාපොරොත්තු එක නිමේෂයකින් බිඳී ඉහිරී යාමේ කම්පනයෙන් මවුපිය දෙපළක් අදටත් දෑස්වලින් වැටෙනා කඳුළුත් සමඟ ඉකිබිඳ හඬති. ශාලිත ශෙහාන් දසුන් පෙරේරා… මේ පුංචි පවුලට ගෙන ආ සතුට එකල සුළුපටු නොවීය. නමුත් වසර දහනමයක් පිරෙද්දී ඔහු ගෙන ආ දෝමනස්සයන්ද අප්‍රමාණය. අද ශාලිත ශෙහාන් මළවුන් අතරය. නමුත් අම්මාගේත් තාත්තාගේත් පුංචි නංගීගේත් ලෝකයේ තාමත් ඔහු ජීවමානය. හදිසි හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තද ශෙහාන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය තවමත් ඔහු එනතුරු බලා හිඳී.

ක්‍රිශාන්ත පෙරේරාගේත්, ලසන්තා රණවීරගේත් ජීවිතවලට එකතුවුණු ශාලිත ශෙහාන් දසුන් පෙරේරාගේ තනි නොතනියට වසර කිහිපයකට පසුව නෙත්මි පෙරේරා පවුලට එකතුවිය. කුඩා කල පටන්ම ශෙහාන් මව්පියන්ට කීකරු, සෙනෙහෙබර දරුවෙක් විය.

කළුතර මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ ශෙහාන් පාසල් ගුරුවරුන්ට කීකරු දරුවෙක් වූවේය. එමෙන්ම පාසලේ මිතුරන්ට ඔහු හිතහොඳ මිතුරෙක් විය.

මගේ පුතා මුලින්ම ගියේ කළුතර මහ විද්‍යාලයට. පුතා එක වසර ඉඳන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ ඒ පාසලේ. පුතා ඉස්කෝලෙදී බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට සහභාගි වුණා. ක්‍රිකට් ගැහුවා. ඉස්කෝලේ කනිෂ්ඨ තූර්යවාදක කණ්ඩායමේ වගේම ජ්‍යෙෂ්ඨ තූර්යවාදක කණ්ඩායමෙත් හිටියා. එයා කළුතර විද්‍යාලයේ කෙඩෙට් කෙනෙක්. පුතා කළුතර විද්‍යාලයේදී තමයි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටියෙ. O/L විභාගයෙන් පුතා ඉහළින්ම සමත් වුණා… ශෙහාන්ගේ පියා පැවසීය.

තම පුතණුවන් වියෝවී මේ වනවිට මාස තුන ගෙවී හමාරය. නමුත් පිය සෙනෙහස අදටත් එදා වගේමය. ක්‍රිශාන්ත තම පුතුගේ වියෝවෙන් ඒ අතීතය දිගහැර ගියද අදටත් ඔහු ඉකිගසා හඬයි. එදා දණ ගහ ගහ තම පියාගේ ඇඟිලි තුඩෙන් ජීවිතේ නැගිටින්නට අත්වාරුවක් වූ ශෙහාන් කාලයත් සමඟ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව අම්මාත්, තාත්තාත් තුරැලු කරගෙන සතුටු වුණ ඒ අතීතයට අදටත් ඒ තාත්තාගේ දෑස ඉදිරියේ පෙනේ. නමුත් ඒ හැමදෙයක්ම අද මිරිඟුවකි.

පුතා විභාගය කරලා ගෙදර ආවේ රජෙක් වගේ. එදා අපි හතර දෙනාටම හරි සතුටුයි. පුංචි කාලේ ඉඳන්ම එයා හරිම ආසාවෙන් හිටියේ නීතිඥවරයෙක් වෙන්න. ටික කාලයක් ගියාට පස්සේ එයා කිව්වා මම දේශපාලනය කරනවා කියලා. ඒත් අපි මුකුත් කිව්වේ නෑ. ආයෙත් ටික කාලයක් ගියාට පස්සේ පුතා කිව්වා මම දිසා විනිසුරු මහේස්ත්‍රාත් කෙනෙක් වෙනවා තාත්තේ කියලා… උසස් පෙළ ඉගෙන ගන්න අපි පුතාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කළා. පුතා ඒ ඉස්කෝලේදීත් හොඳට ඉගෙන ගත්තා. කෙඩෙට්වලට පුතා දියතලාවට පවා ගියා. පුතා කලා සංගමේ හිටියා. සාහිත්‍ය සංගමේ හිටියා….

ශෙහාන්ගේ පියා පැවසීය.

කොළඹ රාජකීය විද්‍යාලයේදී ශෙහාන් කලා විෂය ධාරාව හැදෑරුවේය. කුඩා කල සිටම බලාපොරොත්තුවක්ව තිබූ නීතිඥ ධුරය වෙත ළඟාවන්නට හොඳම මාර්ගය එය ලෙස ශෙහාන් සිතන්නට ඇත.

පුතා හරි කීකරු දරුවෙක්. එයා මටයි එයාගේ අම්මටයි හරි ආදරෙයි. ඒ වගේම එයා එයාගේ නංගිටත් හරි ආදරෙයි. සමහර වෙලාවට අපි අපේ දුවට කියනවා පුතා වගේ හැදෙන්න… පුතා වගේ ඉගෙන ගන්න එහෙම කියලා. මගේ පුතා ඒ වෙලාවට හරි ලස්සනට හිනාවෙනවා. අම්මගෙයි මගෙයි හිත රිද්දවල නෑ. අපේ විතරක් නෙමේ එයා කාගේවත් හිත රිද්දවන්න කැමැති නෑ. පුදුමාකාර හොඳ ගතිගුණ මගේ පුතාට තිබුණේ. එයා හරි ආසයි සෙල්ලම් කරන්න. ඇඟ වෙහෙසන්න… බාහිර වැඩවලට ඉස්කෝලේ කොච්චර ඉදිරිපත් වුණත් සහභාගි වුණත් එයා එයාගේ අධ්‍යාපන කටයුතු අඩාල කරගත්තේ නෑ. ඒ නිසා ඉස්කෝලේ ගුරුවරු පවා මගේ පුතාට ආදරෙයි. කිසිම ලෙඩක් දුකක් නැතිව හිටපු මගේ දරුවට වෙච්චි දෙයක්… ක්‍රිශාන්තට ඒ දිනය හොඳටම මතකය.

සැප්තැම්බර් 25 වැනි දින ලසන්තාගේත්, ක්‍රිශාන්තගේත්, නෙත්මිගේත් ජීවිතවල ආලෝකය නිවී ගියේය. හැමදාමත් ශෙහාන් තම මවටත් පියාටත් උදෑසන මෙන්ම රාත්‍රියේ නින්දට යාමට පෙරත් දෙපා අල්ලා වඳී.Image result for son hug his father

සැප්තැම්බර් විසි පස්වැනිදා උදේ පහයි විසිපහට මං ගෙදරින් වැඩට යන්න කලින් පුතා ඇඳෙන් නැගිටලා මගේ කකුල් දෙක අල්ලලා දණගහලා වැන්දා. හැමදාම මගේ පුතා මට වඳින්නේ කකුල් දෙක අල්ලලා වුද්දිකාරෝ අලිංගිත්වා.. ගාථාව ඉවර වෙනකන්ම කියලයි. අනේ මගේ රත්තරන් පුතා එදත් මගේ කකුල් දෙක අල්ලලා ගාථාව ඉවරවෙනකන්ම කියලා වැන්දා. එයා වැඳලා නැගිට්ටට පස්සේ මම මගේ පුතාගේ මූණත් ඉම්බා. මාත් එක්ක පුතා කතාත් කළා. ඊටපස්සේ මම වැඩට ගියා. පුතා ආයෙත් ඇඳට ගිහින් තිබුණා. මම ගෙදරින් ගිහින් විනාඩි දහයක් යන්නත් කළින් ආරංචි වුණා පුතා ඇදගෙන වැටිලා කියලා…. පුතා ඇඳට ගිහින් නිදාගෙන. එයාට එහෙම්මම නින්ද යන්න ඇති. එහෙම්මම ඇඳෙන් බිමට වැටිලා තිබුණා. මුලින්ම පුතාගේ මරණයේදී විවෘත තීන්දුවක් තමයි දුන්නේ. නහර කැටිගැහිලා ලේ හිරවීම් කිසිදෙයක් වෙලා තිබුණේ නෑ. ඊට පස්සේ ආපු තීන්දුව වුණේ මාසයක් ඇතුළත පුතාට හෘද වස්තුවට වෛරසයක් ඇතුළුවෙලා. හෘද වස්තුවේ පේශි ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තිබුණා කියලා. පුතා නැතිවෙලා තිබුණේ හෘදයාබාධයකිනුයි….

ක්‍රිශාන්ත ඒ අමිහිරි මතකය අවදි කළේය.

පුතා එයාගේ නංගිට හරි ආදරෙයි. දුව ඉගෙන ගන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ. දුවත් හරි දක්ෂයි. මගේ පුතා උසස්පෙළ ලියලා ඇවිල්ලා එයාගේ A/L පොත්පත් වලින් නංගිට ඉගෙන ගන්න ඕන පොත් නංගිට දුන්නා. අනිත් පොත් ඔක්කොම මේසෙන් අයින් කළා. මම ආයෙත් පන්ති යන්නේ නෑ තාත්තා…. මට ෂුවර් මට ඒ තුනක් තියෙනවා. මම ඉංග්‍රීසි පන්තියකට විතරයි යන්නේ* කියලා කිව්වා. පුතාගේ මේසේ පෑනෙන් මම දවසකට අනිවාර්යයෙන් පැය අටක් පාඩම් කරනවා… මම අනිවාර්යයෙන්ම ලංකාවේ Art වලින් වැඩිම ලකුණු ගත්තු දෙසීය පනහ අතරට යනවා කියලා ලියලා තිබුණා. ඒක මම දැක්කේ පුතා අපිට නැතිවුණාට පස්සෙයි

ශෙහාන්ගේ ඒ බලාපොරොත්තුව අවසානයේදී හැබෑ වූවේය. විභාගයට මුහුණ දී රජකු වාගේ ගෙදර පැමිණි ශෙහාන් අ.පො.ස. උසස්පෙළ “ඒ” සාමාර්ථ තුනක් සහිතව ඉහළින් සමත් වූ බව දැනගන්නට ජීවතුන් අතර සිටියේ නැත. එමෙන්ම නීති පීඨයට ඇතුළත් වීමේ සම්පූර්ණ සුදුසුකම්ද ඔහු හිමිකරගෙන තිබුණද ඒ වනවිට ඔහු මෙලොව හැර ගොසිනි.

තමන්ගේ සාර්ථකත්වය දැකබලා සතුටුවන්නට ශෙහාන්ට වාසනාව නොලැබුණි. තම පුතා තුරුලු කරගෙන සතුටු කඳුළු වගුරන්නට සිටි ලසන්තාටත්, ක්‍රිශාන්තටත් දුක විතරක් ඉතිරි කර ශෙහාන් යන්නට ගියේය. ආවොතින් යායුතුයි නොගොසින් යළි එන්නට බැරිය. සියල්ල අවසානයේ සනාතන දහම එය නොවේද?

පාසල් දරුවන්ට හෘදයාබාධ හැදෙන්නේ කලාතුරකින්

– වෛද්‍ය නාමල් විජෙසිංහ

ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක පීඨය

කුඩා දරුවන්ට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉතාම අඩුයි. කුඩා දරුවන්ට හෘදයාබාධ ඇතිවන්නේ විවිධ රෝග, තත්ත්වයන් හේතුවෙන්. විශේෂයෙන් රැධිරවාහිනී ප්‍රදාහයට පත්වීමේ රෝග නිසායි. මෙවැනි රෝග නිසා සමහර විට කුඩා දරුවන්ට හෘදයාබාධ ඇතිවන්නට පුළුවනි. නමුත් මෙය ඉතාම කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. එමෙන්ම කුඩා කාලයේ සිටම දරුවන් කරනු ලබන එක් එක් ක්‍රියාකාරකම් නිසා පසුකාලීනව හෘදයාබාධ ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන් දරුවන්ගේ ආහාර පුරුදු, ජීවන පුරුදු කුඩා කල සිටම වෙනස් කර ගත්තේ නැතිනම්, වැරදි මාර්ගයේ යනවා නම් පසුකාලීනව හෘදයාබාධ ඇතිවන්නට පුළුවන්.

අද වෙද්දී තරුණ අයට හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි. දශක කිහිපයකට පෙර හෘදයාබාධ ඇතිවූයේ අවුරුදු 60-80ත් වයසේ පසුවූ වැඩිහිටියන්ට පමණයි. පසුකාලීනව බොහෝවිට හෘදයාබාධ ඇතිවන්නේ අවුරුදු 40-60ත් අතර අයටයි. නමුත් වර්තමානයේදී අවුරුදු විසිපහත් හතළිහත් අතරේ අය තුළ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා. තවම රැකියා කරන, ජීවිතේ ගොඩනගා ගන්නට උත්සාහ කරන තරුණ දරුවන් අකාලේ වැනසෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ ව්‍යායාම් අඩුවීම, ආහාර පාන, මෙන්ම මෙම තරගකාරී ස්වභාවය හේතුවෙන් මානසික ආතතිය වැඩිවීමයි.
නමුත් කුඩා දරුවන්ට පාසල් යන දරැවන්ට හෘදයාබාධ ඇතිවන්නේ ඉතාමත් කලාතුරකින්.

පසුබිම් වාර්තා – කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි
දිශානි ජයමාලි කරැණාරත්න

විවාහක රොෂාන් මහානාමට වයස 7 පටන් පෙම් කර, තරුණ වියේදී මහානාමගේ ගෙදරට ගිය නිළිය.

රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් විදිහටත් දක්ෂ චරිතයක් තමයි නිරෝෂා පෙරේරා කියන්නේ.
ඇය කාලයක් නිහඬ වෙලා හිටියා.

දැන් ආයෙමත් ඇය ගැන කතාවක් හැමතැනම වගේ පැතිරෙන්න පටන් අරන්.
ඒ තමයි ඇයගේ පුංචි අවදියේ ආදරයක් ගැන.
ඒ සොඳුරු මතකය ගැනත් සැබෑ නොවුනු හීනයක් ගැනත් නිරෝෂා මේ විදිහට කියලා තිබුණා.

අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ

වයස 6දී 7දී විතර ඉඳන් මම ක්ෂේත්‍රට එනතුරා හා ඉන් පසු කාලය දක්වා දිව යන කතාවක් තමයි ඒ රහස.
එතකොට මට වයස අවුරුදු 7ක් විතර ඇති. අපේ තාත්තා ක්‍රිකට්වලට ගොඩක් ලැදි කෙනෙක්.
තාත්තා සා‍ලේ ටී.වී. එකේ මැච් එකක් බලනවා. මමත් නිකමට වගේ එතැනට ගිහින් ටී.වී. එකට එබිලා බැලුවා.
එතකොට හරිම ලස්සන පිරිමි ළමයෙක් බැට් එකක් අරගෙන සෙල්ලම් කරනවා. ඒ වෙද්දී මම ඒ තරම් ලස්සන පිරිමියෙක් දැකලම නැහැ.
මටත් පුදුමයි එයා දැක්කම අවුරුදු හතේදී මට ඇතිවූ හැඟීම ගැන. ඒ හැඟීම මොන වගේද කියලා මට තේරෙන්නේ නැහැ. මම තාත්තාගෙන් ඇහුවා ඒ කවුද කියලා.
“රොෂාන් මහානාම”
තාත්තා උත්තර දුන්නා. ඒ වෙලාවේ ඉඳන් තමයි මම මැච් බලන්න පටන් ගත්තේ. ඔය අතරේ රොෂාන් නැහැ. “රොෂාන් මහානාම
කෝ?” මම තාත්තගෙන් ඇහුවා. “එයා අවුට් වුණා” තාත්තා කිව්වා.
“අවුට් වෙනවා කියන්නේ මොකක්ද?” මම දිගින් දිගටම ප්‍රශ්න කළා.
“ඔයාට ඕන මැච් එක බලන්නද. රොෂාන් බලන්නද?”
තාත්තා ඇහුවේ මගේ හරස් ප්‍රශ්න තාත්තට කරදරයක් හින්දා.
ඊට පස්සේ මම තාත්තගෙන් හරස් ප්‍රශ්න අහන්න ගියේ නැහැ. ක්‍රිකට් ගැන තනියම හොයා බැලුවා. රොෂාන් ගැනත් තොරතුරු හෙව්වා. කාලයක් යද්දී ක්‍රිකට් ගැනයි රොෂාන් ගැනයි ගොඩක් දේ දැනගත්තා. එදා ඉඳන් මම ටී.වී. එකේ මැච් බැලුවා. පත්තරවල ක්‍රිකට් ගැන පළවුණු ලිපි කියෙව්වා.
හැබැයි මම ක්‍රිකට්වලට කැමති නැහැ. රොෂාන්ට තියෙන ආශාවටයි ඒ තොරතුරු හෙව්වේ. අවුරුදු 14 – 15 වෙද්දී ඒ ආශාව උමතුවකට හැරුණා. මගේ මේ “රොෂාන් උමතුව“ ගෙදර අයයි ඉස්කෝ‍ලේ යාළුවොයි දැනගත්තා.
“එයා බැඳලා ළමයිනුත් ඉන්නවා..” යාළුවෝ කිව්වා. ඒත් මගේ උමතුව හොඳ වුණේ නැහැ.
“අපරාදේ අපේ අක්කා ඉපදුන වෙලාවේ මම ඉපදුනා නම් මට කෙළින්ම රොෂාන්ට මගේ කැමැත්ත කියන්න තිබුණා…”
මට එහෙම හිතුණා. මගේ මේ උමතුව හින්දම ගෙදර අය මාව මැච් එකක් බලන්න එක්ක ගියා.
අපේ අයියා කෙනෙක් හිටියා එයා අපිව රොෂාන් ළඟට එක්කරගෙන ගියා. ඔහු හරිම සුහදව අපිට කතා කළා. මෙච්චර කාලයක් ටී.වී.එකේ දැකපු කෙනා ඇත්තටම දකිනකොට මම උමතුවෙන් වගේ ඒ දිහා බලාගෙන හිටියා.
මම ටික ටික තරුණ වයසට ආවා. පිරිමි ළමුන්ගේ ආදර යෝජනා එන කාලෙනේ ඔය. ඒත් මම හෙව්වේ රොෂාන් වගේ කෙනෙක්. ඒ හිනාව ගමන බිමන ටිකක් හරි තියෙනවා නම් මම එයා ගැන උනන්දු වුණා. ඒත් එයා මට ළංවෙද්දී මේ පුද්ගලයා රොෂාන් වගේ නැහැ කියලා හිතුණම මම එයාගේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළා.
වයසත් එක්ක අපි පරිණත වෙනවා. බොළඳ හිත වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මටත් ඒක ‍පොදුයි. පස්සේ මම නිවේදිකාවක් වුණා. දවසක් එක්තරා නාලිකාවක උදේ වැඩසටහන් අතර ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ නිවසට ගිහින් කරන වැඩසටහනකුත් තිබුණා.
එහි පළමු වැඩසටහනේ නිවේදිකාව ලෙස තෝරාගෙන තිබුණේ මාවයි. නිවේදිකාවක් විදිහට හා හා පුරා මට කාගේ ගෙදරට යන්න වෙයිද කියලයි මමත් හිත හිතා හිටියේ.
“ඔයාට තියෙන්නේ රොෂාන් මහානාමගේ ගෙදරට ගිහින් එයාව ඉන්ටවිව් කරන්න…”
නිෂ්පාදකවරයා එහෙම කියනවා මට ඇහුණේ හීනෙන් වගේ. ඊට පස්සේ මම මගේ කුළුඳුල් සම්මුඛ සාකච්ඡාව කළා.
රොෂාන් ඔහුගේ බිරිඳ දරුවෝ මට හමුවුණා. නිවේදිකාවක් විදියට ඒ අය මට සුහදව සැලකුවා. හැබැයි ඒ වේලාවෙත් රොෂාන් එක්ක කතා කරද්දී මොකක්දෝ තිගැස්මක් මගේ හිතේ තිබුණා.

හොරා කාපු හැටි විමල්ට වමාරන්න වෙයි.

මිලියන 75ක් උපයාගත් ආකාරය හෙළිකරන්නට මහාධිකරණයේ නඩු

පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලයේදී උපයාගත් රුපියල් මිලියන 75ක මුදල උපයාගත් ආකාරය පිලිබඳව විමසමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තම සොහොයුරාගේ ටේලර් සාප්පුවේ සහයකයෙක් වශයෙන් ජීවිකාව ආරම්භ කළ විමල් වීරවංශ පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කළේය. ඒ අතරතුර ලක්මිණ, ලක්දිව ආදි පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර, එහිදි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රතිපත්ති පාවාදීමක් මුල්කොට ගනිමින් විමල් වීරවංශ තම පක්‍ෂයෙන් නෙරපනු ලැබීය. ඉන් පසුව තමාගේම පක්‍ෂයක් බිහිකරගෙන මහින්ද රාජපක්‍ෂ රජයට මුක්කුවක් ගැසූ විමල් වීරවංශ හිටපු රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාය. 

මීට පෙර සිදුකළ පරීක්‍ෂණ වලදී තම සහෝදරයන්ට හා ඥාතීන්ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ඉදිකළ නිවාස කුණුකොල්ලයට ලබාදීම සම්බන්ධයෙන්ද විමල් වීරවංශට චෝදනා එල්ල වූ අතර, වීරවංශගේ සොයුරා හට බන්ධනාගාර ගත වන්නට පවා සිදුවිය.

මෙවන් පසුබිමක විමල් වීරවංශ උපයාගත් මිලියන 75ක ආදායම පමණක් නොව, ඔහු ඉදිකර ඇති සුවිශාල මන්දිරයත්, බිරිඳගේ නමට ඇති දේපොල හා වත්කම් ප‍්‍රමාණයත් ඉදිරියේදි ප‍්‍රශ්න කෙරෙනු ඇත.

(විශේෂ වාර්තාකරුවෙක් විසිනි)

උපන් දිනය ගෙදර, ආරාධිතයෝ නැහැ. අපේ ක්‍රිකට් තරුවක් උපන් දිනයට දුප්පතුන් වෙනුවෙන් වැය කරයි. – වීඩියෝ

ඔබ , අප කවුරුත් දන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තම 32වන උපන්දිනය තම නිවසේදී පව්ලේ සමීපතයන් සමග ඉතා චාම් ලෙස සැමරුවා. වෙනත් ක්‍රීඩකයන් හෝටල්වල, විශාල පිරිසකට ලක්ෂ ගණන් වියදම් කර සාදා පවත්වන විට මොහු ඉතා චාම් ලෙස තම උපන්දිනය සැමරුවා.

ඔහු තම උපන්දිනය දා අසරණ පිරිසක් වෙනුවෙන් මුදල් වැය කර උපකාර කර ඇති බවත්, රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකරණ බෙදා දී ඇති බවත් සඳහන්.

ඉතින් කව්ද මේ ක්‍රිකට් තරුව. පහත වීඩියෝවෙන් සියල්ල නරඹන්න.